lan englan tam

විඩියෝ ගැලරිය

“ඔයා එයාලට කවුරුවත්ම නෙවෙයි” යේශාගේ අලුත්ම ‘Peppermint’ video එක මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"සමහර මිනිස්සුන්ට අපිව ඕන වෙන්නේ එයාලගේ ජීවිත වල කුණාටු කාල වල විතරයි.

එතකොට ඔය කුණාටු කාලෙන් බේරිලා ඉන්න එයාලට අපිව එක්තරා විදිහක අම්බලමක්, නවාතැන්පළක් එහෙම නැත්නම් කූඩාරමක් විතරයි. ඔය කුණාටුව ඉවර උනාට පස්සේ එයාලට අපිව අවශ්‍ය නෑ. එතනින් පස්සේ එක්කෝ එයාලා පිට වෙලා යනවා. එහෙම නැත්නම් එයාල අපිට දුන්න වටිනාකම එතනින් එහාට දෙන්න විදිහක් නෑ කියන එක එයාලා හරිම වේදනාකාරී විදිහට අපිට පෙන්වනවා. ඉතින් ඔයාට කූඩාරමක් වෙන්න අවශ්‍යද?...

මේ ඔබට කතා කරන්නේ යේශා ප්‍රනාන්දු. පාඨකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘ලිලැක්’, ‘පෙපර්මින්ට්’ වැනි කෘතීන් රචනා කළ තරුණ සාහිත්‍ය වේදිනිය තමයි ඇය.

ඉතින් මෙවරත් mirror arts’ යූ ටියුබ් නාලිකාවත් එක්ක එකතු වෙලා ඇය ඉදිරිපත් කරන ‘peppermint’ video මාලාව හරහා අපේම ජීවිත දිහා නැවතත් අලුත්ම ඇහැකින් බලන්න උදවු වෙන අදහස් මාලාවක් ඇය අපත් සමඟ බෙදා ගන්නවා.

මේ අලුත්ම වීඩියෝ එකෙන් ඇය කතා කරන්නේ ආදරය හොයා ගෙන යන ගමනේදී අපිට මුණ ගැහෙන එක් එක් චරිත ගැන. මේ පුද්ගල චරිත කවුද කියලා හරියටම හඳුන ගෙන තමන්ගේ වටිනාකම නැති කර ගන්නේ නැතුව ජීවිතය ඉදිරියට ගෙන යන හැටි ගැන ඇය අපූර්ව ආකාරයකින් විස්තර කරනවා.

පහතින් දක්වලා තියෙන්නේ යේශා ඉදිරිපත් කරන මේ අලුත්ම peppermint video එක. ඔබටත් පුළුවන් දැන් මේ video එකත් එක්ක එකතු වෙන්න.

යේශා ප්‍රනාන්දු  ඉදිරිපත් කරන මේ video මාලාවේ කළින් episodes පහත link හරහා නරඹන්නත් ඔබට පුළුවන්.

ජීවිතය දිහා අලුත් විදිහට බලන්න කැමති අයට 'Peppermint'

මම මගේ හීනය හොයා ගන්නේ කොහොමද?

Bat කරන්නේ නැතුව Match එක දිනන්නේ කොහොමද?

 

kemadasa

shungara

Back to top
Go to bottom