lan englan tam

පුවත්

පොත් පළ කිරීමට දෙන ආධාර ඉහළ දමයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය 2025 සඳහා අත්පිටපත් බාර ගැනීම 2024 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 15 ක්‍රියාත්මක කරන බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පවසයි.


නව මුහුණුවරකින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියේදී ශාස්ත්‍රීය, පර්යේෂණ, නවකතා, කෙටිකතා, පද්‍ය, යොවුන් සාහිත්‍ය සහ ළමා කෘති සඳහා ආධාර දීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා ලබා දෙන ආධාර මුදලද ඉහළ දමන ලද බව ප්‍රකාශ කෙරේ.
එහිදී හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘති සඳහා රුපියල් 150,000ක්, නවකතා සඳහා රුපියල් 100,000ක්, කෙටිකතා සංග්‍රහය සඳහා රුපියල් 100,000ක්, පද්‍ය, යොවුන් සාහිත්‍ය සහ ළමා කෘති සඳහා රුපියල් 75,000ක් පිරි නැමීමට කටයුතු කරන බවත් කෘති සියල්ල 2025 වර්ෂයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් එළි දැක්වීමට අපේක්ෂා කරන බවත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලබයි.

Back to top
Go to bottom

Popular News