lan englan tam

'ඉඩ්ලී - චිකන්' සම ජාන්වී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

වගේ 'ඉඩ්ලී' ඉන්දීය ආහාරවල දකුණු ඉන්දීයයන් වැඩියෙන් ආහාරයට ගන්නා නිර්මාංශ ආහාර ගණයට අයත් ආහාරයකි. කුකුල් මස් යනු මාංශමය ආහාරයක් වේ. මේ දෙක එකට ආහාරයට ගැනීම කිසිසේත්ම එකට සිදු වන දෙයක් නොවන අතර එවැන්නක් පසුගියදා බොලිවුඩයේ ජනප්‍රිය නිළි ජාන්වී කපූර්ගේ නිවසේදී සිදු විය.

ඒ ඉන්දියාවේ ඉතා ජනප්‍රිය ආහාර පිළිබඳව සාකච්ඡා කෙරෙන වැඩසටහනක් වන 'කර්ලි ටේල්ස්' වෙනුවෙනි.
ජනප්‍රිය යූටියුබ් නිවේදිකාවක් වන කමියා ජාන් විසින් මෙහෙයවනු ලබන මෙම වැඩසටහන සඳහා ජාන්වී තෝඅරාගෙන තිබූ අතර ඇගේ ආහාර රටාව ජාන්වී විසින් පැහැදිලි කරනු ලැබුවේද 'ඉඩ්ලී සහ චිකන් කරි' වැනි දෙයක් ලෙසය.
ජාන්වීගේ පියා පන්ජාබි ජාතිකයෙකු වන ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් වන අතර මව ශ්‍රී දේවී දකුණු ඉන්දීය ජාතික නිළියක් සහ බෙහෙවින් එවැනි ආහාර ප්‍රිය කළ තැනැත්තියක් වේ. එහෙයින් ජාන්වීද එවැනි සම්මිශ්‍රණය වූ තැනැත්තියක් වන අතර ඇගේ ආහාර රටාවද එසේ වන බව ඇය කමියා සමග පවසන්නීය.
ජාන්වී අනෙක් නිළියන් මෙන් නිවසෙන් පිටත ආහාර ගැනීමට යොමු නොවී සිය නිවසේම මෙම ආහාර ගැනීම සූදානම් කර තිබූ අතර ඇය නිවසේ ඇඳ සිටින පිජාමා ඇඳුමෙන්ම සැරසී එම වැඩසටහනට සහභාගි වීමද කමියා එහිදී අගය කිරීමට ලක් කළාය.

Back to top
Go to bottom

Popular News