lan englan tam

පුවත්

නාවාන විදුහල් පුස්තකාලයට පොතක් දෙන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නිකවැරටිය, නාවාන විදුහලේ පුස්තකාල පොත් සංචිතය වැඩි දියුණු කිරීම මුල් කරගනිමින් සාහිත්‍ය උලෙළක් සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වෙන අතර ඒ සඳහා පොත් පිරිනැමීමෙන් දායක විය හැකි බව එම පාසල පවසයි.

සැප්තැම්බර් 10 වැනිදා හිමිදිරියේ කොළඹින් ගමන පටන් ගන්නා අතර පහත ස්ථානවලදී අතරමගදී පොත් ලබා දීමෙන් මෙම සද් කාර්යයට සහභාගි වීමේ අවස්ථා සැලසී තිබේ.
මත්තේගොඩ, කිරිබත්ගොඩ, මාකොළ, දලුගම, මීගමුව, කොච්චිකඩේ, නාත්තන්ඩිය, කුලියාපිටිය, හෙට්ටිපොළ, වාරියපොළ, ගනේවත්ත, පාදෙනිය, අවුලේගම, නිකවැරටිය, තිඹිරියාව යන ඕනෑම ස්ථානයකදී දරුවන් වෙනුවෙන් පොතක් පරිත්‍යාග කිරීමෙන් මෙම සද්කාර්යයට ඔබටත් දායක විය හැකියි.
පුස්තකාලය සඳහා සරත්ලාල් කුමාර සහ පුබුදු කැළුම් වැලිගම සොයුරන් ලබා දුන් පොත් ඡායාරූපයේ තිබේ. දුරකථන අමතන්න 0710386339

තිඹිරියාගම බණ්ඩාර

Back to top
Go to bottom

Popular News