Mirroarts-ගයාන් වික්රමතිලකගෙ රංගන දක්ෂතාව ගැන අමුතුවෙන් කියන්න ඔිනෙ නැහැ. නිතර දෙවේලේ දකින්න නොලැබුනත් ගයාන්ව අපේ හිත්වලින් මැකිලා නොයන්නේ ඒ දක්ෂකම් නිසා. සක්කාරං ගයාන් රගපාන අලුත්ම ටෙලිනාට්‍යය. මිරර් ආර්ට්ස් ඔහුත් එක්ක මේ අලුත්ම ටෙලි නාට්‍ය චරිතය සහ තවත් තොරතුරු ගැන කතාකළා.
"සක්කාරං" චම්මින්ද වෙලගෙදර ලියූ සාහිත්‍ය සම්මාන ලැබූ නවකතාව චිත්‍රපටයක් විදිහට තිරගතවුනා.සක්කාරං ටෙලි නාට්‍යයේ ගයාන්ගෙ භූමිකාව මොකද්ද?
චිත්‍රපටයෙ වගේම ටෙලි නාට්‍යයෙත් මම බස්නායක නිළමෙ. නමුත් 'සක්කාරං' ලියූ චම්මින්ද අයියා මම සුබේගේ චරිතය රගපානවා දකින්න කැමැත්තක් තිබුනා. ඇත්තටම මගෙත් කැමැත්තක් තිබුනා ඒ චරිතය කරන්න. ඒ චරිතය කරන්න නර්ථන පුහුණූවීම් කරන්න තිබුනා. ඇත්තටම ඒ වෙනුවෙන් මට කාලය තිබුනෙ නැහැ. චරිතයට ආදළ පුහුණුවීම් නොකර ඒ චරිතය කරලා මම අසාර්ථක වෙනවට වඩා මම හිතුවා මම නිළමෙගෙ චරිතය කරන එක හොඳයි කියලා.ටෙලි නාට්‍ය චිත්‍රපටයට වඩා වෙනස් හොඳ තැනක තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
"සක්කාරං" නවකතාවට සාධාරණයක් චිත්‍රපටයෙන් වුනේ නැහැ කියලා බොහෝ විචාරකයන් මෙන්ම පේ්රක්ෂකයන් පැවසුවා?
පොත බලද්දි විඳින රසාස්වාදය තුළින් චිත්ත රූප මවාගැනීමේ හැකියාව තියෙනවා. එවැන්නක් දෘෂ්‍ය මාධ්‍ය නිර්මාණකරණයට යොදාගන්නා පුද්ගලයා සහ ඒ කණ්ඩායම අනුව තමයි නිර්මාණය සාර්ථක වෙනවද කියන දේ තීරණය වන්නෙ. චිත්‍රපටය පිළිබඳව ඔබ ඇසූ දෙයම මටත් ඇසුනා. නමුත් සක්කාරං චිත්‍රපටයේ මගේ චරිතයට හොඳ ප්‍රතිචාර තිබුනා.
සක්කාරං ටෙලි නාට්‍යයක් කිරීමේ දැඩි උවමනාවක් ඔබට තිබුනා?
ඇත්තටම ඔව් සක්කාරං ටෙලි නාට්‍යයක් කිරීමේ අදහස චම්මින්ද අයියගෙ. ඔහුගේ අදහසට අනුව මමත් එකගවෙලා හිටියෙ. දවසක් මට අරුණ ජයවර්ධන සහ විරාජ් වැලිවත්ත මුණගැසුන මොහොතක මම අරුණ අයියට යෝජනා කළා අරුණ අයියා මේක කරන්නෙකො කියලා. මොකද අරුණ අයියා කියන්නේ හොඳ රසාස්වාදයක් සහිත නිර්මාණශීලී පුදගලයෙක්. ඉතින් අරුණ අයියා දැන් සක්කාරං ටෙලිනාට්‍යයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරනවා.
සක්කාරං ටෙලි නාට්‍ය පේ්රක්ෂකයන්ට දකින්න ලැබෙන්නෙ කොයි කාලෙද?
දෙසැම්බර් ඉඳලා දකින්න පුළුවන් වෙනවා සිරස නාලිකාව ඔස්සේ.
ගයාන් අපිට නිතර දෙවේලේ දකින්න ලැබෙන කෙනෙක් නෙමේ. මේ තෝරාබේරාගැනීම් ගැන දැනගන්න කැමතියි.
ඇත්ත....මම නිතරම දකින්න ඉන්න කෙනෙක් නෙමෙයි. ෙක්්ෂත්රයට ආව මුල්කාලේ මම එහෙම සීමා තියාගත්තෙ නැහැ. නමුත් ඒ ක්‍රමයෙන් එහාගිහින් හොඳ දෙයක් කිරීමේ පිපාසය මට ඇතිවුනා. ඒ අනුව පිටපත කාගෙද අධ්යක්ෂ කවුද සහ මම කරන චරිතයෙන් මට ලැබෙන ප්‍රතිලාභය බලනවා.ඔය තුනම එකට ගැලපෙනවනම් මම ඒ වැඩේ කරනවා.
මෙතෙක් කරපු චරිතවලින් වඩා කැමති චරිතය?
මම කැමතිම 'සේපාලිකා' ටෙලි නාට්‍යයේ පහන්ගෙ චරිතයට.
ඔබ අධ්‍යක්ෂණයටත් එකතුවුනා?
මේ දවස්වල "එකරැනේ කුරුල්ලෝ" කියලා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා. ඒත් මම අධ්යක්ෂණයට ටිකක් කම්මැලි වෙලා කියලා දැනෙනවා. මොකද දවසකට අපි කරන්න ඔිනේ දර්ශණ ගාන ටාගර්ට් එකක් තියෙනවා. ඒ වගේ පීඩනකාරී දේවල් එක්ක මම අධ්යක්ෂණයට ටිකක් කම්මැලි වෙලා.
කම්මැලි වුනාට අයින් වෙන්නේ නැහැනෙ?
අනේ නැහැ....
චතුරිකාගෙන් ලැබෙන සහාය ?
වචනයෙන් කියලා නිම කරන්න බැහැ. එදා වගේම කිසිම වෙනසක් නැතුව මං ගැන හොයලා බලනවා. මට උපදෙස් දෙනවා(සිනාසෙමින්*ඒ අතරෙ පුංචි පුංචි රණ්ඩුත් දාගන්නවා. මේ හැමදේම එක්ක අපි හුගක් ආදරෙන් ඉන්නවා. ඇත්තටම මේ සොයාබැලීම් සහ දෙන සහයෝගය නිසා තමයි මට මගේ ජීවිතයේ මෙච්චර සාර්ථක ගමනක් එන්න පුළුවන් වුනේ .
සාකච්ජාව -බුද්ධිනී ජයවර්ධන