lan englan tam

විඩියෝ ගැලරිය

සංජීව ලෝන්ලියස්ගෙන් වෙනස්ම විදිහක අමු සිංදුවක් “හරිත යෞවනේ”

User Rating: 3 / 5

Star ActiveStar ActiveStar ActiveStar InactiveStar Inactive
 

සංජීව ලෝන්ලියස් ගායන ශිල්පියාව ඔබ හැමෝම දන්නවනේ.

ඔහුටම අනන්‍ය වූ (අමු) සින්දුත් එක්ක මුසුවුණ සංගීතය ඔහුගේ ගීත රසවිදින රසිකයන්ට ලබාදෙන්නේ වෙනස්ම අත්දැකීමක්.

ඔන්න ඔහුගේ තවත් අලුත් ගීතයක් නිකුත් කරලා තියෙනවා.

‘හරිත යෞවනේ’ කියලා නම් කරලා තියෙන මේ ගීතය ගායනයට සංජීවත් එක්ක එකතු වෙන්නේ ප්‍රනීර්ෂා තියාගරාජා.

මේ ගීතයෙන් කතා කරන්නේ ස්වභාවධර්මයට ආදරය කරන ගහකොළත් එක්ක ගත කරන ජීවිතයක උරුමය ගැනයි.

සංජීව  වෙනදා ගායනා කරන ගීත වල තේමාවට වඩා ටිකක් වෙනස් තේමාවක් උනත් (අමු) ගීතයේ රහ මේ ගීතයෙත් හොඳින්ම තියෙනවා. ඒ වගේම සංජීව එක්ක ප්‍රනීර්ෂාගේ හඩත් ගීතයට අරගෙන එන්නේ තවත් අපූර්වත්වයක්.

මේ ගීතය රචනා කරලා තියෙන්නේ චින්තන ධර්මදාස. ගීතයේ සංගීතය සංජීව ලෝන්ලියස් විසින්.

ගීතයේ රූප රචනයේ අධ්‍යක්ෂණය චින්තන ධර්මදාස

මතු දක්වෙන්නේ එම ගීතය ඇතුළත් වීඩියෝවයි.

 

kemadasa

shungara

Back to top
Go to bottom