සිනමා කරුවා කිසිම විටෙක සිය චිත්‍රපට පිළිබඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට මැදිහත් නොවිය යුතු බව ද,
ඊට හේතුව වන්නේ සිනමා කරුවාට වඩා සිනමා කෘතිය විශාල නිසා බව සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ පවසනවා.
එමෙන්ම තමන් පසුගිය අවුරුදු 30 පුරාම සිය චිත්‍රපට පිළිබඳව විචාර වලට ප්‍රතිචාර දක්වන්නට හෝ පිළිතුරු ලියන්නට කටයුතු නොකළ බවත් ඔහු පවසනවා.
ප්‍රසන්න විතානගේ මෙම අදහස් දැක්වීම සිදු කළේ පසුගිය ඉරිදා (07) කළුතර පියවර කොළකැද පුස්තකාලයේදී පැවැත්වුණ ඔහු විසින් අධ්‍යක්ෂණය හා තිර රචනය කළ සම්මානනීය සිනමා කෘතිය 'පැරඩයිස්' ප්‍රදර්ශනය හා සංවාදය සමග එක්වෙමින්, අවසානයේ සිදු කළ කෙටි අදහස් දැක්වීමේදීයි.
මෙම චිත්‍රපට ප්‍රදර්ශනය හා සංවාදය “පියවර සාමූහිකය” විසින් සංවිධානය කොට තිබූ අතර 'පැරඩයිස්' චිත්‍රපටය පිළිබඳව මූලික අදහස් දැක්වීම සිනමා ලේඛක ජීවන්ත දයානන්ද විසින් සිදු කළා. වැඩසටහන මෙහෙයවූයේ මන්දස්මිතා මුදුතෙපුලි විසිනි.
මෙදින ප්‍රසන්න විතානගේ විසින් සිදු කල අදහස් දැක්වීම පහත වීඩියෝව හරහා පිවිසෙමින් ඔබට නැරඹිය හැකි අතර, මෙදින 'පැරඩයිස්' චිත්‍රපටය පිළිබඳව සිනමා ලේඛක ජීවන්ත දයානන්ද විසින් ඉදිරිපත් කළ අදහස් දැක්වීම ඇතුළු ප්‍රේක්ෂක අදහස් ඇතුලත් සංවාදයන් දැන් ඔබට ‘Don Maya Unedited Literature Sinhala’ යූ ටියුබ් නාලිකාවට පිවිසීමෙන් නැරඹිය හැකියි.
මූලාශ්‍රය - ‘Don Maya Unedited Literature Sinhala’ යූ ටියුබ් නාළිකාව ඇසුරිනි.











