රියෑලිටි තරුවක් වුණ ශිහාන් අද වෙනකොට රියෑලිටි විනිසුරුවෙක් වෙලා නේද?
ඇත්තටම ඒ ගැන සතුටකට වඩා තියෙන්නේ ලොකු ආඩම්බරයක්. මේ මගේ දෙවැනි අවස්ථාව. ප්‍රධානවම කියන්න ඕනෑ මම මේ රියෑලිටි කලාවේ මුලින්ම නවකයෙක් විදිහට තරගයකට ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ මේ රියෑලිටි කන්සෙප්ට් එකේ ප්‍රසන්ට් කරන්න ලැබෙනවා. ඊටත් පස්සේ විනිශ්චයකරුවෙක් විදිහට මේ අසුනේ ඉඳගන්නවා.
ඔබව විනිශ්චය කරපු නිරෝෂා එක්ක තමයි එකට ඉඳගන්නේ ?
ඒක මට ලොකු ගෞරවයක්.
ඇය ඔබත් සමග එකට ඉඳගන්න කැමැතිවුණාද?
කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතාම ආදරයෙන් කැමැතිවුණා. මේ ක්ෂේත්රයට ආපු අවුරුදු පහළොව ඇතුළත කාලයේ මාව ඉතාම ආදරයෙන් වැළඳගත්තු, සලකපු පවුල් කිහිපයක් තියෙනවා. ඉන් එක් පවුලක් තමයි නිරෝෂා විරාජනීගේ පවුල.
ඒ අතීතය ගැන අද වෙනකොට නිරෝෂා මොකද කියන්නේ ?
ඇයට ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මට එදා අවස්ථාවක් දුන්න නිසා තමයි තව තරග වටයකට තෝරලා අද දවසේ ඇයත් සමග මේ වැඩේ කරන්න පුළුවන් වුණේ. අතීතයත් එක්ක සුන්දර මතකයක් තියෙන්නේ.
ශිහාන් කියන්නේ තරුවක්. ඒ තරුවට මේ තෝරන්න හදන තරුව ගැන මොනවද කියන්න තියෙන්නේ ?
ඇත්තටම ආඩම්බරයි. දැන් ජෙනරේෂන් එක අපි ආපු කාලෙට වඩා සංගීතය ගැන ගොඩක් දැනුවත්. වෙනස තියෙන්නේ එතැන. ළමයි තරගය ගැන අධ්‍යයනය කරලා තියෙනවා.
ඔබේ ගීත මේ ළමයින්ට දෙන්න සූදානම් කියන්නේ ඇත්තද?
මම ඇත්තටම ඉස්සරහට යද්දී මගේ නිර්මාණ නවකයන්ටත් කරන්න බලපොරොත්තුවෙන් ඉන්නවා. හැමදාම ගායකයෙක් විදිහට වේදිකාවේ ඉන්න සූදානමක් නෑ. මට තියෙන හැකියාවෙන් නවකයෙකුට හෝ ප්‍රවීණයෙකුට ආලෝකයක් ලැබෙනවා නම් ඒ දේ මුල පුරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
ශිහාන් නවකයන්ට උදව්කරයි කියලා ගොඩක් දෙනෙක් හිතන්නේ නෑ ?
මම දැනට ගායනා කරපු ගීත ඕනෑම තැනක කිසිම කෙනෙක් ගායනා කරනවාට මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. කෙනෙක් වෙනුවෙන් අලුත් ගීතයක් කරලා දෙන්න මට ඇරයුමක් ලැබුණොත් කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ දේත් ශිහාන් ශිහාන්ට සින්දුවක් කරගන්නවා වගේම මහන්සිවෙලා ඒ දේ කරලා දෙනවා.
ඔබලා දෙන තීන්දු තීරණ සාධාරණයි කියලා හිතනවාද?
මමයි බිලි නිරෝෂයි කියන්නේ පාර්ශ්ව තුනක්. අපි තුන්දෙනාගේ තීරණ තුන එකක් වෙන්න ඕනෑ කියලා මම හිතන්නේ නෑ. මටත් ඔය වේදිකාවේ ඔය විදිහටම සින්දු කියලා ආපු කෙනෙක්. එතකොට මම දන්නවා ළමයින්ගේ තිබෙන බය මොකක්ද කියලා. ඔය වේදිකාවේ හරියටම වෙන්නේ මොකක්ද කියලා දන්න කෙනා මම.
නිරෝෂත් බිලීත් දෙන තීරණවලට ඔබට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
සමහර වෙලාවකට සෑහීමකට පත්වෙන්නේ නෑ. ඒක හොඳටම පේනවා. සමහර වෙලාවකට නිරෝෂා දෙන කමෙන්ට් එක කොළ පැහැති වෙනවා. ශිහාන් මිහිරංග රතු පැහැති වෙනවා. මම ඔව් කියද්දී බිලී ප්‍රනාන්දු නැහැ කියනවා. ඉතිං එතැන ගැටලුවක් නෑ. සමහර තැන්වලදී මම විරුද්ධයි බිලී එක්ක. ඒ වගේම ඔවුන්ගෙනුත් මම දෙන සමහර තීරණවලට විරුද්ධත්වයක් තියෙනවා.
ඔබට වඩා දක්ෂ ජනප්‍රිය රියෑලිටි තරුවක් බිහිවුණාට කමක් නැතිද?
නැහැ. මම කැමැතියි නවකයෙක් ශිහාන්ව පරද්දලා මේ දැන් මම ඉඳගෙන ඉන්න පුටුවේ ඉඳගන්නවා නම්
එදා හිටපු ශිහාන්මද මේ ඉන්නේ ?
එදා හිටපු ශිහාන්ම තමයි. හැබැයි අවුරුදු පහළොවකින් වයසට ගිහිල්ලා තියෙනවා. දැන් දෙදරු පියෙක්. මට දැන් අවුරුදු තිස්තුනක්. මම ජනප්රියවෙන්නේ අවුරුදු දහනවයේදී.
තවමත් ඔබේ පැරණි ආදරය එදා වගේම තියෙනවා කියලයි ආරංචිය ?
තවමත් මගේ ගෙදර වැඩපළ කරලා දෙන්නේ මගේ පළමු ආදරයම තමයි.
ජනප්‍රිය තරු බොහොම ඉක්මනට තමන්ගේ ජීවිතය වරද්ද ගන්නවා. හැබැයි ඔබ තවමත් ස්ථාවරයි. මොකක්ද එතැන තියෙන රහස?
මම හරි පෞද්ගලික දෙයක් විවෘතව කියන්නේ. කලා ක්ෂේත්රයේ මේ කඩාවැටීම් ගොඩක් වෙලාවට අපි දකින්නේ ඔවුන් දිහා බලාගෙන ඉන්න පිරිස වැඩියි. ඔය කියන විදිහට විවාහය කඩා ඉහිරෙන තැන් දරුවෙත් එක්ක දෙමාපිය නැතිවීම් කනබොන දේවල් අනෙක් පවුල්වලත් සිද්ධවෙනවා. හැබැයි ඒ පවුල් නෝටිස් කරලා පත්තරවල ලියන්නේවත් කවුරුවත් බලාගෙන ඉන්නේවත් නෑ. විශේෂ වූ කණ්ඩායමක් තමයි ජනප්‍රිය චරිත දිහා වැඩිපුර බලාගෙන ඉඳිද්දි ඒ ගොල්ලන්ගෙන් වෙන වැරදි තමයි වැඩිහරියක් මිනිස්සු දන්නේ. හැබැයි ඇත්තටම සාමාන්‍ය පවුලකට වඩා කලා පවුලක ජීවිතය ටිකක් අමාරුයි. අපි ආශ්‍රය කරන සහ අපි ගැවසෙන පරිසරයන්වලදී අපිට වැරදිවලට වැටෙන්න තියෙන අවස්ථාවන් ගොඩක් වැඩියි.
තුන්වැනි ගීත එකතුව කරලා ඉවරයි කියන්නේ ඇත්තද?
ඔව්. කරලා ඉවරයි. නමුත් රටේ තියෙන වාතාවරණයත් එක්ක ගීත එකතුවක් එළිදක්වනවාද නැතිද කියලා කල්පනා කර කර ඉන්නේ. කියන්න කියලා සින්දුවක් ළඟදීම රිලීස් කරනවා. ඒ ගීතයේ සංගීතය කරලා ඉවරයි. මියුසික් වීඩියෝ එක කරගෙන යනවා.
ශිහාන් පොඩ්ඩක් නිශ්ශබ්දයි. මාධ්‍ය ඉස්සරහට එනවා අඩුයි ?
මගේ තොරතුරු හොයනවා. නමුත් මම හිතන්නේ පත්තරයකින්, ටීවී එකකින්, රේඩියෝවකින් කලාකරුවෙක් ගැන දැනගන්න නිවුස් එකක් තියෙන්න ඕනෑ. නැතිනම් හැමදාම ඒකාකාරීව කන්න කැමැති මොකක්ද?, බිරිඳ වැඩිපුරම රහට උයන්නේ මොනවාද?. ශිහාන් දැන් කොණ්ඩේ කපලාද නැතිද කියන එකම නෙමෙයි අපිට ප්‍රේක්ෂකයන්ට ආටිකල් එකකින් දෙන්න ඕනෑ. ඕනෑම ආටිකල් එකකින් සමාජයට ප්‍රවෘත්තියක් දෙන්න පුළුවන් නම් එදාට ආටිකල් එකක් දෙන එක හොඳයි කියලයි මම හිතන්නේ. ඒක තමයි ආටිකල් දෙනවා අඩු.
දිනේෂ් විතාන