මේනකා මධුවන්ති කියන්නේ දක්ෂ නර්තන ශිල්පිණියක්, ඇය සතු නර්තන හැකියාව නිසාම ඇයට රංගනයටත් අවස්ථාව ලැබෙනවා, නර්තනයට දැක්වූ දක්ෂතාවට නොදැවෙනි හැකියාවක් රංගනයට පෙන්නුම් කල නිසාත් ඇය ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබා ගනිමින් සිනමාව පුංචි තිරය ජය ගන්නවා, පසුගිය කාලේ නම් ටිකක් නිහඬව සිටි මේනකා ආයෙත් ප්‍රේක්ෂක ඔබට දකින්න පුළුවන්කම ලැබෙනවා වෙනස්ම විදියේ චරිත කිහිපයකින් , ඒ සිනමා සහ ටෙලි නිර්මාණ හරහා, ඉතින් ඒ ගැනයි මේනකා සමඟ මේ කතාව
මේනකා කොහොමද නර්තන ප්‍රසංගයේ වැඩ
හ්ම් .. හොඳින් කරගෙන යනවා. කොහොම හරි මේ තරඟය දිනන්න තමා අපේ බලාපොරොත්තුව
දින්නොත් ලැබෙන්නේ මොනාද ?
තරගය දිනන කෙනාට තමා අන්තර්ජාතික තරගයට සහභාගී වෙන්න ලැබෙන්නේ, ඉතින් ඒ අවස්ථාව මට ලබා ගන්න නම් මම මේ තරගය දිනන්නම ඕනේ
ඔබේ පෙම්වතා ගැන කතා කලොත්
මගේ පෙම්වතාගේ නම ආකාශ්, ඔහු මගේ පෙම්වතා වගේම තමා මගේ නර්තන ගුරුවරයාත් ඔහු.
මොකක් ද තරගය අතරතුර වෙන්නේ
ඔව් මට හිතා ගන්න බැහැ, මගේ ශරීරයේ වෙනස්කම් රැසක් සිද්ධ වුණා, කෙටියෙන්ම කියනවා නම් කෙල්ලෙක් විදියට හිටිය මට පිරිමි ලක්ෂණ පහල වෙන්න ගත්තා, ඒක තමා මට සිද්ධ වුණ දේ ..
ඉතින් මේ ගැන මුලින්ම කිව්වේ කාටද ?
මම පුළුවන් තරම් නර්තන වැඩ වලින් ඈත් වෙන්න උත්සහ කලා, ඒත් ආකාශ් ඒකට ඉඩ දුන්නේ නැහැ, නමුත් මට මේ ගැන ආකාශ්ටවත් ගෙදරටවත් කියන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ, ඉතින් මම තීරණය කලා වෛද්‍යවරයෙක් හමුවෙලාම මේ හැමදේම කියන්න
හරි හරි අපි ඒ කතා කලේ මේ දවස් වල රූගත කෙරෙන අනෝරා චිත්‍රපටයේ මේනකා රංගන දායකත්වය ලබා දෙන අනෝරා චරිතය ගැන, අභිනික්මන චිත්‍රපටය සිනමාවට දායාද කල හෙක්ටර් කුමාරසිරි ගේ නවතම සිනමා නිර්මාණයයි අනෝරා කියන්නේ ...
දැන් කියන්නකෝ මොකද හිතෙන්නේ ඒ චරිතය ගැන
ලෙහෙසි පහසු චරිතයක් නෙවෙයි ලොකු අභියෝගයක් වුණ චරිතයක්, ඒ වගේම මම ආසාවෙන් හිටියේ අභියෝගාත්මක චරිතයක් රඟපාන්න, ඉතින් මම ගොඩක් කැපවීමෙන් ආසවෙන් තමා මේ චරිතය කලේ.
මේ දවස් වල වෙනත් වැඩ කටයුතු
මේ අනෝරා චිත්‍රපටයේ රූගත කිරීම් කෙරෙන අතරතුර තව නාට්‍ය දෙකක වැඩ කටයුතු කෙරෙනවා,ඒ වගේම තව අලුත් නාට්‍යකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම තමා මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා
මෙනකා කියන්නේ දක්ෂ නර්තන ශිල්පිණියක් නිසා රංගන ශිල්පිණියක් වුණා කිව්වොත් හරි ද ?
ඔව් එහෙම කිව්වත් හරි, මොකද මම ක්ෂේත්රයට එන්නේ නර්තන ශිල්පිණියක් විදියට ඊට පස්සේ තමා රංගනයට ආරාධනා ලැබෙන්නේ.
කොහොමද මේනකා චරිත තෝරා බේරා ගන්නේ
ඇත්තටම මට ගිය අවුරුදු දෙක තුලම මම ඒකාකාරී චරිත වලට කොටු වෙලා හිටියේ ඒ නිසා මම පසු ගිය අවුරුද්දේ ලැබුණු චරිත භාරගත්තේ නැහැ.
එහෙම ක්ෂේත්රයෙන් ඈත්වීම පාඩුවක් නැද්ද
නැහැ මට එහෙම පාඩුවක් වුණේ නැහැ, මොකද ඊට පස්සේ මම ආයේ ක්ෂේත්රයට එන්නේ ලොකුම පෙරළියක් ඇති කරන්න පුළුවන් චරිත එක්ක, ඉතින් මම හිතනවා මම ඈත් වෙලා හිටිය කාලය අපරාදයක් වුණේ නැහැ කියල, මොකද ඒ කාලය මම වැඩිපුර මගේ ව්‍යාපාර පැත්තට යොමු කලා.
එතකොට මේ වසරේ විවාහ වෙන්න අදහසක් තියෙනවා ද ?
හ්ම් ...බලමු ඉතින් නේද ....
ඒ කියන්නේ දැන් මේනකා ආදරවන්තියක්
හ්ම්ම්... මම දැන් ආදරය අත්විඳිනවා
ඒ ආදරය ගැන කියන්නේ නැද්ද
ඉදිරියේ දී දවසක කියන්නම් ...
අනාගත බලාපොරොත්තු
ලැබෙන හොඳ නිර්මාණ වලට දායක වෙමින් ව්‍යාපාර කටයුතුත් දියුණු කරගෙන ඉන්න එක තමා බලාපොරොත්තුව. ඊට අමතරව තව බලාපොරොත්තු ටිකක් තියෙනවා ඒවා ඉටු කරගන්නත් ඕනේ ...
අනුෂා රණසිංහ