lan englan tam

පුවත්

කලා ආයතන සවිබල ගැන්වීමට සජිත්ගෙන් පොරොන්දුවක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රට පුරා ඇති කලා ආයතන ශක්තිමත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා (08) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති සමගි හෙළ ජන සංස්කෘතික සමුළුව අමතමින් පැවසීය.

ශාන්තිකර්මවේදීන්, ජ්‍යොතිෂ්‍යවේදීන්, අංගම්පොර ශිල්පීන්, නර්තන ශිල්පීන්, විරිදු කණ්ඩායම් ආදී පාරම්පරික ජන සංස්කෘතික කලා කටයුතුවල නියුතු පාර්ශ්ව රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
කලා කටයුතුවල නියැලෙන පාර්ශ්ව වෙනුවෙන් විධිමත් ලියාපදිංචියක් නිර්මාණය කර, අදාළ ක්ෂේත්‍රයේ සියලු දෙනාට හැඳුනුම්පතක් නියම කර, පාර්ලිමේන්තු අනපනත් හරහා නෛතික පිළිගැනීමක් සහ ගෞරවයක් මෙන්ම ඇගයීමක් ලබා දෙන්න කටයුතු කරන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.
ඉපැරණි සංස්කෘතික ක්‍රියාදාම සංචාරක ක්ෂේත්‍රයට බද්ද කිරීම හරහා අප රටට විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකි බවත් මේ පිළිබඳ මෙතෙක් රාජ්‍ය පාලනය කළ නායකයන්ගේ අවධානය යොමු නොවී ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසී ය.

Back to top
Go to bottom

Popular News