lan englan tam

පුවත්

යුවලට විරෝධය - දේශපාලනඥයින්ට වැඳිලි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහනුවර ශ්‍රී දලදා මාලිගාවේ පසුගියදා යුවලක් විසින් ගන්නා ලද මංගල ඡායාරූපයක් හේතුවෙන් එම යුවලට එරෙහිව නීතිමය පියවර ගන්නා තත්ත්වයක් උද්ගතව තිබේ.

කෙසේන්මත්, මෙම තත්ත්වය පිළිබඳව මැදිහත්ව බලමින් එම යුවලට එරෙහිව පමණක් කටයුතු කිරීම සහ ඔවුන් විවේචනය කිරීම පිළිබඳව මාධ්‍යවේදියෙකු ලෙස අදහස් දැක්වීමට සිරස රූපවාහිනියේ සමීර ද සිල්වා කටයුතු කර තිබිණි.
එම සටහන මෙසේය.

 "social media වලට පිං සිද්ධ වෙන්න.මාලිගාව ඇතුළේ ෆොටෝ ගත්ත තරුණ යුවළ පොලිසියට ගෙන්න යනවා.
අද පත්තරවල වල පොල් අකුරෙන් ඒ කතාව.
*විදේශිකයෝ, දේශපාලනඥයෝ හිතේ හැටියට photos ගන්නවා මීඩියා ශෝ දානවා හැමෝම බලාගෙන හිටියා.
මිලියන ගණනක් ඡායාරූප ඇති මිනිස්සු ගත්ත, කැබිනට් පිටින් දිවුරුම් දෙන්නත් පුළුවන් මඟුල්මඩුවත් පාවිච්චි කරන්නත් සුද්දෝ බදාගෙන ෆොටෝ ගන්නවා අර ජොඩුවට නැති වැරැද්දක් කොහොමහරි පැටලෙයි.
මාලිගාවේ ෆොටෝස් ගන්න පුළුවන් බැරි තැන් ලකුණු කරලා තියෙනවා පත්තරවල විදිහට දැන් පොලිසියෙ රාජකාරියට බාදා කරා කියලා කතාවක්ලු දැන් තියෙන්නේ FB එකේ ෆොටෝ යනකන් බාධාවක් වෙලා නෑ මේ රටේ බොහෝ දේ තීරණය වෙන්නේ facebook විවේචන මතද?
නෙල්ලිගල පන්සලේ හාමුදුරුවොත් බොරුවට පටලලා කතාවක් ගොතලා තිබ්බා. මේකෙන් ඔප්පු වෙනවා පැහැදිලිව සංවිධානාත්මකව මේ වැඩේ කරේ කියන එක.
විවාහ වෙච්ච අය මංගල ඇඳුමෙන්ම දළදා මාලිගාවට ඇවිල්ල වැදලා කොච්චර ෆොටෝ අරන්යනවද? ඒක කොච්චර ලස්සනද අපි එහෙම couple ඕන තරම් දැකලා තියෙනවා. ඒ අයව විදේශිකයොත් හරි සතුටින් ෆොටෝ ගන්නවා.
කිසිම තහනමක් කවදාවත් අපි දැකලා නෑ.
මම ඇතුළු මහනුවර ඉපදෙන හැම දරුවෙක්ම වගේ දළදා වහන්සේට පූජා කරලා ජීවිත ය පටන් ගන්න මිනිස්සු නුවර ඉන්නේ. ජීවිතය වටිනාම අවස්ථාවල් වල දළදා වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම බෞද්ධයෝ වගේම මහනුවර මිනිස්සුන්ගේ ආගමේ සහ සංස්කෘතියේ කොටසක්."

Back to top
Go to bottom

Popular News