lan englan tam

පුවත්

'ලක්ෂ්මිය ආවා'!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං පසුගියදා මව්පියන් බවට පත්වීම මේ වන විටම ලෝකයේම අවධානය දිනා ගත් සිදුවීමකි.

ඒ පිළිබඳව බොහෝ දෙනා සතුට පළ කරන අතර ඇගේ හිතවතුන්ගෙන් සහ රසිකයින්ගෙන් සුබ පැතුම් ගලා එමින් තිබේ.
බොලිවුඩයේ මීළඟ වැඩිම අවධානය දිනා ගත් තරු පවුල්වල දියනියක් ලෙස මේ වන විටද දීපිකා සහ රන්වීර්ගේ දියනිය අවධානය දිනා අවසන්ය.
රන්වීර් විසින් දීපිකා නිවසේ ලක්ෂ්මිය (සෞභාග්‍යය) ලෙස නිතර ප්‍රසිද්ධියේ හඳුන්වනු ලබන අතර ඉන්දියාවේ දියනියක ඉපදුණු පසුව නිරායාසයෙන් කියන කතාවක් වන්නේ 'ලක්ෂ්මි ආයි හේ' (ලක්ෂ්මිය ආවා) යනුවෙනි. මොවුන්ගේ දියනියටද බොහෝ රසිකයින් සහ හිත මිතුරන් එසේ පවසනු දක්නට ලැබිණි.

Back to top
Go to bottom

Popular News