lan englan tam

අතන මෙතන

“පියැසි කවුළුව” ගැන කතාබහකට ගම්පහ ආසියානු සාහිත්‍ය නිවහනට එන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ සුභාශිනී චතුරිකා විසින් පරිවර්තනය කරන ලද 'පියැසි කවුළුව' කෘතිය පිළිබඳ සහෘද කතාබහටයි.

2026 ජනවාරි 31 වෙනි සෙනසුරාදා උදේ 10 ට පැවැත්වෙන මෙම කතාබහට සම්බන්ධ වීම සඳහා ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්න ඔබටත් පුළුවන්.

තැන හරියටම බලාගන්න මෙම Google Map යොමුවෙන්: https://goo.gl/maps/2EiZn1NbvFvusYEW7

මෙම කෘතිය පිළිබඳ කතාබහේදී සමන් නන්දලාල්, පැතුම් පුංචිහේවා සහ සඳුන් ප්‍රියංකර විතානගේ ප්‍රධාන අදහස් දැක්වීමෙන් සම්බන්ධ වීමට නියමිතයි.

මෙවර පැවැත්වෙන 92 වැනි සාකච්ඡා මණ්ඩපය මෙහෙයවනු ලබන්නේ භූෂන් ප්‍රදීප් කණ්ඩම්බි විසින්.

විවෘත සංවාද මණ්ඩපයක් වන මෙහිදී 'පියැසි කවුළුව' කෘතිය පිළිබඳව උනන්දුවක් දක්වන සාහිත්‍ය රසික ඔබ සැමට ඔබේ අදහස් බෙදා හදාගැනීමට පුළුවන්.

'පියැසි කවුළුව' කෘතිය කියවූ නොකියවූ ඔබ සැමට ඔබේ අදහස් බෙදාහදා ගන්නට, සංස්කෘතික සති අන්තයක් ගතකරන්නට, මේ සාහිත්‍ය කතිකාවට එක්වන ලෙස සංවිධායක මණ්ඩලය ඔබ සැමට ආදරයෙන් ඇරයුම් කරනවා!

එදිනට විශේෂ වට්ටමක් සහිතව 'පියැසි කවුළුව' කෘතිය මිලදී ගන්නත් ඔබට හැකියි.

එහෙනම්, ජනවාරි 31 වැනි සෙනසුරාදා හමුවෙමු.

The Asian Review Sinhala සංවිධානය කරන ‘සෙනසුරාදා ලේඛක-පාඨක හමුව’ ට සහභාගී වෙන්න ඔබෙන් කිසිදු මුදලක් අයකරන්නේ නෑ. එය සම්පූර්ණයෙන්ම ඔබ වෙනුවෙන්මයි!

 

622792369 122224364072098313 3900326602565848133 n

kemadasa

shungara

Back to top
Go to bottom