උමා අසේනි පවසන්නේ තමන් ජීවිතය සම්බන්ධයෙන් විශ්වාස කරන්නේ ජීවිතය යනු ශක්තියක් බවත් එය ජීවිතය අවසන් වූ තැනට තවත් තැනකට ගලා යාම බවත්ය.
තම ජීවිතයේ සෑම මොහොතකම එම ශක්තිය එනම්, සිය පියා තමන්ට අවැසි බව තමන් සොබාදහමෙන් ඉල්ලා සිටින බව ඇය ප්‍රකාශ කළේ 'මිරර් ආට්ස්' මෙවර යූටියුබ් සංවාදයට එක් වෙමිනි. එය ඊයේ දින (15) මිරර් ආට්ස් යූටියුබ් නාලිකාවේ පළ විය.