මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් නිහාල් සිල්වාගේ ‘සාජන්ට් නල්ලතම්බි’ නාට්‍යයේ නවතම ප්‍රති නිර්මාණය “නල්ලතම්බි Today” සිය මංගල දර්ශනයෙන් පසු නැවතත් ඔබ හමුවට පැමිණීමට නියමිතයි.
ඒ අනුව, “නල්ලතම්බි Today” නාට්‍යයේ දර්ශන දෙකක්,
2026 පෙබරවාරි 14 වනදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේත්,
පෙබරවාරි 15 වනදා, කොළඹ BMICH කමත පරිශ්‍රයේත්, සවස 6.30 ට වේදිකාගත වෙනවා.
“නල්ලතම්බි Today” නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවිණ නාට්‍යවේදී ධර්මජිත් පුනර්ජීව විසින් වන අතර,
මංජු කාරියවසම් විසින් රචිත 'සාජන්ට් නල්ලතම්බි' නාට්‍යයේ අද්විතීය මුල් පිටපත යොදාගෙන දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යනය කරමින් වර්තමානයට ගැළපෙන ලෙස මෙහි ප්‍රතිනිර්මාණය සිදු කොට තිබෙනවා.
මීට රංගනයෙන් මයාශක්ති රංග පාසලේ ශිල්පීන් ඇතුළු තවත් ශිල්පීන් රැසක් රංගන දායකත්වය ලබා දෙනවා.
නාට්‍යය නිෂ්පාදනය කරන්නේ රංගන ශිල්පිනී අනෝමා ජනාදරී විසින්.
ප්‍රවේශ පත්‍ර My Tickets.lk වෙබ් අඩවියෙන් සහ එදින දොරටුවෙන් ලබා ගත හැක.
විමසීම් - 077 - 6975749











