මේ දිනවල තිරගත වන ආලෝකෝ උදපාදී චිත්‍රපටය හරහා උත්තිය ඇමති විදියට ප්‍රේක්ෂක ඔබට සමීප වෙන්නේ දිනෙත් ද සිල්වා ... දිනෙත් ගේ මුල්ම සිනමා රංගනය වෙන්නෙත් ආලෝකෝ උදපාදී චිත්‍රපටය. මේ වන විට නම් දිනෙත් සිනමා නිර්මාණ රැසකට රංගනයෙන් දායක වෙලා තියෙනවා ඒ නිර්මාණත් ඉදිරියේදී ප්‍රේක්ෂක ඔබට බලන්න පුළුවන්. මේ කතා බහ නම් ආලෝකෝ උදපාදී චිත්‍රපටය ගැන ...
ආලෝකෝ උදපාදී කියන්නේ ඔබේ පළමු රංගනය
ඔව්, මේ මගේ මුල්ම චිත්‍රපටය සහ මගේ මුල්ම රංගනය, මම මුලින්ම රංගනයට එන්නේ රිදී තිරයෙන්මයි, ඒ ගැන මම නිහතමානීව සතුටු වෙනවා මොකද ලංකාවේ නිර්මාණය වුණු දැවැන්තම සිනමා නිර්මාණයකින් රංගනයට එන්න ලැබීමම මම ලැබූ භාග්‍යයක් විදියට මම දකින්නේ.
උත්තිය ඇමති ගැන අපි කතා කතා කලොත්
උත්තිය ඇමති ගේ චරිතය බොහොම බැරෑරුම් චරිතයක්, මොකද එකම නාට්‍යක්වත් රඟපාපු නැති මට මේ තරම් දැවැන්ත චරිතයක් කිරීම, නමුත් මා කෙරෙහි ඔවුන් විශ්වාසය තියල මේ චරිතය මට භාරදුන් එක ගැන මම සතුටු වෙනවා වගේම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා .
අභියෝගයක් වුණේ නැද්ද
ඇයි නැත්තේ මට ලොකු අභියෝගයක් වුණා, නමුත් මම ඒ අභියෝගයට හොඳට පුරුදු පුහුණු වෙලා සාර්ථකව මුහුණ දුන්නා, මෙහි මට ගොඩක්ම කරන්න තියෙන්නේ අංගම්පොර සටන්, ඉතින් මේ වෙලාවේ සුමුදු ගුරුන්නාන්සේව සිහිපත් කරන්නම ඕනේ, මොකද එතුමා තමා අපිට ඉතාම කෙටි කාලයක් තුල මේ අංගම්පොර සටන් කියල දුන්නේ.
කොහොමද උත්තිය ඇමතිට ලැබෙන ප්‍රතිචාර
ඉතාම ඉහල ප්‍රතිචාර ලැබෙනවා, ඒ ගැන සතුටක් තියෙනවා මොකද අප කල කැප කිරීම් වලට ලැබෙන හොඳම දේ තමා ප්‍රේක්ෂක ප්‍රතිචාර. ඒ අනුව ගත්තම සතුටු විය හැකි ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
ඔබට මේ අවස්ථාව ලැබෙන හැටිත් මතක් කරමු
මේ චිත්‍රපටයේ සම අධ්‍යක්ෂක භාරත ගිහාන් හෙට්ටිආරච්චි මගේ FB එකේ හිටියා, ඔහු තමා මට කතා කලේ මම කරපු අල්ට්රාටෙක් සිමෙන්ති වෙළඳ දැන්වීම දැකලා, ඊට පස්සේ ඔහු මට කිව්වා අපි අලුත් වැඩක් කරන්න යනවා කැමති නම් ඇවිත් හමුවෙන්න කියල, ඉතින් මම ගිහින් කතා කලා අදාල තිර පරීක්ෂණ වලට සහභාගී වුණා, ඒ අනුව තමා මට මේ චරිතය ලැබුණේ.
කොහොමද ඒ අත්දැකීම
මගේ ජීවිතේ මම ලබපු ලොකුම අත්දැකීම කිව්වොත් හරි, මොකද මට අවස්ථාව ලැබුණේ ප්‍රවීණ සහ ජනප්‍රිය අය එක්ක එකට වැඩ කරන්න ඉතින් ඒ අයගෙන් මම ඉගෙන ගත්ත දේ මෙපමණයි කියන්න බැහැ, ඒ තරම් විශාල අත්දැකීමක් මගේ ජීවිතයට එකතු වුණා මේ චිත්‍රපටය හරහා.
සිනමාවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන අද මොකද හිතෙන්නේ
මම සිනමාවට ගොඩක්ම ආදරය කරපු කෙනෙක්, ඒ වගේම තමා මම කලාව ට දක්වන්නේ පුදුම ආදරයක් ඒ නිසාම තමා මම නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ, ඊට පස්සේ මම උසස් අධ්‍යාපනයට එංගලන්තයට යනවා, හැබැයි මම ආයේ ලංකාවට ආපු ගමන් නිරූපණ කටයුතු පටන් ගන්නවා, ඒ හරහා තමා මට රංගනයට එන්න අවස්ථාව ලැබෙන්නේ, මම හිතන්නේ මා නොදැනුවත්වම මගේ හිතේ හැංගිලා තිබ්බ ආශාවන් සහ කැමැත්තට ලැබුණු අවස්ථාවක් විදියට තමා මම සිනමාවට සම්බන්ධ වීම දකින්නේ, ඉතින් ඒ ගැන අද තියෙන්නේ සතුටක්.
කොහොමද චරිත තෝරා ගන්නේ
මම කැමති මගේ රංගනය තුලින් සමාජයට යම් කිසි ආදර්ශයක් දිය හැකි නිර්මාණ වලට දායක වෙන්න, ඒ නිසා තමා මම චරිත තෝරා ගන්නේ, මිනිසුන්ට යම් පණිවිඩයක් දිය හැකි ඒ වගේම මම භාර ගන්න චරිතයට මට සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා නම් මම අනිවාර්යෙන්ම ඒ චරිතය භාර ගන්නවා.
අපි ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ අධ්යක්ෂවරයා ගැන කතා කලොත්
ඔව් චත්‍ර කියන්නේ තරුණ අධ්යක්ෂවරයෙක්, ඔහු මැලේසියාවෙන් වසර 5ක කාලයක් තුල සිනමාව ගැන හදාරලා තමා ලංකාවට එන්නේ, ඊට පස්සේ ඔහු ඔහුගේ පියා ලියූ පිටපත් අතුරින් තමා මේ ආලෝකෝ උදපාදී පිටපත තෝරා ගන්නේ සිනමාවට නගන්න, ඉතින් තාත්තා ලියූ පිටපත් අතරින් මේ පිටපතම ඔහු තෝරා ගැනීම තුලම මම දකින්නේ ඔහු තුල සිනමාව ගැන තියෙන දැක්ම, තරුණ අලුත් අධ්යක්ෂවරයෙක් වුණාට මම කිසිවිටෙක ඔහු තුලින් ආධුනික බවක් දැක්කේ නැහැ. ඔහු සිනමාව තුල දුර ගමනක් යා හැකි තරුණ අධ්යක්ෂවරයෙක්. ඒ වගේම නිෂ්පාදකතුමා තුසිත විජයසේන මහතාවත් මතක් කරන්න ඕනේ මොකද අලුත් කණ්ඩායමක් කෙරෙහි විශ්වාසය තියල ඔහු මේ නිර්මාණය කරන්නේ.
අවසාන වශයෙන් ප්‍රේක්ෂකයාට මොකක් ද කියන්න තියෙන්නේ
ආලෝකෝ උදපාදී කියන්නේ අපි බොහෝ දෙනෙක්ගේ පළමු චිත්‍රපටය, ඉතින් බොහොම කැප කිරීම් කරලා අපි මේ චිත්‍රපටය කලේ අපි ලබන එකම සතුට තමා ප්‍රේක්ෂක ඔබ මේ චිත්‍රපටය නැරඹීම සහ සහ ප්‍රේක්ෂක ඔබේ ප්‍රතිචාර අපිට දැක්වීම, ඒ වගේම තමා කියන්න ඕනේ මේක රජ කතාවක් නෙවෙයි, ඉතින් රජ කතාවක් බලන්න යනවා කියන මානසිකත්වයෙන් මේ ආලෝකෝ උදපාදී චිත්‍රපටය බලන්න යන්න එපා, සිංහල සිනමාව වෙනම තැනකට ගෙන යාමට හැකි නිර්මාණයක් මේක, ඒ නිසා ආදරෙන් ආරධනා කරනවා සිනමාවට ආදරය කරන පිරිසට එන්න මේ දැවැන්ත සිනමා නිර්මාණය බලන්න, ඒ වගේම තමා චිත්‍රපටය ගැන ඔබේ ප්‍රතිචාරයත් අපට දක්වන්න.
-අනුෂා-