lan englan tam

පුවත්

ස්වර්ණ පුස්තක සම්මාන 2024 අවසන් වටය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන 'ස්වර්ණ පුස්තක සම්මාන 2024' අවසන් වටය සඳහා නිර්දේශිත කෘති පහ ප්‍රසිද්ධියට පත් කර ඇත.

අවසන් වටයට නිර්දේශිත කෘති පහ සඳහාම සම්මාන සහ රුපියල් ලක්ෂය බැගින් වූ මුදලක් හිමි වන අතර ප්‍රශස්තම කෘතිය සඳහා ස්වර්ණ පුස්තක සම්මානය සහ රුපියල් ලක්ෂ හතහමාරක මුදලක් හිමි වේ. ඒ අනුව ජයග්‍රාහි කෘතිය සඳහා ලක්ෂ අටහමාරක මුදලක් හිමිවේ.
ස්වර්ණ පුස්තක සම්මාන උලෙළෙහි විශේෂත්වය වන්නේ අදාළ කෘති ප්‍රකාශයට පත් කළ ප්‍රකාශන ආයතනද ඇගයීමට ලක් කිරීමය. ඒ අනුව අදාළ කෘති ප්‍රකාශයට පත් කළ ප්‍රකාශන ආයතන සඳහාද සම්මාන හිමි වේ.
මෙවර අවසන් වටය සඳහා නිර්දේශිත කෘති, කතුවර කතුවරියන් සහ ප්‍රකාශන ආයතන පහත පරිදිය.

එරික් ඉලයප්පාරච්චිගේ තිවංක කතාව (ගොඩගේ සහෝදරයෝ), මලික් තුසිත ගුණරත්නගේ සිල්වර් ටිප්ස් (සූරිය ප්‍රකාශකයෝ), විරාජිනී තෙන්නකෝන්ගේ කැමෙලියා (සරසවි ප්‍රකාශන), මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මැයි මාර ප්‍රසංගය (සන්ථව ප්‍රකාශන), ලියනගේ අමරකීර්තිගේ කැළලිකාරයෝ (විදර්ශන ප්‍රකාශන)

සටහන : ජයසිරි අලවත්ත

Back to top
Go to bottom

Popular News