අද දවසේ කාන්තාවකට පොතේ පතේ දැනුම පමණක් නොව ප්‍රායෝගික හා සමාජ දැනුමද අත්‍යවශ්‍ය බව දුලීකා මාරපන පවසනවා. තම ජීවිතය ඉදිරියට ගෙන යාමට, විවාහ ජීවිතයට මෙන්ම රැකියාවක් කිරීමේදී පවා තමන් තුළ පවතින සමාජ දැනුම අතිශය වැදගත් බව ඇය පවසනවා.
ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපන මේ අදහස් බෙදා හදා ගත්තේ මෙවර “Dil Unscripted” යූ ටියුබ් නාලිකාව සමග කතාබහකට එක්වෙමින්.
දුලීකාගේ ජීවන ගමනේ සන්ධිස්ථානයන් සොයා ගිය මෙවර කතාබහ බෙහෙවින් උනන්දුව දනවන සුළු වූයේ, ඇය සිය ජීවන අත්දැකීම් ඇසුරින් ගෙනහැර දැක්වූ අපූර්ව අදහස් නිසාවෙන්මයි.
ඇතැම් විට දෙමවුපියන් පවා විරුද්ධ වුවද, සිය දක්ෂතාව කුමක්ද යන්න නිවැරදිව හඳුනාගෙන ඒ ඔස්සේ අභියෝගාත්මක ගමනක නිරත වී සිය ජීවිතය වඩාත් සාර්ථකත්වයට පත් කර ගත් චරිතයකට දුලීකා මනා නිදසුනක්.
මේ කතාබහේදී ඇය දෙමවුපියන්ට ද අපූර්ව පණිවිඩයක් ලබා දුන්නා. ඒ තමන්ට අත්දකින්නට බැරි වූ සිහින සිය දරුවන් තුළින් දකින්නට යන්නට එපා යනුවෙනි. ඒ වෙනුවට දරුවන්ගේ දක්ෂතාවන් හඳුනාගෙන ඔවුනට ඉදිරියට යාමට අවස්ථාව සලසා දෙන ලෙසයි ඇගේ යෝජනාව.
ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙන්නට මේ කතාබහ නරඹන ඔබට දුලීකාගේ ජීවන අත්දැකීම් අතිශය වැදගත් වනු ඇති බවයි අපගේ හැඟීම.
ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපන සහභාගී වූ සම්පූර්ණ කතාබහ දැන් ඔබට ‘Dil Unscripted’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.
කතාබහ මෙහෙයවූයේ නිශාන්ති දිල්රුක්ෂි විසින්.
වීඩියෝව නරඹන්න පහළින් >>











