lan englan tam

පුවත්

යළි හමු වූ 'අඹ යහළුවෝ'  

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'අඹ යහළුවෝ' යැයි කී පමණින් මතකයට නැගෙන්නේ ටී.බී. ඉලංගරත්නයන්ගේ 'අඹ යහළුවෝ' කෘතියට පෙර ඒ ඇසුරින් නිර්මාණය කෙරුණු ටෙලි නාට්‍යයයි.

ඒ සමගම සිහියට නැගෙන පළමු දෙදෙනා වන්නේ එම නාට්‍යයේ ප්‍රධාන චරිත දෙක වන 'සුනිල් හා නිමල්'ය.

මෙම චරිත රඟපෑ නළුවන් දෙපළ වන රසික පෙරේරා සහ අශේන් මංජුල පසුගිය සතියේ (09) ජාතික රූපවාහිනියේ 'ශනිදා ආයුබෝවන්' වැඩසටහනට සහභාගි වූයේ අඹ යහළුවෝ ටෙලි නාට්‍යය වසර 36ක් සපුරා තිබියදීය. 

'අඹ යහළුවෝ' කෘතිය, ටෙලි නාට්‍යය හා එහි රඟපෑම පිළිබඳ මතක අශේන් සහ රසික ඉතා මිත්‍රත්වයෙන් බෙදාගත්තේ ඒ ගැන ඇති මතකය ප්‍රේක්ෂකයන්ට මෙන්ම තමන්ටද ඉතා වටිනා එකක් බව සිහිපත් කරමිනි. 
 
වසර 36 ඉක්මවා ගියද අදටත් තමන්ට නාට්‍යයේ ජවනිකා නරඹන තමන්ටද දැනෙන්නේ කම්පනයක් බව 'ශනිදා ආයුබෝවන්' පූරක නිලාර් එන්. කාසිම් එහිදී ප්‍රකාශ කළේය.
 
Back to top
Go to bottom

Popular News