lan englan tam

විශේෂාංග

සෑම girlfriend / wife කෙනෙක්ම නැරඹිය යුතු ‘මාරියා’ - ලක්මිණ රණසිංහ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාරියා ෆිල්ම් එකේ තියන බෝට්ටුවේ පිරිමි වර්ග 3ක් / පිරිමි ස්ථර තුනක් ඉන්නවා. මේ බෝට්ටුවත් හරියට විවිධ පිරිමි ඉන්න ඔෆිස් එකක්, යුනිවසිටි එකක්, ආයතනයක් වගේ. ස්ථර තුනක ඉන්න පිරිමි හැමෝම සෙට් වෙලා, සොමියක් දාලා, අඩියක් පුඩියක් ගහලා, සුරංගනීට මාළු ගෙනල්ලා, ආතල් එකේ ෂේප් එකේ මැච් එකක් ගහගෙන ඉන්නවා.

මිත්‍රයා.., කොහෙවත් ඉඳලා ආපු උල්කාපාතයක් නිසා, පෘතුවියේ විරාජමානව වැජඹුන මහා දැවැන්ත ඩයිනෝසරයන්ට වුන දේ මතකයිනෙ! ගෑනුත් හරියට ඒ උල්කාපාත වගේ පිරිමි රංචු ඉන්න බෝට්ටුවලට කඩාපාත් වෙලා ආතල් කුඩු කරනවා. ඊට පස්සෙ ඉතිං පිරිමි මරාගන්නවා. ඔන්න ඕක තමයි මාරියා ෆිල්ම් එක!!

 

hq720

 

උඹගේ GF/Wife උඹට වෙන වෙන ගෑනුන්ව ජෝඩු කරලා විකාර පද හදනවද? පිරිමි වනචරයි, සල්ලාලයි වගේ අභූත දේවල් කියනවද? එහෙම කියනව නම් උඹලා කටගහගෙන යන්න එපා. ගෑනු කියන ජාතිය කතාවට, තර්කයට, වාග් ප්‍රහාරවලට අති දක්ෂයි. පණ නැති බෝනික්කෙක් වුනත්, ඒ ගෑනියෙක් නම් ඒකි කතා කරනවා කියලා මාරියා ෆිල්ම් එකෙනුත් අපිට කියලා දෙනවා. ඉතිං උඹේ GF/Wife උඹට අර වගේ අභූත චෝදනාවක් කළොත් උඹ අනිවාර්යෙන්ම එයත් එක්ක මාරියා ෆිල්ම් එක බලන්න යන්න. මොකද දන්නවද, පිරිමි මනසේ තියන කාමය - රාගය ගැන ගොඩක් වෙනස් විදිහට මාරියා ඇතුලෙ පෙන්නනවා.

නාඩි වැටෙනවා නම් දරමිටියක් එක්ක හරි කමක් නෑ පිරිමි හැමි**වා කියලා කියනවා නේද. අන්න ඒ කතාව ගැන සයිකොලොජිකල් ඈංගල් එකකින් ලියපු, ත්‍රිලර් කෑලිත් මාරියා එකේ තියනවා. මාරියා කියන්නෙ සයිකොලොජිකල් ත්‍රිලර් එකක් නෙමෙයි. ඒත්, මාරියා කියන්නෙ එක්තරා විදිහක පිරිමින්ගෙ ටෙස්ටෙස්ටොරෝන් ඇඩ්‍රිනලීන් හරහා ගිහිල්ලා පිරිමි මනසට කැමරාවක් අල්ලපු අමුතුම සයිකොලොජිකල් ත්‍රිලර් වැඩක්!! ඒ නිසා පිරිමි මනස ගැන හොයන ගෑනු අනිවාර්යෙන්ම මාරියා බලන්නම ඕනෙ.

පිරිමි හිත්වලට අතරමගදී මුණගැහෙන තාවකාලික ගෑනු කරන බලපෑම, ඒ ගැහැනු ගැන පිරිමි හිත් ඇතුලෙ ඇතිවෙන ඇත්ත හැඟීම, පිරිමි හිත ඇතුලේ ඇත්තටම ඉන්න ගැහැනිය කවුද වගේ දේවල් ගැන මාරියා ඇතුලෙ නියමෙටම පෙන්නනවා.

 

 පූර්ව ප්‍රචාරක පටය පහළින්>> 

ෆිල්ම් end එකේ ටයිටල්ස් යන අතරේ ඒ ෆිල්ම් එකේ ඉන්න චරිතවලටවත් දැනගන්න ලැබෙන්නෙ නැති, ෆිල්ම් එක බලන අපිට විතරක් දැනගන්න ලැබෙන, පිරිමින්ගේ සයිකොලොජිකල් රහසක් එළියට දාලා "අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති" වර්ගයේ යූ ටර්න් එකක් ගහනවා. ඒක තමයි මාරියා ෆිල්ම් එකේ ‘X factor’ එක. එතනින් තමයි මුළු කතාවම කණපිට හරවලා පිරිමින්ට බොරු කතා හදන ගෑනුන්ගේ කණට ගහන්නෙ. චටාස්! චටාස්! චටාස්!

Start එකේ ඉඳලම අපේ හැඟීම් දෙදරවන පොඩි පොඩි සිද්ධි හරි පදමට කතාව ඇතුළෙ තියනවා. කතාව ඕනවට වඩා ඇදෙන්නෙත් නෑ. ඒ ඒ චරිතවල ජීවන අත්දැකීම් එළියට එන තව සිද්ධි තිබුනා නම් හොඳයි නේද කියලා හිතෙන තරමටම ළඟ නවලා වැඩේ පැක් කරලා තියනවා. ඒත්, “අයියෝ... කතාව ඇදුනා වැඩියි” කියලා අහගන්නවට වඩා, තව ටිකක් තිබුනා නම් හොඳයි නේද කියලා අහගන්න එක අධ්‍යක්ෂවරයෙක්ට ගෞරවාන්විතයි.

 

පටන්ගන්නකොටම මම කියුවා වගේ, මාරියා ඇතුලෙ මට අහුවුන සිරාම කෑල්ල තමයි ඒකෙ පෙන්නන ‘පිරිමි ස්ථර 3’‍

1) “ඉහළ ස්ථරය” - ජීවිතේ ගැන විශාල අත්දැකීම් තියන, තැලිලා පොඩි වෙලා තෙම්පරාදු වුන, පීතෘත්වයේ සාධකවලට වැඩි නෑකමක් කියන, ඉවසීම ඇති, රඟන්නෙ නැති, මුහුදේ රළු බව දැනගෙන මුහුදට පනින්නෙ නැති පිරිමි ස්ථරය! ෆිල්ම් එක පුරාවටම එකපාරක්වත් මුහුදට පැන්නෙ නැති කැප්ටන් සහ බෙනට් (මහේන්ද්‍ර සහ ප්‍රියන්ත) නියෝජනය කරන්නෙ මේ ‘ඉහළ’ ස්ථරය.

2) “මැද ස්ථරය” - යම් අත්දැකීම් ප්‍රමාණයක් ලබපු, තාමත් තැලෙමින් පොඩි වෙමින් ජීවිතේ ඉගෙනගන්න, වගකීම් ගන්න උත්සාහ කරන, ජීවිතේ හොයන්න ට්‍රයි කරන, යම් ප්‍රමාණයකට රඟන, අර්ධ අරමුණු තියාගෙන ඉදිරියට යන පිරිමි ස්ථරය!

3) “පහළ ස්ථරය” - ගෙදර එන්න පරක්කු වුනාම අම්මගෙන් කෝල් එන, බරපතල ජීවන අත්දැකීම් නැති, අධික කුතුහලයෙන් දඟලන, හදිස්සියෙන් රඟන, අවදානම් සහගත වැරදිවලින් ජීවිතේ ඉගෙනගන්න, මම තමයි king කියලා හිතාගෙන හිටියත් තාමත් පීනන්නවත් බැරි, මුහුදේ ගැඹුර නොදැන මුහුදට පනින ළාමක පිරිමි ස්ථරය! මාලන් (දසුන් පතිරණ) නියෝජනය කරන්නෙ මේ ‘පහළ’ ස්ථරය.

 

අතුරු සිද්ධි සහ ප්‍රධාන සිද්ධි එක්ක හප්පලා මේ පිරිමි ස්ථර තුනේ මනස ඇතුළේ තියන කාමය, රාගය, මානුෂීයත්වය ගැන තුන් විදිහකින් මේ ෆිල්ම් එක ඇතුලෙ තියනවා. හරියට බැලුවොත් මේ ස්ථර තුන නියමෙටම වෙන්කරගන්න පුළුවන් සිද්ධි අරුණ ජයවර්ධන කියන විශිෂ්ට අධ්‍යක්ෂවරයා අපිට පෙන්නනවා.

මේ පිරිමි ස්ථර තුන කියවගන්න උඹලට පුළුවන් වුනොත් ජීවන අත්දැකීම් එක්ක සෙට් වෙන මාරම ගැඹුරක් උඹලට අනිවාර්යෙන්ම අහුවෙනවා. මුහුදට නොවැටී ජීවිතේ බේරගන්න නම් මේ ජීවන අත්දැකීම් මොනතරම් වැදගත්ද කියලා උඹලට අන්තිමේදි තේරෙයි.

 

චිත්‍රපටයේ නිළ තේමා ගීතය පහළින්>> 

 

රංගනය ගැන බැලුවොත්; ඇත්තටම මාරියා ෆිල්ම් එකට අඩු: සරත් කොතලාවලයි, කමල් අද්දරාරච්චියි, බිමල් ජයකොඩියි විතරයි. ඒ තුන්දෙනත් බෝට්ටුවට නැගලා ඔක්කොම පිරිමි 10 ක් වුනා නම්... "අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති" තමයි. ඒ අය නැතුව වුනත්, 2025 වසරේ හොඳම නළු නිළිවරණය තිබුන ෆිල්ම් එක තෝරන්න කියුවොත්, නෙළුම් කුළුණයි මාරියායි අතර අති බිහිසුනු තරගයක් නිර්මාණය වෙනවා.

ඒ ෆිල්ම්ස් දෙකේම හිටපු පොදු නළුවා තමයි, 2025 වර්ෂයේ නළු කුමාරයා හෙවත් ප්‍රියන්ත සිරිකුමාර. ගොඩක් වෙලාවට ප්‍රියන්ත සිරිකුමාර මේ ඉන්නෙ, එක් කලා සම්මානයකට අදාළ නිර්දේශ නාම තුනටම තමන්ගේ නම යෝජනා වෙන්න ඉඩ තියන අවස්ථාවක වෙන්නත් පුළුවන් (නෙළුම් කුළුණ, වාලම්පුරි, මාරියා). මීට කලින් මේ වගේ අති දුර්ලභ අවස්ථාවකට හිමිකම් කියුවෙ රවීන්ද්‍ර ගුරුගේ කියන අති විශිෂ්ට සංස්කරණ ශිල්පියා. ඊට අමතරව නිර්දේශ නාම සියල්ලටම එකම නම තිබුන තවත් අය හිටියා නම් කමෙන්ට් කරලා කියන්න.

දැනට ජීවතුන් අතර ඉන්න සිංහල සිනමාවේ විශිෂ්ටතම රංගන ශිල්පීන් දෙන්නා‍ මාරියා ෆිල්ම් එකේ එකම රූපරාමුවල ඉන්නවා. ඒ දෙන්නා තමයි මහේන්ද්‍රයි ප්‍රියන්තයි!! මේ සුපිරි ඩබල ඇට්ටි හැලිලා, ගෙඩිත් හැලිලා, කොලත් හැලිලා, ළොඳ ගැලවෙන්න වැඩේ කරනවා. මේ ඩබල උපරිම ආංගික විනයක් සහ උපරිම සාත්වික හික්මීමක් එක්ක‍, හදිස්සි නැතුව, දඟලන්නෙ නැතුව හරිම සිනමැටික් මාත්‍රාවට රඟපානවා. රංගනය ඉගෙනගන්න අයට මහේන්ද්‍රයි ප්‍රියන්තයි කියන්නෙ බයිබලයයි ත්‍රිපිටකයයි වගේ තමයි!

මේ වැඩේ ඇතුළෙ මුහුදත් බෝට්ටුවත් එක්ක තවත් මාරම ෂොට්ස්වලට සහ ප්‍රඩක්ෂන් ඩිසයින්වලට ගියේ නැත්තෙ ඇයි කියලා මට ෆිල්ම් එක බලද්දි හිතුනා. ඒත් මුහුදට ගිහිල්ලා, මුහුදෙ තියන විෂුවල් බියුටි එක අල්ල ගන්න වැඩේට බජට් එක මොන තරම් බලපානවද කියලා මම නොදන්නවා නෙමෙයි ආදරණීය චන්න අයියේ. ඒත් තුන්වෙනි ලෝකයේ වැඩක් විදිහට සුපිරි ultra pro max සංකල්පයක් සහ ගින්දර යූ ටර්න් එකක් තියන මාරියා ෆිල්ම් එක මේ විදිහට ගොඩ ගිය එක ගැන නම් මට තියෙන්නෙ පට්ට සතුටක්.‍

අරුණ ජයවර්ධන අයියේ... ඔයා සුපිරියට මාළු කපපු මේ පිහියෙන්ම, සුපිරියටම යුද්දෙත් කරලා ඇති කියලා මම හිතනවා. ඒ යුද්දෙත් අපි ඉක්මනට බලමු.

 

217650699 4757575867605043 4807348825720843340 n 1

සටහන - ලක්මිණ රණසිංහ

මාධ්‍ය හා නිර්මාණ විශ්ලේෂක

(creative group head publicis srilanka)

(මෙම සටහන Lakmina Ranasinghe ෆේස්බුක් පිටුව ඇසුරිනි.

 

 

kemadasa

Back to top
Go to bottom