ප්‍රවීණ කාව්‍ය රචක, නවකතාකරු මංජුල වෙඩිවර්ධන විසින් පද රචනය කළ නවතම ගිතයක් වන “ඇපල ගහයට” දැන් නිකුත් කරලා තියෙනවා.
මේ ගීතය ගායනා කරන්නේ ජිනිදු ප්‍රවීන් (ජින්නා) විසින්. ගීතයේ තනුව සහ සංගීතය නිර්මාණය කරලා තිබෙන්නේත් ඔහු විසින්.
මේ ගීතයේ පද පේළි වල යම් කාව්‍යාත්මක රසයක් තියෙන බව දැනෙනවා.
ඉතින්, මේ කාව්‍යාත්මක පද පේළි වලට ජින්නාගේ හඩ සහ අපූර්ව භාවාත්මක සංගීතය මුසු උනහම නිර්මාණය වෙන්නේ හදවතට දැනෙනෙ අපූර්ව රසයක්.
මෙහි රූප රචනයත් හරිම වෙනස් එකක්. ප්‍රේක්ෂකයාට නැවත හිතන්න විවිධ සංකේත, සංඥා මේ රූප රචනය පුරාම එකතු කරළා තියෙන හැටි දැක ගන්න පුළුවන්.
ඉතින් තමන්ගේ මනෝ ලෝකයේ තමන් කැමති විදිහට අර්ථයක් නිර්මාණය කර ගන්න මේ ගීතය දැන් ඔබට භාරයි.
ගීතයේ රූප රචනය අධ්‍යක්ෂණය කළේ ධනුෂ්ක විජේසූරිය විසින්.
මතු දැක්වෙන්නේ ගීතය සහ රූප රචනය ඇතුළත් වීඩියෝවයි.










