lan englan tam

පුවත්

සීමා නැති කලාකම

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කලාකරුවකු තුළ තිබිය යුතු නිහතමානීත්වය සහ නොපසුබටකම සහිත කලාකරුවෙකු ලෙස ජනප්‍රිය රංගන ශිල්පී මිහිර සිරිතිලක හඳුන්වමින් ඒ සඳහා උදාහරණ සැපයීමට කලාකරු ධම්මික සම්පත් බණ්ඩිහෙට්ටිගේ කටයුතු කර තිබිණි.

ඒ අදාළ ඡායාරූපය සමග ඔහු පළ කර තිබූ සටහනයි.

පසුගිය දවසක වෙිදිකා නාට්‍යයක් අතරතුර තිරයෙන් පිටුපස දැක්ක පුංචි සිද්ධියක් මෙික. පුංචි උනාට ඒකෙන් කාගෙ හරි ජීවිතේට උකහා ගන්න දෙයක් තියෙයි කියලා හිතලා මම පිංතූරයක් ගහ ගත්තා.
සාමාන්‍යයෙන් වෙිදිකා නාට්‍යයක වෙනම මකෙඋප් ශිල්පියෙක් ඉන්නවා. නමුත් එදා ඒ ශිල්පියාට බොහොම අත්‍යාවශ්‍ය කාරණාවක් වෙනුවෙන් වැඩෙි අතරතුර මදකට බැහැරට යන්න සිද්ධ උනා.
ඉතිං දෙවැනි නාට්‍ය දර්ශනයට ප්‍රථම අංග රචනා සහ රෑප රචනා වල යම් යම් අඩුපාඩුකම් සකසා ගැනීමට අවශ්‍ය උනා.
ඉතිං ඒ මොහොතේ නිහතමානීව ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුනු එම නාට්‍යයේම රංගන ශිල්පියෙක් වන මිහිර සිරිතිලක එම තාර්‍යය නොපිරිහෙලා ඉටු කරලා දුන්නා.
මෙහිදී ආදර්ශයට ගත හැකි කාරණා දෙකක් මම දකිනවා.
* තමන් නියැලෙන ක්ෂෙත්‍රයට අදාළ සෙසු ශිල්පයන් පිළිබඳව ඇති මනා දැණුම අවබෝධය.
* තමන්ගේ කොටස විතරක් කරලා පැත්තකට වෙන්නෙ නැතුව ... කරන රාජකාරිය සාමූහික ප්‍රයත්නයක් සේ දැකලා අන්‍යයන්ගේ රාජකාරි වලටත් හැකි පමණින් දායකත්වය ලබාදීමට නොපැකිලව ඉදිරිපත් වීම.

Back to top
Go to bottom

Popular News