lan englan tam

පුවත්

සජිත්ගෙන් සංස්කෘතිය වෙනුවෙන් විශේෂ කාර්ය බලකායක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හෙළ ජන සංස්කෘතික ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ද වෙනමම ඒකකයක් ඇති කරන බවත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම රජයේ ආයතන ඒකාබද්ධ කරන බවත් හෙළ ජන සංස්කෘතිය වෙනුවෙන් ජනාධිපති විශේෂ කාර්ය බලකායක් ස්ථාපිත කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි හෙළ ජන සංස්කෘතික සමුළුව (8) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදීය.

මේ අවස්ථාවට ශාන්තිකර්මවේදීන්, ජ්‍යොතිෂ්‍යවේදීන්, අංගම්පොර ශිල්පීන්, නර්තන ශිල්පීන්, විරිදු කණ්ඩායම් ආදී පාරම්පරික ජන සංස්කෘතික කලාවන්හි නියුතු පාර්ශ්වයන් රැසක් එක්ව සිටියේය. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

kemadasa

Back to top
Go to bottom