lan englan tam

පුවත්

ගීතා වේදිකාව මාරු කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනියක ලෙස එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය වන බව අද ප්‍රකාශ කළාය.

අද (9) මහනුවර පැවැති සමගි ජන බලවේගයේ ජන රැළියට එක් වෙමින් ඇය මෙසේ සිය දේශපාලන සහයෝගය ප්‍රකාශ කළාය.
මේ වන විට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන ඇය ළමුන් පිළිබඳ සහ කාන්තාවන් පිළිබඳ කාරක සභා රැසක් ඇතුළු තවත් පාර්ලිමේන්තුවේ කාරක සභා කිහිපයක සාමාජිකත්වය දරන්නීය.

Back to top
Go to bottom

Popular News