lan englan tam

පුවත්

Oppenheimerට ඇකඩමි සම්මාන 07ක් 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

හොලිවුඩයේ මෙන්ම ලෝක මට්ටමින්ද විශාල ජනතාවක් නරඹන 'මහා සිනමා මංගල්‍යය' ලෙස හඳුන්වන 'ඇකඩමි අවෝඩ්ස්' එනම්, 96 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ නාමයෝජනා අතර ප්‍රමුඛතාව ලබා සිටි Oප්පෙන්හේමෙර් චිත්‍රපටය හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 07ක් ලබා ගනිමින් කීර්තිය ප්‍රකට කළේය.

2023දී එළිදැක්වුණු හොඳම චිත්‍රපට සඳහා ලබා දෙන සම්මාන ප්‍රදානෝත්සවය කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හි ඩොල්බි රඟහලේදී පැවැත්විණි.
 
openhymer oscar 1
 
ක්‍රිස්ටෝපර් නෝලන්ගේ 'ඕපන්හයිමර්' සහ ග්‍රේටා ගර්වින්ගේ 'බාර්බි' චිත්‍රපට පසුගිය වසරේ බෙහෙවින් වාණිජමය වශයෙන් සාර්ථක වූ ඒවා වන අතර ඕපන් හයිමර් 13 වරක් සම්මාන අංශ සඳහා නිර්දේශ වී තිබිණි.
 
බාර්බි චිත්‍රපටය සඳහා නාම යෝජනා 08ක් තිබූ අතර මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදීද විශිෂ්ටතම සිනමාපටය ඇතුළු සම්මාන පහක් ක්‍රිස්ටෝෆර් නෝලන් විසින් නිර්මාණය කෙරුණු සුවිසල් චරිතාපදාන ත්‍රාසජනක චිත්‍රපටය වන 'ඕපන්හයිමර්' වෙත හිමි විය.
 
openhymer oscar 2
Back to top
Go to bottom

Popular News