මාධවී වත්සලා කලා ශිල්පිනිය නුදුරේදී පුත්‍රයෙකුගේ මව් වීමට පෙරුම් පුරන බව බොහෝ දෙනෙකු දන්නා කරුණක් වන අතර ඈ සඳහා මේ දිනවල සෑම දිනකම විවිධ සැමරුම් උදා කර දීමට ඇයට හා ඇගේ පවුලට ආදරය කරන බොහෝ දෙනෙකු ඉදිරිපත් වී තිබේ.
ඇයට සෑම දිනකම රසවත් ආහාර, ඇඳුම් පැළඳුම්, අලුත් බිළිඳාට අවශ්‍ය දේ ත්‍යාග වශයෙන් ලැබෙන බව පෙනෙන්නට ඇති අතර මේ සෑම දෙයක්ම මාධවී සැමරුමක් කොට තබාගෙන තිබේ.
බොහෝ අවස්ථා ඇය සිය හිත මිතුරන් සහ රසික ප්‍රජාව අතර බෙදා ගනිමින්ද තිබේ.
මේ මාධවී ඇගේ මවක වීමට පෙරුම් පුරන දින ගැන ඇය දක්වන අදහසයි.
අහිමිවීම්වලින් හෙම්බත් වූ තම ජීවිතයට සැනසුම දුන්නාට සිය සැමියාටද මාධවී ස්තුති කරමින් ඇය මේ බව පවසයි.
"මම කොටහලු වුනාම අම්මා අප්පච්චිත් සැමරුවා නම් අම්මාකමේ හැම දවසක්ම ඔව් මම සමරන්නම ඕනෙ!!! 🥰 අහිමිවීම්වලින් හෙම්බත් වෙච්ච ජීවිතේට මීට වඩා සැනසුම්සහගත ලැබීමක් මට ලැබිලාම නෑ. ස්තූතියි කසුන් මහේන්ද්‍ර හීනටිගල!