lan englan tam

පුවත්

නෙත්මි ෂූටින්වලදි අමිලගෙ කම්මුල රතු කරලා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"දාහතර වැනි වතාවට තමයි එයා මගේ කම්මුලට හරියට ගැහුවේ. ගහන හැම වතාවකම කණ්ඩායමේ කට්ටිය පහයි, හයයි, හතයි කියලා ගණන් කළා. අවසාන වතාවට ගහන්න කලින් "අනේ නංගි හෙමින් ගහන්න... දැන්නම් ඇති" කියලා මට කියවුණා. ඒ වගේ සුන්දර අත්දැකීම් බොහොමයක් කම්බිලි චිත්‍රපටයේ තිබුණා." යැයි පවසන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන අමිල කරුණානායකය.

පසුගියදා තිර ප්‍රදර්ශනය ඇරඹූ 'කම්බිලි' චිත්‍රපටයේ රූගත් කිරීම් පිළිබඳව දේශය පුවත්පතේ දිශානි ජයමාලි
සමග සාකච්ඡාවකට සහභාගි වෙමින් අමිල මේ බව පවසා තිබිණි.
"අන්තිම දර්ශනයේදී අපිට වෙලක ගහගන්න තිබුණා. වෙලට බහින්න කලින් අපි මී උණට පෙති බීලයි වෙලට බැස්සේ. අපි වෙලට රෑ හතහමාරට බැහැලා උදේ පාන්දර හය වෙනතුරු ඒ සටන් ජවනිකාව ඇතුළත් පොඩි කොටස රූගත කිරීම් කළා. ඒකට පුදුම කැප කිරීමක් කළා. අපේ කන්වල, ඇස්වල මඩ ගොඩයි. පහුවදා ගෙදර ඇවිල්ලත් දවසක් විතර ඒ මඩ හේදුවා. සිනමාපටය ගැන ලොකු සතුටක් තියෙනවා. චිත්‍රපටය නැරඹූ අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. "මේ පැය දෙක පුරාවට කම්මැලියක් නැතුව කම්බිලි බැලුවා" කියලා හැමෝම කියනවා." අමිල වැඩිදුරටත් පවසා තිබිණි.

ඡායා: සුමුදු හේවාපතිරණ

Back to top
Go to bottom

Popular News