lan englan tam

විඩියෝ ගැලරිය

2026 ආරම්භයේ ඔබ හමුවට එන ‘මලකි දුවේ නුඹ’ චිත්‍රපටයේ නිල තේමා ගීතය දැන් නිකුත් උනා! (Video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2026 වසර ආරම්භයේ තිර ගත වීමට නියමිත, කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ යන දෙසොහොයුරන් විසින් අධ්‍යක්ෂණය කළ ‘මලකි දුවේ නුඹ’චිත්‍රපටයේ නිල තේමා ගීතය දැන් නිකුත් කොට තිබෙනවා.

ප්‍රවීණ ගේයපද රචක කුලරත්න ආරියවංශයන් ලියූ මේ ගීතයේ ගායනා කරන්නේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ ගායන ශිල්පිනියක වන ශෂිකා නිසංසලා විසින්.

ගීතයේ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සිදු කොට තිබෙනවා.

චිත්‍රපටයේ තේමා ගීතය නිකුත් කරමින් මේ පිළිබඳව අපූර්ව සටහනක් ද ආචාර්ය රෝහණ වීරසිංහ විසින් තබා තිබුණා.

ඒ මේ අයුරින්,

"පිය සෙනෙහස ලබන්නට නොහැකිවූ දැරියකගේ මානසික ආතතියට පිළියම් සොයමින් ඇයගේ මුදුමොළොක් සිත සුවපත් කොට සනසා ඇයට ලංවන්නටත්, ඇය අපේක්ෂා කරන ඒ අව්‍යාජ උණුසුම් පිය සෙනෙහස පුද කරන්නටත් වෑයම් දරන සත්පුරුෂයෙකුගේ හැඟුම් බර කතාව තේමාව කොටගත් "මලකි දුවේ නුඹ" සිනමා කෘතියේ තේමා ගීතයයි මේ අද ඔබවෙත තිළීණ කරන්නේ.

ප්‍රවීණ ගේයපද රචක කුලරත්න ආරියවංශයන් ලියූ මේ ගීතය ඉතා හැඟුම් බරව ගයන්නේ විශාරද ශෂිකා නිසංසලා ප්‍රවීණ ගායනවේදිනිය වන අතර අද තරුණ පරපුරේ විශිෂ්ට සිනමා නිර්මාණකරුවන් දෙපලක් වන කල්පන/ වින්දන ආරියවංශ සොයුරන්ගේ මේ නවතම සිනමා කෘතිය 2026 වසර ආරම්භයේ සිට තිරගත වීමට නියමිතය . "

. “මලකි දුවේ නුඹ” චිත්‍රපට තේමා ගීතය නරඹන්න පිවිසෙන පහළින්.

“මලකි දුවේ නුඹ” චිත්‍රපටය පිළිබඳව වැඩි විස්තර සඳහා කියවන්න - ‘මලකි දුවේ නුඹ’ 2026 ආරම්භය සමගින් රිදී තිරයට!

 

 

kemadasa

shungara

Back to top
Go to bottom