lan englan tam

පුවත්

සේනක බටගොඩ, යං අපි සැනසිල්ලේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය ගීත කලාවට සදා ජනප්‍රියතම ගීත ගණනාවක් දායක කළ නිර්මාණවල කොටස්කරුවකු වූ ගායන හා සංගීත ශිල්පී සේනක බටගොඩ සිය දිවි ගමන අවසන් කර තිබේ.

ඔහු විසින් ගායනා කරන ලද ගීත 07ක් ගායනා කිරීම වළකලමින් කොළඹ වාණිජ මහාධිකරණය පසුගිය කාලයේ වාරණයක් නිකුත් කිරීම බෙහෙවින් අවධානයට ලක් වූ අතර ඒ සඳහා අවසන් තීරණයක් නොලැබී ඇති අවස්ථාවක සේනක සිය රසික ප්‍රජාව සහ හිත මිතුරන්ට සමු දී ඇත.
සේනක සමු ගත් මේ මොහොතේ ඔහු ගායනා කළ 'අපි සැනසිල්ලේ' ගීතය සිහියට එන අතර ඔහුට නිවන් සුව කීම හා සමව 'සේනක, යං අපි සැනසිල්ලේ' කීම වඩා උචිත යැයි හැඟේ!
සේනක බටගොඩ ගැයූ ජනප්‍රියතම ගීත කිහිපයක් එම වාරණයට යටත් වෙමින් සේනකට ගායනා කිරීමට වාරණ පනවා තිබිණි.
අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් මා යන ගීත 07 මෙම වාරණයට යටත් වූ අතර සම පද රචනා, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය නිර්මාණය කළ ජනත් කුලතිලකට බුද්ධිමය දේපළ පනත යටතේ ගෙවිය යුතු කර්තෘ භාග නොගෙවීම සම්බන්ධයෙන් මෙම තීරණය ලැබී තිබිණි.
සදා අමතක නොවන ගායක සේනක බටගොඩට වෙනුවෙන් 'මිරර් ආට්ස්' අපි නිවන් සුව පළ කරමු!

 

Back to top
Go to bottom

Popular News