lan englan tam

පුවත්

ළමා පිටියෙන් ආ - දියනියට මුල් තැන දෙන කලාකාරියක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ළමා පිටියෙන් ළමා නිවේදිකාවක් හැටියට කලා කටයුතුවලට යොමු වුණ හිමාලි සයුරංගි යනු වර්තමානයේ ශ්‍රී ලංකාවේ කලා කටයුතුවලට නැතුවම බැරි මුහුණක් බවට පත් වී තිබේ.

තමන් යොමු වන කලා කටයුතු ඇසුරෙන් වැඩියෙන්ම කැමැත්ත දක්වන ක්ෂේත්‍රය රංගනය බව පවසන ඇය නිවේදිකාවක වීම යනු ඉතා වගකීමෙන් කළ යුතු රාජකාරියක් ලෙස පවසයි.

දෙරණ නාලිකාවේ විකාශය වන 'දෙවෙනි ඉනිම' නාට්‍යයේ මවගේ චරිතයට බෙහෙවින් ආදරය කරන හිමාලි මවක ලෙස සිය දියනියගේ කටයුතුවලට බෙහෙවින් මුල් තැන දී කටයුතු කරන බවත් දරුවා සමග කාලය ගත කිරීමට හැම විටම කටයුතු කරන බවත් පවසන්නීය.
සරසවිය පුවත්පත වෙනුවෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථි තිලක්ෂි රත්නායක සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඇය මේ බව පවසා තිබිණි.

Back to top
Go to bottom

Popular News