චරිතයක් ඝාතනය කරනවා කියලා මෙහෙමත් ඝාතනය කරනවද? මේ වගේ තිරිසන් මිනිස්සු ඉන්නේ ලංකාවේ විතරයි.
පියුමිගේ නම ඈදිලා අලුත් සිද්ධියක් එළියට ඇවිත් මොකද්ද මේ මෙදා සැරේ දා ගත්ත ප්‍රශ්නේ?
ර්ථීභඡ එකකදී ගැහැනු ළමයි පිරිසක් එක්ක පොඩි බහින්බස් වීමක් වුණා. සමහර තැන්වල ගියාම ගොඩක් ගර්ල්ස්ලට පියුමි හංසමාලිව පේන්න බෑනේ. හරි ජෙලස්. ගැහැනු ගැහැනු හරි ජෙලස්නේ. පොඩි බහින්බස්වීමක් වෙලා කතා කර කර ඉද්දී එක ගැහැනු ළමයෙක් එයාගේ අතේ තිබ්බ ලිකර් එක මගේ මූණට හැලුවා. ඒක හලපු ගමන් මගේ ඇස් දෙක දැවිල්ල ගත්තා. මගේ ඇස් දෙක ඇරගන්නත් බැරි වුණා. ඇස්දෙක ඇරපු ගමන් ඒ කේන්තියට එතැන තිබ්බ බෝතලයකින් මම ඒ ගර්ල්ට ගැහුවා. මුලින්ම එයයි රණ්ඩුවට ආවේ.
රණ්ඩුවක් වෙන්නත් හේතුවක් ඇති නේද?
ඩාන්සින් ෆ්ලෝ එකේදී මොකක් හරි කතාවක් ගියේ. මම දන්නේ නෑ. ඒක කොහොම ඇති වුණ දෙයක්ද කියලා. එක පාරටම එයත් මොකක් හරි කියාගෙන ආවා. මාත් කිව්වා. මට ඒක හරියට මතක නැහැ.
රණ්ඩු වුණ පාර්ශ්වයේ අය කලින් ඉඳන් හඳුනනවද?
නැහැ. එයාලා කවුරුත් මීට කලින් හඳුනන්නේ නැහැ. එයාලා සාමාන්‍ය අය.
ඒ සිද්ධිය වෙන වෙලාවේ කවුද පියුමි එක්ක හිටියේ?
එතැන වෙනුරත් හිටියා.
එතකොට ගැටුම පටන් ගත්තේ ඔයා එක්කද? වෙනුර එක්කද?
වෙනුර එක්ක නෙමෙයි. මාත් එක්ක ගැටුම ඇති වුණේ. ඒ ගැටුම දුරදිග ගියා. ඒ ගර්ල් ලිකර් එක හැලුවම අපි රණ්ඩු වුණා. ඊට පස්සේ දෙගොල්ලන්ගෙම අය එක්ක රණ්ඩුව ටිකක් වැඩි වුණා. ඒත් රණ්ඩුව සමථයකට පත් කරලා එයාලගේ අයව ඒ තැනින් එළියට දැම්මා. පස්සේ ඒ සිද්ධිය එතැනින් ඉවර වුණා. අපේ මිනිස්සු ඒක ලොකු කරගෙන නැටුවට ලොකු දෙයක් වුණේ නැහැ.
ඒ සිදුවීමේදී පියුමි පරුෂ වචනයෙන් ඒ පාර්ශ්වයට බැන වදිනවා. ජනප්‍රිය චරිතයක් නිසාවත් කියන, කරන දේවල් ගැන පරිස්සම් වෙන්න ඕනේ කියලා හිතුණේ නැද්ද?
ලංකාවේ ඉන්න ගොඩක් පිරිමි චීත්ත අඳින්නේ. මම ඒ බනිද්දි කිව්ව වචන ඉංග්‍රීසියෙන් කිව්වා නම් "වාව් මරු" කියයි. සිංහලෙන් කියන කුණුහරුප ටික ගැන තමයි මිනිසුන්ට අමාරු. ගැහැනු අයගේ ප්‍රශ්නවලට ඒ අයගේ පිරිමි අයත් එකතු වෙද්දී මට තරහ ගියා. එයාලට තමයි මම බැන්නේ. මම ඒක ගැන එච්චර හිතන්නෙත් නැහැ. ඒ ගැන මම ලැජ්ජ වෙන්නෙත් නැහැ. කේන්ති ගියාම අපි සාමාන්‍යයෙන් ඔය වගේ කැත විදියට බනිනවනේ. ඕක සාමාන්‍ය දෙයක්.
පියුමි ගුටි කෑවා කියලත් කියනවනේ. ඇත්තද ඒක?
කවුරුත් මට ගැහුවෙත් නෑ. මම ගුටි කෑවෙත් නෑ. කන්න නැති හිඟන පේජ්කාරයෝ මම ගුටි කෑවා කියලා දානවා. මම ගුටි කන වීඩියෝවක් කොහේ හරි තියෙනවද ඒ අයට දාන්න. මම ගුටි කෑවා කියලා දාලා මාසෙකට එන සල්ලිවලින් තමයි ඒ අයගේ පවුල් ජීවත් කරන්නේ. අනේ ඇත්ත දාන්න දාන දෙයක. බොරු දේවල් දාන එක හරි කැතයි. චරිතයක් ඝාතනය කරනවා කියලා මෙහෙමත් ඝාතනය කරනවද? මේ වගේ තිරිසන් මිනිස්සු ඉන්නේ ලංකාවේ විතරයි.
වෙච්ච සිද්ධිය ප්‍රචාරය කළ එක කැතයි කියනවා නම් පියුමි කළ දේ කැත නැද්ද කියලා කෙනෙක් ඇහුවොත්?
මම එහෙම දෙයක් කළේ රණ්ඩුවක් ඇති වුණ නිසානේ. මම නිකන් පාරේ යන ගමන් මිනිසුන්ට බැන බැන යන්නේ නෑනේ. පේජ් කරන මිනිස්සු හම්බ වුණොත් උන්ටත් මම ඔය විදිහට තමයි බනින්නේ.
මේ සිද්ධිය වටින් ගොඩින් බේරා ගන්න පුළුවන් වුණාද?
මේ සිද්ධිය දුරදිග ගෙනියන්න අවශ්‍ය වුණේ නැහැ. අපි ඩිනර් එකකට යන්නේ රණ්ඩු කරලා උසාවි ගාණේ, පොලිසි ගාණේ යන්න නෙමෙයිනේ. අපි හැමෝම යන්නේ පොඩ්ඩක් ඡ්දණධර කරන්න. මේ වගේ දේකට පොලිසි යන්න තරම් එයාලට වගේම අපිටත් කිසිම වුවමනාවක් තිබ්බේ නැහැ. අපි සියලු දෙනාම මිනිස්සුනේ. රණ්ඩු ඇති වෙනවා. ඒවා සාමාන්‍ය දේවල්.
ඒ කිව්ව කතා සහ සිද්ධිය හැමෝම අතර පැතිරෙද්දීවත් ලැජ්ජ හිතුණේ නැද්ද?
මම ලැජ්ජ වෙන්න ඕන ක්ලබ් එකක් ඇතුළේ වෙන දෙයක් කළා නම්. මම කුණුහරුපෙන් බනින එකනේ ලීක් වුණේ. ක්ලබ් එක ඇතුළේ අමු අමුවෙන් ඇඳුම් නැතුව මිනිහෙක් එක්ක සෙක්ස් කරන වීඩියෝවක් ලීක් වුණා නම් අද මම ලැජ්ජ වෙන්න ඕන. මගේ එහෙම දෙයක් ලීක් වුණේ නෑනේ. ලැජ්ජ වෙන්න පාරේ බහින්න බැරි තරම් දේවල් අද රටේ වෙනවා. මේක ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි. අපේ චීත්ත අඳින පිරිමි දැඟලුවට හරි මොළේ ඇති කෙනෙක් ඔච්චර දඟලන්නේ නැහැ. ලංකාවේ අයට පියුමි හංසමාලිගේ දේවල් හොයනවා ඇරෙන්න වෙන වැඩකුත් නෑනේ.
මේ සිදු වෙන දේවල් එක්ක පියුමිව විවේචනය කරද්දී ඒක ඔයාගේ ජීවිතයට හානියක් නෙමෙයිද?
මට කිසිම හානියක් නැහැ. මගේ ඇඟේ ඒවා වදින්නේ නෑනේ. මාව විවේචනය කරන්නේ අද ඊයෙක ඉඳලා නෙමෙයිනේ. ෆීල්ඩ් එකට ආපු කාලේ ඉඳලා මම අඳින පලඳින විදියට මිනිස්සු මාව විවේචනය කරනවා. මට ඒක අදාළම නැහැ. මම කාගෙන්වත් කාලා ඇඳලා ජීවත් වෙන්නේ නැහැනේ. විවේචනය කරන අයට මම කියන්නේ "මාව විවේචනය කරන්න" විවේචනයට ලක්වුණ පළවෙනි ගෑනිවත් අන්තිම ගෑනිත් මම නෙමෙයි. ඊට වඩා කොච්චර නිළියෝ විවේචනයට ලක්වෙලා තියෙනවාද. මම රණ්ඩු වුණා. කුණුහරුප කිව්වා. ඒක හරිම සිම්පල් දෙයක්.
ජනප්‍රිය චරිතයක් ඔය විදිහට හැසිරෙන එක හරිද?
ජනප්‍රිය චරිතයකින් කුණුහරුප කියන්නේ මම විතරද? අනිත් ඔක්කොම පත්තිනි අම්මලාද? වීඩියෝ එකක් එළියට ආව නිසානේ මම කුණු හරුප කිව්වා කියන්නේ. අනෙක් නිළියෝ කුණුහරුප කියන වීඩියෝ නැහැ. ඒත් එයාලා කුණුහරුප කියන්නේ නැද්ද? බොරු පොෂ් එකක් මගේ ළඟ නැහැ. මම සාමාන්‍ය ගැහැනියක්. කේන්ති ගියාම මිනිස්සු කුණුහරුපයෙන් කෑ ගහනවා. ඒක හරිම සාමාන්‍ය දෙයක්.
ගැහැනියක් නිසාවත් පාලනයක් තියෙන්න ඕනේ නේද?
පාලනයක් තියෙන්න ඕනේ. මම යන යන තැන රණ්ඩු කරනවද? මම යන යන තැන කුණුහරුප කියනවද? මේ ෆස්ට් ටයිම් මෙහෙම වුණේ. ඒ ගැන කවුරුත් එච්චර දඟලන්න ඕනේ නැහැ.
පියුමිට මඩ කාලා ඇති වෙලාම නැද්ද?
එක වෙලාවකට ඇති කියලත් හිතෙනවා මේ මඩ. මට ඒ මඩ දැන් පුරුදුයි. මඩ ප්‍රහාර එල්ල කරන්න එල්ල කරන්න මම ගෑවෙන්නේ නෑ වගේ ඉන්නවා. මම ඒවා ගණන් ගන්නේ නැහැ. මම මාර ශක්තිමත් ගැහැනියක්.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
mawbima