lan englan tam

පුවත්

ඉලයරාජා චරිත කතාව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉන්දීය සිනමාවේ මහා ගාන්ධර්ව ඉලයරාජාගේ චරිත කතාව චිත්‍රපට නිර්මාණයක් ලෙස එළි දැකීමට ආසන්න අතර එහි ප්‍රධාන චරිත රඟපාන ධනුෂ් පෙනී සිටින පෝස්ටරයක් මෑතකදී එළිදැක්විණි. 

අරුන් මතීෂ්වරන් විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය දෙමළ සිනමා කර්මාන්තයේ වඩාත්ම බලාපොරොත්තු තැබූ නිර්මාණයක් වන්නේය.
ඉලයරාජා කීර්තිමත් ඉන්දීය සංගීතඥයා පසුගියදා බෙහෙවින් අවධානයට ලක් වූයේ සිය දියනියගේ හදිසි වියෝවත් සමගය. එසේම මිය ගිය ඔහුගේ දියනිය භවතරිනිද සංගීත ශිල්පිනියකි. 
තම වෘත්තීය ජීවිතය තුළ බොහෝ පිළිගැනීම් ලැබූ මෙම සංගීතවේදියා යනු දෙමළ කර්මාන්තයේ ඉතා ගෞරවයට පාත්‍ර වූ නිර්මාණකරුවෙකි.
ඔහු තම සංගීත ප්‍රතිභාව විශිෂ්ට ලෙස දැනෙන, අලංකාර සහ සන්සුන් ගීත රාශියක් නිෂ්පාදනය කර ඇති මහා ගාන්ධර්වයකු ලෙස ලෝකයේ බොහෝ දෙනෙකු මේ වන විට පිළිගනී. ශ්‍රී ලංකාව තුළද ඔහුගේ රසිකයින් බොහෝ වන්නේය.
කොලිවුඩයේ ශ්‍රී ලාංකික සිනමාකරු බාලු මහේන්ද්‍රන්ගේ ඛේදාන්ත සිනමා පටය වන 'සද්මා'හි සංගීතඥයා වන්නේද ඉලයරාජා වේ.

Back to top
Go to bottom

Popular News