lan englan tam

පුවත්

සැබෑ අත්දැකීමක් තිර රචනා කර සම්මාන ලැබූ 'ශේෂ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජීවිතය යනු කිසිදා ලියා හෝ කියා අවසන් කළ නොහැකි කතාන්දරයකි.

ඒ කතාන්දර මගේත් ඔබේත් කතාව විය හැකි ය. එබඳු සත්‍ය කතා අසන, දකින ඔබ ඇතැම් විට එය ප්‍රබන්ධ කතාවක් යැයි සිතිය හැකි ය. තවත් සමර විටෙක ඔබ ප්‍රබන්ධ කතාවක් රස විඳ එය සැබෑ කතාවක් යැයි පැවසිය හැකි ය. ඒ තීරණ දෙකෙන් කුමන තීරණයක් වුව ගැනීමේ අයිතිය පවතින්නේ රසික ප්‍රජාව වෙත ය.
එබඳු රසික ප්‍රජාව වෙත සමීපව සිටින සමන්ත කුමාර ගමගේ යනු සැබෑ ජීවිතයේ විවිධ දුක්, කම්කටුලු, හිරිහැර විඳි පුද්ගලයෙකි. ඔහු ලාංකීය ප්‍රේක්ෂක ප්‍රජාව වඩාත් හඳුනන්නේ චරිතාංග නළුවකු ලෙසිනි. නමුදු ඒ නළුවා තුළ ම තවත් කලාකාමී චරිත කිහිපයක් ම සැඟව සිටිති. ඒ එක් චරිතයක් නම් වේදිකා නාට්‍ය පෙළ රචකයා ය. තවකෙක් නම් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයා ය; සම්මානනීය වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයා ය. තෙවැන්නා නම් රූපවාහිනී සහ සිනමා තිර රචකයා ය.
පාසල් වියේ දීම කලා ක්ෂේත්‍රයට පිවිසි සමන්ත කුමාර ගමගේ ලියා අධ්‍යක්ෂණය කරන ලද පළමු වේදිකා නාට්‍ය 1996 වසරේ දී සමස්ත ලංකා පාසල් නාට්‍ය අතුරින් හොඳ ම වේදිකා නාට්‍යයට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නේ ය. මේ 2024 වසරයි. එදා මෙදා තුර ඔහු විසින් රචිත රූපවාහිනී නාට්‍ය පිටපත් සංඛ්‍යාව දහයකි. ඒ අතුරින් ‘‘ගිරිදේව’’ පිටපත සඳහා හෙතෙම හොඳම රූපවාහිනී තිර රචනයට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නේ ය. ඔහුගේ ප්‍රථම සිනමා තිර රචනය ඇසුරෙන් ඉසුරු ගුණතිලක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘ශේෂ’’ සිනමා නිර්මාණය ප්‍රංශයේ පැවති කාන්ස් ලෝක සිනමා සම්මාන උළෙල (Cannes World Film Festival) නියෝජනය කළ අතර එහි දී එම සිනමා නිර්මාණය ‘හොඳ ම නර්තනමය සිනමා නිර්මාණය’ ලෙස සම්මානයට පාත්‍ර විය.
මේ වන විටත් ඔහු විසින් රචිත රූපවාහිනී තිර පිටපත් ඇසුරින් නිර්මාණය කළ රූපවාහිනී නාට්‍ය දෙකක් විකාශනය වෙමින් පවතී. ඒ, චරිත් අබේසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘බඹරෙක් ඇවිත්’’ සහ චන්දන ඉරුගල්බණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘වියළි’’ නමැති රූපවාහිනී නාට්‍ය ද්විත්වය යි.
පහත පළවන්නේ leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සමන්ත කුමාර ගමගේ, සිය තිර රචනා කලාව පිළිබඳ ඉදිරිපත් කළ අදහස් සමුච්චය යි.

සටහන : ජයසිරි අලවත්ත - ලීඩර් ටීවී

Back to top
Go to bottom

Popular News