lan englan tam

පුවත්

ඇතැම් නළු නිළියන් තිරරචකගේ නමවත් දන්නෑ; 'කම්බිලි' තිර රචක නිදුක් මධුෂික

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අමිල කරුණානායක සහ නෙත්මි රොශෙල් රංගනයෙන් දායක වන 'කම්බිලි' චිත්‍රපටය මේ දිනවල සිනමාශාලාවල ප්‍රදර්ශනය වේ. එහි තිර රචකයා වන්නේ නිදුක් මධුෂිකය. බොහෝ ජනප්‍රිය පුවත්පත් නවකතා, ගුවන්විදුලි නාට්‍ය, ටෙලිනාට්‍ය කෙරෙන් ජනාදරයට පත් වූ නිර්මාණ කළ නිදුක් මේ දිනවල 'කම්බිලි' සඳහා ලැබෙන ප්‍රතිචාර මධ්‍යයේ සතුටින් පසු වේ.

'මිරර් ආට්ස්' සමග නිදුක් කළ කතාබහක් පහතින් වේ.

* 'කම්බිලි' ගැන ප්‍රේක්ෂකයෙක් විදිහට නිදුක්ට තියෙන අදහස ප්‍රකාශ කළොත්?
ඒ ප්‍රේක්ෂක අදහස මං නිර්මාණය ඇතුළේම හිටපු ශිල්පියෙක් විදිහට මට ගන්න බැහැ කියලා මං හිතන්නේ.. නිර්මාණයට දායක වුණ කෙනෙක්, ප්‍රේක්ෂකාගාරයේ වාඩි වුණාම එහි සමත්තැන් අසමත් තැන් පේන්න ගන්නවා. තවත් චිත්‍රපටයේ කාලය අඩු කර, සංස්කරණය සිදු වූවා නම් හොඳයි කියන අදහස මා තුළ තියනවා. ඒ කෙසේ වුවත්, මං අත්දැකීම්, පරිකල්පන තුළින් තිර රචනය ගොඩ නගපු මනසින් දැක්ක ඒ සිනමා නිර්මාණය මං රිදී තිරයේ දකිනවා. ප්‍රේක්ෂකයෙක් ලෙස ඒ අත්දැකීම විදිනකොට මට නිහතමානී සතුටක් දැනෙනවා. මං හිතනවා මේ චිත්‍රපටය තිරගත වෙන හරි දේශපාලන මොහොත මේක කියලා. මේ චිත්‍රපයට කියවන ප්‍රේක්ෂකයෙකුට එය වඩා හොදින් දැනෙයි.

* නිදුක් තිර රචකයෙක් වෙන්න කලින් මාධ්‍යවේදියෙක්?
ඔව්, මං මුලින්ම යොමු වුණේ පුවත්පත් කලාවට. අද, තරුණයා, සිරිකත වැනි පුවත්පත්වල විශේෂාංග හා නවකතා රචනා කරන්න මං මුලින්ම යොමු වුණා. ඒක තමයි මේ ක්ෂේත්‍රය තුළ මගේ ඇරඹුම. විවිධ වූ ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් සමග සම්මුඛ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ තුළ මට බොහෝ අත්දැකීම් ලබා ගන්න හැකියාව ලැබුණා. ඒ අත්දැකීම් ඒ දැනහදුනාගැනීම්, තිරරචකයෙකු ලෙස කටයුතු කරන්න පාලමක් බවට පත්වුණා.

* තිර රචනා වෘත්තීයේ ආරම්භය සනිටුහන් කරපු නිර්මාණය ගැන අපි මතක් කරමු?
මං පුවත්පත්වලට ලියූ නවකතා සමගින් මට මුලින්ම ගුවන් විදුලි නාට්‍යය ලියන්න අවස්ථාව ලැබෙනවා. මුලින්ම පටන් ගන්නේ දිවා කාලයේ විකාශය වන ගුවන් විදුලි නාට්‍ය ලියන්න. සිරස ගුවන් විදුලි නාලිකාවේ “මං ආදරෙයි”, ”රන්මුද්දක් හැඩුුවා” වැනි ගුවන් විදුලි නාට්‍ය ලියනවා... ඉන් පසුව හිරු එෆ්එම් නාලිකාවේ ගුවන් විදුලි නාට්‍යය ලියන්න යොමුවුණා. ”සිහින සිත්තරාවි”, ”ආදරේ නාමයෙන්” වසර පහකට වැඩි කාලයක් මේ වන තුරුත් මං හිරු එෆ්එම් දවල් නාට්‍යය රචනා කරමින් ඉන්නවා. එහෙම ගුවන් විදුලි නාට්‍ය ලියමින් ඉන්න අතරේ මං ඒකාංගික ටෙලි නාට්‍යය 4ක් පමණත්, ටෙලි චිත්‍රපට 30කට ආසන්න ප්‍රමාණයක් රචනා කරනවා. ගුවන් විදුලි නාට්‍යත් සමීක්ෂන වාර්තාවල අංක 01 නාට්‍යය බවට පත්වෙනවා. ඒ අතරේදි තමයි ටීවී දෙරණ නාලිකාවේ ටෙලි නාට්‍යය ලියන්න අවස්ථාවක් ලැබෙන්නේ. මුලින්ම මං “ධරණි” නාට්‍යය රචනා කළා. ඉන් අනතුරුව “සැලෙනා නුවන්” හා “ප්‍රාර්ථනා” යන ටෙලිනාට්‍යවල තිරරචනා ශිල්පියා ලෙස මේ වන විට කටයුතු කරනවා.

* මාධ්‍යවේදියෙක් පමණක් වුණ කාලයේ ලියපු දේවල් නිදුක්ට තිර රචකයෙකු වීමට බලපෑවද?
මං තිරරචනා සිදු කරන්නේ මේ සමාජයේ ජීවත් වන විවිධ තරාතිරම්වල විවිධ සමාජමට්ටම්වල මිනිස්න්ගේ ජිවිත ගැන. ඒ ජිවිත විනිවිද දකින්න. ඒ ජිවිතවල හැඩ හුරුකම් තිරයට ගේන්න රචනය සිදුවෙන්නේ මං මේ ජිවිතය තුළ ලබා ගත් අත්දැකීම් වලින්. මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරද්දි මට විශේෂ අවස්ථා හිමිවුණා. උදාහරණ විදිහට කිව්වොත් මං ලංකාවේ බොහෝ බන්ධනාගාරවල සිටින සිරකරුවන් පිළිබද ලිපි සම්පාදනයන් සිදුකළා. එච්අයිවී ආසාදිතයින් ගැන, කලාකරුවන් ගැන බොහෝ ලිපි සම්පාදනය කළා.. එවැනි විවිධ තරාතිරම්වල මිනිසුන් සමගින් මාධ්‍යය වේදියෙකු ලෙස කටයුතු කරන්න හැකිවුණා. ඒ විවිධ තරාතිරම්වල කටයුතු කරන පුද්ගයින්ගේ ජිවින විලාසිතා ගැන මට හොද අවබෝධයක් ලැබුණා. වසර හතක පමණ කාලයක් මං මාධ්‍යවේදියෙකු ලෙසින් පුර්ණකාලිනව කටයුතු කළා. පුවත්පත් ලේඛන කලාවේ සිට ගුවන් විදුලියට, රූපවාහිනියට, සිනමාවට උචිත පරිදි රචනා උපක්‍රම භාවිත කරමින් තිර රචනයන් සිදුකරන්න ඒ දේවල් බලපෑමක් වුණා.

* චිත්‍රපටි තිර රචනය නිදුක්ගෙ හීනයක් කියලා මීට කලින් මාධ්‍යයට කියලා තිබුණා. මේ ගැන ආරාධනාවක් ආපුවාම තිගැස්සුණාද? නැත්නම් කරන තුරු ඉවසිල්ලක් නැති වුණාද?
චිත්‍රපටයකට දායක වීම තමයි මේ ක්ෂේත්‍රයේ කටයුතු කරන ගොඩක් දෙනෙක්ගේ අවසන් බලාපොරොත්තුව. මීට කලිනුත් මං සිනමා තිරපිටපතක් ලියා තිබෙනවා. නමුත් එය සිනමා නිර්මාණයක් බවට පත්වුයේ නැහැ.. මේ “කම්බිලි” තිරපිටපත ලියවෙන්නෙත් චිත්‍රපටය සදහා නිෂ්පාදකවරයෙක්ද නොමැතිව. මා ටීවී දෙරණට රචනා කළ ”ධරණි” ටෙලිනාට්‍යය අවසන්ව, තවත් නාට්‍යයක් පටන් ගන්න කාලපරාසය තුළ ලැබුණ අවස්ථාවෙන්.. මුලින්ම රීමේක් එකක්, (තවත් නිර්මාණයක් ඇසුරෙන් ගොඩ නගන තිරපිටපතක් තමයි ඔවුන් අපේක්ෂා කළේ. නමුත් මට මගේ අදහස වුණේ ස්වතන්ත්‍ර තිරපිටපතක් බවට මෙය පත්විය යුතුයි කියන එක. ඒක අභියෝගයක් කරගෙන මං වැඩ කරන්න පටන් ගත්තා. පෙර මෙන්ම මේ පිටපතත් නිමාවක් වෙයි කියන ලොකු බලාපොරා්තුතුවක් නොතිබුණත්, කැපවීමෙන් හොදින් කරන්න ඕන කියන අදහස තිබුණා. ඒ නිසාම ලියන ඒවා ඉවත් කරමින් නැවත ලියමින් නැවත ලියමින්, ඒ චරිත සමග ලියන මොහොතේ ජිවත් වෙමින්, මගේ පරිකල්පනික ලෝකය ඇතුලේ කතාව ගොඩ නැගුවා. දින දින පිටපත පෝෂනය වුණා. ඒ තුළ මට මේ නිර්මාණය ගැන විශ්වාසය ගොඩ නැගුණා. අනතුරුව මේ චිත්‍රපටය කරන්න නිෂ්පාදකවරයා කැමති වෙන්නේ මේ පිටපත බලලා. ඒ වෙද්දි මං නිෂ්පාදකවරයා හදුනන්නේ නැහැ. "යායු එන්ටටේට්මන්ට්" සමාගමේ නිශාන්ත ගල්හේන මහතා මාව හදුනාගන්නෙත් මේ පිටපත තුළින්. ඒ පිටපත තිරයට ගෙන්න බොහෝ වෙහෙස මහන්සිවු පුද්ගලයෙක් තමයි විධායක නිෂ්පාදනයෙන් දායක වුණ, චම්පික නිශාන්තද සිල්වා මහතා. ඔහුවත් මතක් කල යුතුමයි,ඔවුන් නිසා තමයි ඒ හීනය යථාර්ථයක් වුණේ....

* චිත්‍රපටයේ චරිතය සඳහා නළු නිළියන් තෝරා ගැනීම ගැන නිදුක් සෑහීමකට පත් වෙනවද?
මං තිරරචනයට ලිවීමට යොමුවීමට පෙර,කතා තේමාව,කතා සංකල්පය ආදිය ගොඩ නගලා චරිත නිර්මාණය කිරිම තමයි මුලින්ම කරන්නේ..කැරැක්ටර් බයෝග්‍රැෆි එකක් ගොඩ නගනවා,එහෙම වුණාම මං ලියන පිටපතේ චරිත ගැන මං හොදින් දන්නවා.පිටපත ලියවෙද්දි,මගේ මනසේ චරිත ජිවත් වෙනවා.ගුවන් විදුලිය කියන්නේ ශ්‍රව්‍යය මාධ්‍යයක්,
එහි නාට්‍යය ලියද්දි වුණත් මං ඒ කාර්යය සිදුකරනවා.එය රචනයට පහසු උපක්‍රමයක්,චරිතයක් ගත්තොත් එහි අතීත වර්තමාන අනාගත තොරතුරු සේම ඔහුගේ සියලු හැඩහුරුකම් මං දන්නවා.මං තිරරචනය කරද්දි ඒ චරිතත් මං තිරපිටපත සමගින් ලබා දෙනවා.අධ්‍යක්ෂකවරයාත් නිෂ්පාදකයාත් අතර සාකච්ජා සිදුවෙන්නේ ඉන්පසුව අනෙකුත් ප්‍රායෝගික කාරණා සමගින් ඒ චරිත වෙනස් වෙන්නත් පුළුවන්..නමුත් ඒ චරිත වලට රචකයෙක් ලෙස මගේ මැදිහත්වීම තියනවා.ඒ තුළ හොදම ශිල්පීන් අපි දායක කරගත්තා කියලා මට හිතෙන්නේ..රචකයෙක් ලෙස සමහර අවස්ථා වල ටෙලිනාට්‍යය තුළ නං සිදුකරන්නේ ඒ යෙදාගත් ශිල්පීන් මත රචනය හැඩගස්සා ගැනීමක්.නමුත් මේ සිනමා නිර්මාණය මගේ පලමු තිරපිටපත් දායකත්වය,ඒ තුළ ධර්මප්‍රිය ඩයස්,බිමල් ජයකොඩි,සුජානි මේනකා,සනත්ගුණතිලක, නීටා ප්‍රනාන්දු වැනි ප්‍රවීනයන් එකතු වෙන්නේ...එය සෑහීමකට පත්වන දෙයක්.චිත්‍රපටයට ආලෝකයක්..

* අධ්‍යක්ෂකවරයා ගැන නිදුක්ට තියෙන අත්දැකීම?
මෙහි අධ්‍යක්ෂක වරයා ප්‍රසාද් කළුපහන මට හමුවෙන්නේ මං මාධ්‍යවේදියෙක් ලෙස කටයුතුකරන කාලදි,ඔහුට සිනමා නිර්මාණයක් කිරීමේ බලාපොරොත්තුවක් තිබුණා...ඔහු ගීත රෑපරචනා පමණයි සිදුකර තිබුනේ...ඒ ගීත රූප රචනා කරද්දි ,බොහෝ අවස්ථාවල ඔහු මට ඔහුගේ ගීත රුපරචනා වල තිරරචනය ලියා දෙන්න කියනවා.ඒ කාර්යන් සිද්ද වුණේ වෘත්තිය කාරණයක් විදිහට නෙමෙයි හිතවත් කමට,ඒ තුළ ඔහු ගැන යම් හදුනාගැනීමක් තිබුණා.නමුත් අභියෝගයක් තිබුණා.මං විශ්වාස කරන දේ ,.තිරරචකයා හා අධ්‍යක්ෂකවරයා අතර තමන් කරන කාර්යය ගැන හොද අවබෝධයක් නොතිබුණොත් එය සාර්ථක කරගන්න අපහසුවෙනවා..ප්‍රදාන වශයෙන්ම මේ තුළ සිදුවීම් හතරක් මං දකිනවා.තිරරචනයත් සාර්ථක වෙලා අධ්‍යක්ෂණයත් සාර්ථක වුණොත් එය සාර්ථක නිර්මාණයක්,තිරරචනය අසාර්ථක වෙලා අධ්‍යක්ෂකවරයා අසාර්ථක වුණොත් ඒ නිර්මාණය අසාර්ථක වෙනවා.අනෙකුත් අවස්ථා දෙක තිරරචකයා සාර්ථක වෙලා අධ්‍යක්ෂක වරයා අසාර්ථක වීම හා අධ්‍යක්ෂකවරයා සාර්ථක වෙලා තිරරචනය අසාර්ථක වීම,මෙවන් අවස්ථාවල ගැටලු මතු වෙනවා.මිට රංගන ශිල්පින් දායක කරගැනීමේදිත් අධ්‍යක්ෂක,තිරරචක හා රංගන ශිල්පියාගේ අවබෝධය මත තමයි ප්‍රේක්ෂකයින් ට විශ්වාසනීය චරිතයක් ගෙන එන්න හැකියාව ලැබෙන්නේ..මං විශ්වාස කරන්නේ ඒක.ඒ කාර්යය කතාබහ තුළ බොහෝ අවස්ථාවල අපි කරන්න උත්සහ කළා..

* ඉදිරියේදී නිදුක්ගේ තවත් චිත්‍රපටි එන්න තියෙනවද?
මං තවත් චිත්‍රපට පිටපතක් ලියමින් ඉන්නවා ,එහි බොහෝ ප්‍රමාණයක් මේ වන විට අවසන්.ටෙලිනාට්‍යය තිරරචනයේ කාර්යය බහුලත්වය නිසාම ආරාධනා ලැබුණත් ඒ කටයුත්ත ටිකක් හෙමින් සිද්ද වෙන්නේ..ඉදිරියේදි මේ “කම්බිලි” සිනමා පටයට පාදක වුණ කතාව “නවකතාවක්” ලෙස එලිදක්වන්න බලාපොරොත්තු වෙනවා.මේ වන විට ඒ කාර්යය සිදුකරමින් ඉන්නවා.

* වර්තමානයේ චිත්‍රපටි තිර රචනා කලාව ගැන වර්තමානයේ නිදුක්ට තියෙන අදහස කොහොම එකක්ද?
චිත්‍රපට පමණක් නොවෙයි.මං විශ්වාස කරන විදිහට වේදිකාව,ටෙලිනාට්‍යය,ගුවන් විදුලි නාට්‍යය ආදි සියල්ලන්ගේම ප්‍රභලම සාධකය තිර පිටපත,හිච්කොක් වැනි සිනමා වේදින් පවා කියන්නේ විශිෂ්ඨ චිත්‍රපටයක් නිමකිරිමට ,කරුණු තුනක් අවශයයි කියලා, ඒ කරුණු තුන ඔහු පැහැදිලි කරන්නේ මෙහෙම 01 තිරපිටපත,02පිටපත ,03පිටපත කියලා.මෙවැනි බොහෝ අදහස් තිරරචනය තුළ ඇති ප්‍රභලත්වය ගැන සදහන් කර තිබෙනවා.නමුත් අපේ නිර්මාණ තුළ බොහෝි විට සිද්ද වෙන්නේ තිරරචනය නිමවූ පසු තිරරචකයා ගැන සදහනක්වත් නොකිරීම.සමහර අවස්ථාවල තමන් රංගනයට දායක වු සමහර රංගන ශිල්පින් පවා තිරරචකයාගේ නමවත් නොදන්න අවස්ථාවන් මං දැක තිබෙනවා,එවැනි තත්වයන් තිබෙනවා.තිරරචනා කලාව ගැන විධිමත්ව න්‍යායාත්මක කරුණුවත් ඉගෙන ගන්න අවස්ථාවන් නැහැ..මේ තුළම ස්වාධිනව ඉගෙන ගනිමින් ඉදිරියට යායුතු තත්වයක් මේ තුළ මං දකින්නේ.නිෂ්පාදක වරුන් ,අධ්‍යක්ෂකවරුන්, නිර්මාණ භාරගන්න ආයතන ආදිය තිරරචනයට වැඩි අවධානයක් යොමුකර ,එ් කටයුත්ත සාර්ථකව සිදුකරනවා නං වඩා හොද නිර්මාණ බිහිවෙයි කියන එක මගේ අදහස.

* නිදුක්ගේ වෘත්තීය ජීවිතයේ නැවතුම්පල තිර රචනයද?
මේ වන විට මං පුර්ණකාලීනව තිරරචනය වෘත්තියක් ලෙස සිදුකරන්නේ.වෘත්තියක් කරද්දි මං දකින දේ ඒ තුළ නියැලෙන්න , ආත්ම තෘප්තිය ,ආර්ථිකය හොද මට්ටමක තියෙන්න ඕන.එසේ නොමැති වුණොත් සිදුවන්නේ සිදුකරන වෘත්තිය නීරස වීම.මං මේ වෙද්දි තිරරචනය ආත්ම තෘප්තියක් එක්ක කරන්නේ.එයට මට සැහීමකට පත්විය හැකි මුල්‍යය වටිනාකමක් ලැබෙනවා.නමුත් හැමදාම තිරරචනය වෘත්තියක් ලෙස කරන්න බලාපොරොත්තුවක් නැහැ.තිරරචනය කියන්නේ හැමදාම එකම විදිහට කරන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. නමුත් ලියන එක මං හැමදාම කරයි..මට දැනෙන හැම හැගිමක්ම අකුරු කරන්න උත්සහ කරන කෙනෙක් මම.ඒ අතර මගේ ව්‍යාපාර කටයුත්තකට යොමුවෙන මුලක කටයුතු කරමින් ඉන්නේ...කෙසේ වුවත් අද මං වෘත්තිය තිරරචකයෙක් ලෙස කටයුතු කිරීමේදි,ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ කාංචන දසනායක මහතා,නිබද මග පෙන්වන ටිවි දෙරණ ආයතනයේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා සිහිපත් කල යුතුයි..ඒ වගේම මේ ගමනේදි මට හමුවුණු දිරියක් වුණු, සොදුරු මිනිස්සු වගේම,ඉදිරිය අභියෝගයක් කරන අදුරුදු මිනිස්සුන්ටත් ගොඩක් ස්තූතියි.

සංවාදය : ශිවන්ති ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News