lan englan tam

පුවත්

අභී 'ඉර අල්ලයි'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'සපත්නීරෝෂයක්' ගීතය රචනා කරමින් ගායනා කළ විශාරද අභිෂේකා විමලවීර සිය ජීවිතයේ 'ඉර ඇල්ලුවා' වැනි හැඟීමක් සහිතව සිටින බව පවසන්නීය.


එයට හේතුව ලෙස ඇය දක්වන්නේ විශාරද නන්දා මාලිනිය සමග ගීතයක් ගායනා කිරීමට ඇය ලද වටිනා අවස්ථාවය.
අභිෂේකාගේ අව්‍යාජ අදහස ඒ සම්බන්ධයෙන් ඇය මෙසේ සටහන් කරයි.

 
මිනිස්සුන්ට ජීවිතේ හීන තියෙනවා...
ඒවා හැබෑ කරගත්තම මිනිස්සු සතුටු වෙනවා.
හැබැයි දවසක ඉර අල්ලන්න ඕනෙ වගේ හීන මිනිස්සුන්ගෙ හීන list එකේ නෑ.මොකද ඒව වෙන්න බැරි දේවල්.චූටි කාලෙ ඉදලා මමත් පුංචි පුංචි හීන දැක්කා.සමහර ඒව හැබෑ කර ගත්තා.
හැබැයි මේ හීනෙ මම දැක්කෙ නෑ.මොකද මේක ඉර අල්ලනවා වගේ වැඩක්.
දේශයේ යශෝරාවය වෙන සදාහරිත ආචාර්ය නන්දා මාලිනිය එක්ක ගීයක් ගැයීමට ලැබීම ඇත්තටම මගේ හීන ලැයිස්තුවේ තිබුණෙ නැහැ.
මගේ ජීවිතේ මට මුණගැහුණු සුන්දරම මිනිස්සුන්ගෙ list එකේ උඩින්ම ඉන්න අතිදක්ෂ සංගීතවේදියා...සහෝදරයා..
ගීත ගායනා කරන්න කම්මැලි වුණත් ඉතා මධුර හඩක් හිමි රසවතා,මේ හැමදේටම වඩා මා දුටු අනතිමානී මිතුරා ..ඉන්ද්රජිත් මිරිහාන අයියා..
ඉර අල්ලන්න පුළුවන් බව මට කියා දුන්නෙ ඔබ.
අයියේ ඔබට ස්තූති කරන්න මට වචන නැහැ.
මේ තරම් වෙනස් වැඩක හවුල්කරුවන් වෙන සාරංග දිසාසේකර අයියා, ඩිනක්ෂි නංගී, රෙබෙකා නංගී,අනුෂ්ක මල්ලී,සසංක මල්ලී ඇතුළු කණ්ඩායමටත් ස්තූතියි..
ඉතින්..හැමදාම පරිස්සමෙන් ඉන්න.
TAKE CARE..
මං ,
අභී!
Back to top
Go to bottom

Popular News