lan englan tam

පුවත්

ප්‍රේක්ෂකයෝ මෝඩ නැහැ හොඳේ ...

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
විකාශනය වෙමින් පවතින සමහර ටෙලි නාට්යවල ප්රධාන චරිත හිටපු ගමන් කතාව තුළින් අතුරු දහන් වෙනවා ,එතකොට කතාව ලියන කෙනා රහස් පරීක්ෂක episode කීපයක් ලියනවා . නළු නිළියෝ ... පුදුම රඟපෑමක් කරනවා .
ප්රධාන චරිතේ අතුරුදහන් වෙලා ටික කාලෙකින් ආපහු එනවා .
පහුගිය කාලේ දිගට ඇදී ඇදී යන බඩවැල් ටෙලිනාට්යවල Main Characters හුගක් අතුරු දහන් වුනා . ප්රේක්ෂකයොත් බලනවා ඇති හිටපු ගමන් මුං කොහේ යනවද කියලා ...
ඇත්තටම ඒ චරිත රඟපාන නළුවෝ නිළියෝ රට යනවා , එහෙම නැත්තම් වෙනත් වැඩකට දින දීලා ... නැතිනම් පොලු තියල.එහෙමත් නැත්තම් අසනීප වෙලා . ඔන්න ඔයවගේ හේතු ගොඩක් .
'බයිස්කෝප්'කියලා ටෙලියක් පටං ගත්තා ... ඊට පස්සේ මුලින් හිටපු නළු නිළි කැලම මිසින්ග් . වෙන වෙන අය ඇවිත් ... මොනවදෝ වුනා .
පහුගිය කාලේ ඉඳන් හැම ටෙලියකම රඟපාන අයගේ කතා ගොඩයි . 'සර්කස් කාරයෝ','බයිස්කෝප්', 'see you', 'පාරාදීසේ ', 'Main Character' , සහ තවත් එහෙම ඒවා ඇති . ඔක්කොමලා shooting යනවා . රඟ පානවා ...
ලංකාවේ ජනප්රිය බඩවැල් ධාරාව එහෙම වෙනකොට 'වියළි' , 'take care', වගේ සති අන්තේ වෙනම කතා කලාවක් . 'රොන්'කියලා තවත් එකක් යනවා . 'මී මැස්සෝ 'කියලා එකකුත් යනවා .
පොලිටිකල් , මාධ්යවේදියෝ ... මේවා ඇත්ත වගේ හිතුවට දේශපාලනය සහ මාධ්ය කලාවේ අධිපති කතාව හුගක් වෙනස් . ලංකාවේ සමහර ප්රේක්ෂකයන්ට දේශපාලනයත් මාධ්ය බාවිතය පිළිබඳවත් හොඳ අදහසක් තියෙනවා 'මී මැස්සට' වඩා .
ඒ වගේම යුරේණි චාන්දනී කලණ , ධර්මප්රිය , බින්දුහේවා රඟපාන "රීකන්ඩිෂන් කෙල්ල " දිහාත් බලන්නේ ... පිරිමින්ගේ ලිංගික උවමනාව විදහාපාන නිසා ... වෙන්න ඇති . යුරේණි කාලෙකින් ටෙලියක ...
'take care'දැන් ඇදෙනවා ... වැඩියි වගේ ... Episode 30 කුත් ඉවරයි .
බැලු බැල්මට කාන්තා ප්රේක්ෂකාගාරයක් වැඩිපුර ඉන්න නාට්යක් වෙලා තියෙන නිසා ඒක අදින බව දැනෙනවා.එහි අධ්යක්ෂක සහ තිර රචකයා එක් අයෙක් නිසාත් , අඩු නළු නිළියන් ප්රමාණයක් ඉන්නා නිසාත් ... එය එසේ ඉදිරියට ගෙනියාවී .
බඩවැල් ටෙලි එකම රැල්ලේ යනවිට 'take care' රැල්ලකුත් හැදෙන්න ඉඩ තිබුනත් take care නම් කොපි කරන්න බැරි වෙයි ... වගේ හිතෙනවා .
කොහොමවුනත් ටෙලි නාට්ය ලියන කරන මහත්තුරුන් නෝනා මහත්මියන්ට කියන්න වෙන්නේ නළු නිළියෝ රටගියාම හරි මොනවටහරි ගියාම කතාවේ Main Character එක අතුරු දහන් උනා ... අපි එයාව හොයනවා ... සීන් ලියලා ප්රේක්ෂයෝ රවට්ටන්න බැහැ කියලයි .
අනිත් එක කොහෙන් හරි plot එක ගත්තට කමක් නැහැ .. පොළවට ගැලපෙන්න ලියන්න .
ටෙලි නාට්ය කලාව කියලා කිවුවට කලාව ඇතුලෙ තියෙන්නේ හරිම ටිකයි .
ප්රේක්ෂකයෝ බුද්ධිමත් ...
ඒ බව අපිට මේ පාර ජනාධිපති වෙන්නේ කවුද කියන එකෙන් තහවුරු වෙයි. 😊
ලංකාවේ ටෙලි නාට්ය විචාරකයොත් දැන් ප්රේක්ෂකයෝම වෙලා .. ඒ සමාජ මාධ්ය නිසාම .
පොඩ්ඩක් මතක තියාගන්න
ප්රේක්ෂකයෝ මෝඩ නැහැ හොඳේ .... 🙏🙏🙏🙏😊😊😊
 
මනෝහාරී හේවාවසම් විසින් ලියන ලද ෆේස්බුක් සටහනකි.
Back to top
Go to bottom

Popular News