lan englan tam

පුවත්

ෆ්‍රෙඩී සිල්වාගේ පුතා 'ෆ්‍රෙඩී ජූනියර්' හමු වී තිබේද?

User Rating: 1 / 5

Star ActiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"1996 දී තමයි මම තාත්තා ගාවට ගියේ. ඒ වෙනකොට මම ඉගෙන ගනිමින් හිටියේ කඩවත ප්‍රදේශයේ විදුහලක. මම තාත්තා ගාවට ගිය නිසා ඒ පාසැලෙන් අස්කරගෙන තාත්තා මාව මොරටුව වේල්ස් කුමර විදුහලට ඇතුළත් කළා. තාත්තාට හරි උනන්දුවක් තිබුණා මට සංගීතය උගන්වන්න. තාත්තාගේ සහෝදරයෙක් හිටියා ලාල් සිල්වා කියලා. ඉතින් තාත්තා හැම වෙලාවෙම ලාල් බාප්පට කිව්වා පුතාට මොනවා හරි උගන්වන්න කියලා කියලා. ඒ හින්දා තමයි තාත්තා මට කීබෝඩ් එකක් පවා අරගෙන දුන්නේ. මට හොඳට මතකයි තාත්තා මාවත් එක්කගෙන පිට කොටුවට ගියා. ගිහින් සංගීත භාණ්ඩ තියෙන කඩයකින් කීබෝඩ් එකක් අරගෙන දුන්නා.

ඒ වෙලාවේ මට දැනුණේ පුදුම සතුටක් ඒවගේම තාත්තා ගැන ආදරයක්. තාත්තටත් ඒ විදිහටම සතුටක් ආදරයක් දැනෙන්න ඇති මං ගැන. ඒත් අවාසනාවකට මට තාත්තාගේ උණුසුම ලැබුණේ කෙටි කාලයයි. 2001 අවුරුද්දේදී තාත්තා ජීවිතයෙන් සමුගැනීමත් සමඟ මගේ ජීවිතයත් ආයේ වෙනස් වුණා. ඒ වෙනකොට මම අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගනිමින් හිටියේ. තාත්තාගේ මරණයත් සමඟ මගේ ඉගෙනීම් කටයුතුවලට බාධා ඇතිවුණා. මම ආයෙමත් අම්මා ගාවට ගියා."
ගායන සහ රංගන ශිල්පී ෆ්‍රෙඩී සිල්වාගේ පුත් පවසන්නේ මේ කතාවයි.
ප්‍රගීත් සිල්වා මේ වන විට සංගීත දිවියට එළඹ සිය පියාගේ අනුපූරකයා බවට පත් වී ඇති අතර සරසවිය පුවත්පතේ නයනාංජලි දෙහිපිටිය විසින් ඔහු සමග සාකච්ඡාවට එළඹ තිබිණි.
එම සම්පූර්ණ සංවාදය පහතින් කියවිය හැකිය.

ඡායා : ශාන් රූපස්සර

kemadasa

shungara

Back to top
Go to bottom