lan englan tam

විශේෂාංග

විප්ලවකරුවකුගේ ආත්මය නිරුවත් වීම - "One Battle After Another" (movie)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Malintha Vithanage-

ඉතිහාසයෙහි පැවති සෑම ශිෂ්ටාචාරයකම ගැටුම්, කැරළි, විප්ලව, යුද්ධවලින් නිර්මාණය වෙලා තියෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අතීතයේ දැවවලින් තනාගත් මුගුරු, පොලු සිට වර්තමානයේ දිගු දුර විදිය හැකි කෲස් බ්ලැස්ටික් මිසයිල දක්වා තැනෙන ආයුධ (weapons) විසින් මනුෂ්‍යයන් අතර ප්‍රචණ්ඩත්වය දරුණු විදියට වර්ධනය කර අවසන්.

"One Battle After Another" චිත්‍රපටයේ ගෙතෙන්නේ මනුෂ්‍යත්වයට එරෙහිව කරන වෛරයේ වැපිරීමක් පිළිබඳව.

ජාතිය, ආගම, කුලය, සමේ වර්ණය පවා නොඉවසන දරුණු හැසීරිම් මාලාවක් පිළිබඳ චිත්‍රපටයේ දැක්වෙනවා. නිරාආයුධ ලෝකයක් තනනවා වෙනුවට ආයුධවලින් සන්නද්ධ කැබලි බවට පත්ව ගිය ලෝකයක ස්වභාවය 'වන් බැට්ල් ආෆ්ටර් එනදර්' චිත්‍රපටයේ සාකච්ඡාවට ලක් කෙරෙනවා.

සිනමාපටයේ මෙම ගැටුම්කාරී අවකාශයෙහි මානවාදී ප්‍රේමයක් පිළිබඳ තතු සඳහන් වෙනවා. ඒ දුවෙකු සහ පියෙකු අතර තිබෙන බැඳීම සහ සෙනෙහසයි.

 

One Battle After Another Review Header FUTURE OF THE FORCE

 

ලාංකේය විප්ලව ඉතිහාසයේ 77 - 89 වැනි සන්නද්ධ අරගලයක් ඇමරිකාවේ එක්තරා පෙදෙසක විප්ලවාදී කණ්ඩායමක් විසින් පවතින රජයට එරෙහිව කැරැල්ලක් මෙහෙයවනවා. මෙම කැරැල්ලේ පාර්ශව කිහිපයකි. ඒ පර්ෆීඩියා බෙවර්ලි හිල්ස් (ටෙයානා ටේලර්) සහ බොබ් ෆර්ගියුසන් (ලියනාඩෝ ඩිකැප්‍රියෝ) කියන දෙපළ මෙම කැරැල්ල මෙහෙයුම්කරුවෝය. මොවුන්ගේ පරම සතුරා වන්නේ පොලිසියයි. ලයිට් කණු ගිනි තබමින්, බැංකු ගොඩනැගිලි බෝම්බ දමා පුපුරවා හරිමින්, පොලිසියෙන් ආයුධ සොරකම් කරමින් මොවුන් රජය අඩපණ කරන්නට යත්න දරයි. මෙම ක්‍රියාදාමය අතරතුර පර්ෆීඩියා සහ බොබ්ට දාව විලා නමින් ගැහැණු දරුවෙකු උපදී.

 

MCDONBA WB016

 

නොසිතු මොහොතකදී අණදෙන නිළධාරී කර්නල් ස්ටීවන් ලොක්ජෝ නම් පොලිස් නිළධාරියා විසින් පර්ෆීඩියාව අත්අඩංගුවට ගන්නවා. පර්ෆීඩියා විසින් පොලිසිය හමුවේ කැරලිකරුවන්ගේ නම්, ගම් සියල්ල පාපොච්චාරණය කරයි. කැරැල්ල බිඳ වැටෙයි. කැරලිකාරයන් අත්අඩංගුවට පත් වීම නොවැළැක්විය හැකි දෙයක් බවට පත් වෙයි. බොබි සහ විලා ඈතකට පැන ගොස් සැඟවී ජීවත් වෙන අතර විලාට තම මව අහිමි වෙයි. නමුත් ලොක්ජෝගේ ඇස්වලට වැලි ගසා පැන ගිය බොබ් සහ විලාව පොලිසියේ දඩ බල්ලන් සොයා යෑමට පිඹුරුපත් සකස් කරයි. බොබ්ගේ කැරළිකාර ජීවිතය පසෙකලා තම දියණිය රක්ෂා කිරීමට තම ආත්මය උකසට තබයි. සිනමාපටයේ කුතුහලය දැල්වෙන්නට පටන් ගන්නේ මෙතැන් සිටය.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය >>>

 

"One Battle After Another" අධ්‍යක්ෂණය කරන්නේ පෝල් තෝමස් ඇන්ඩර්සන් නම් ඔස්කාර් සම්මානලාභී සිනමාකරුවා විසිනි. ''Boogie Nights''(1997), ''There Will be Blood''(2007), ''Phantom Thread''(2017) සිනමාපට ප්‍රේක්ෂක, විචාර අවධානය දිනු ප්‍රශස්ත සිනමාපට වෙති. ඔහු අධ්‍යක්ෂණය කරන සිනමාපටවල පොදු ලක්ෂණය වනුයේ පවතින පද්ධතිය විවේචනය කිරීමයි. පද්ධතියේ අවුල්සහගත තැන් සහ දෘෂ්ටිවාද (Ideologies) ඛණ්ඩනය කිරීම ඔහුගේ ආධ්‍යාෂයයි.

 

rev 1 OBAA MM DSF5645g High Res JPEG"One Battle After Another" චිත්‍රපටය අධ්‍යක්ෂණය පෝල් තෝමස් ඇන්ඩර්සන් (දකුණ) හා ලියනාඩෝ ඩිකැප්‍රියෝ (වම) ගේ ඡායාරූපයක් චිත්‍රපටයේ රූගත කිරීම් අතර තුර

 

සිනමාපටයෙහි උපහාසය බහුල ය. සිනමාපටය සියුම් ලෙස නිරික්ෂණය කළ විට පෙනෙන්නට තිබෙන දෙය නම් ඇමරිකාවේ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්ති සහ මර්දනකාරී මිලිටරි පද්ධතියට එරෙහිව සිදු කළ චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර තිබීම.

විශේෂයෙන් චිත්‍රපටයේ කතා කරන තේමාවන් වැදගත්. සංක්‍රමණි ප්‍රතිපත්ති, කළු - සුද වර්ණභේදය සේම නිළධාරිවාදය පිළිබඳ චිත්‍රපටයේ කතා කරන ප්‍රධාන මාතෘකා බවට පත්වෙනවා. විලාගේ චරිතය නිරූපණය කරන චේස් ඉන්ෆිනිට් අවධානය දිනාගන්න නවක නිළියගේ රංගනය කැපී පෙනෙන්නකි.

 

65206ba0 f214 4219 abe7 77de671d9e4c 1758968214

 

ශීල්පීය අංශයෙන් කැමරාකරණය සහ සංස්කරණය විශේෂ කාර්යභාරයක් ඉටු කර තිබේ. වේගවත් ජේදන (Fast Cuts) භාවිතයෙන් ව්‍යාකුලත්වය ගහණ පරිසරයක ඉඩකඩ සාදා දී ඇත. විශේෂයෙන් බොබ් පර්ගියුසන් උමතුවෙන් මෙන් හැසිරෙමිස් ගැහැරගත් තම දියණිය සොයා යන ගමන වෙිගවත්ව ජේදනය වන රූපරාමු කතාවේ විශ්වසනීයත්වය සහ කතාවේ හැඟීම තීව්‍ර කරන්නකි.

බොබ් ෆර්ගියුසන්ගේ චරිතය සඳහා පණ පොවන අත්දැකීම් බහුල ඔස්කාර් සම්මාන ලැබූ ලියනාඩෝ ඩ්කැප්‍රියෝ වෙනස්ම චරිතයක් ලෙසින් ප්‍රේක්ෂකයා අතරට පැමිණෙනවා. රංගධර ෂෝන් පෙන් විසින් සිනමාපටයේ කර්නල් ලොක්ජෝ හෙවත් දුෂ්ටයාගේ චරිතය සඳහා අනන්‍යතාවයක් ලබා දෙන රංගනය ඉදිරිපත් කරයි. 2025 වසරට අදාළව සිනමාපටයකින් දුටු වෙනස්ම චරිතයක් සහ වෙනස්ම රංගනයකි. මොවුන් දෙපළම ඔස්කාර් සම්මාන දිනූ නළුවෝ දෙපළක් වීම විශේෂයකි. නිරායාසයෙන්ම ඩිකැප්‍රියෝ සහ ෂෝන් දෙපළ එන වසරේ පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා අංශයෙන් තරඟ වැදෙනවා ඇත.

විවාහ සම්බන්ධතාවන්හි අස්ථිර බව, දේශපාලනය, ස්ත්‍රී - පුරුෂ සමාජභාවය, මානව සමිබන්ධතාහි අති සංකීර්ණබව සහ ලිංගිකත්වය පිළිබඳ කියැවෙන '"One Battle After Another'' පෝල් තෝමස් ඇන්ඩර්සන් සිනමාකරුවාගේ සිනමා දිවියේ සුවිශේෂී සිනමාපටයක් ලෙස සඳහන් වෙයි.

 

476237625 2101514566935849 5297727973837240105 n

කර්තෘ - මලින්ත විතානගේ (Malintha Vithanage)

(මෙම ලිපිය 2025 නොවැම්බර් 20 වැනිදා සරසවිය පුවත්පතේ මුල්වරට පළ විය.)

kemadasa

Back to top
Go to bottom