විදර්ශන ප්‍රකාශන ආයතනයට වසර 29ක් පිරීම නිමිතිකොට ගෙන පැවැත්වෙන 'විදර්ශන' 29 වසරක සාහිත ආවර්ජනය,
2026 මාර්තු 3 වනදා,
සවස 3.00 ට,
කොළඹ, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.
මෙදින ප්‍රධාන දේශනය මහාචාර්ය කාලිංග ටියුඩර් ද සිල්වා විසින් සිදු කරන අතර, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් කෙටි දේශනයක් ද පවත්වන්නට නියමිතයි.
එමෙන්ම, මෙදිනට විදර්ශන: ගණනාත් ඔබේසේකර උපහාර කලාපය සමඟ නව ප්‍රකාශන ගණනාවක් ද දොරට වැඩීමට නියමිතයි.
එදින දොරට වඩින නව ප්‍රකාශනවල කතුවරු පහත පරිදි වේ.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, චූලානන්ද සමරනායක, මංජුල වෙඩිවර්ධන, ශ්‍රීලානි ප්‍රනාන්දු, ඉෂංඛ මල්සිරි, නන්දන වීරරත්න, ආනන්ද අමරසිරි, ලක්ෂාන්ත අතුකෝරල, මානෙල් කරුණාතිලක.
මෙම අවස්ථාවට එක් වන මෙන් සංවිධායක මණ්ඩලයෙන් ඔබ සැමට ඇරයුම්.












