lan englan tam

විශේෂාංග

“නඩුකාර හාමුදුරුවෝ නඩු අහන්න පටන් ගත්තා!!”

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

-Lakmina Ranasinghe-

මෑත කාලීන සිංහල සිනමාවේ බරම, ප්‍රහාරාත්මකම, නිර්මාණාත්මකම දේශපාලනික ‘දෙබස’ තියෙන්නෙ ෆාදර් ෆිල්ම් එකේ!!

"උන්ට වැරදුනේ දේසෙට ප්‍රේම කරන්න ගිහිල්ලා නෙමෙයි! ප්‍රේමෙට ද්වේෂ කරන්න ගිහිල්ලා!!"

ප්‍රේමෙට හෙවත් "ප්‍රේමෙ" කියන්නෙ රණසිංහ ප්‍රේමදාසට. එදා දේශයට ප්‍රේම කරපු තරුණයො රණසිංහ ප්‍රේමදාසට ද්වේෂ කළා. එහෙම කරපු නිසා බොහෝ තරුණයො අනිච්චාවත සංකාරා ඉරණමට ගොදුරු වුන හැටි, බොක්කට හීන්දාඩිය දාන විදිහට ෆාදර් ෆිල්ම් එකේ පෙන්නනවා මිත්‍රයා.

කණ් දෙකෙන් අහලා වම් සහ දකුණු මොළවලින් හිතන්න ඕන, ඇඩ්‍රිනලින් ඇවිස්සෙන බොක්කට හික් ගෑවෙන දෙබස් ගොඩක් ෆාදර් ෆිල්ම් එකේ තියනවා.

 

fATHER MOVIE RE W

 

“ඥානෙට කියපං, නඩුකාර හාමුදුරුවෝ නඩු අහන්න පටන් ගත්තා කියලා!!”

“මුනියා නෙමෙයි, තනියා වුනත් අපිට මොකද...!!”

“ඕකා ඇස් දෙකෙන් බලලා ඇට දෙකෙන් හිතන කෙනෙක්”

"කිරිසප්පයෙක් මේ ලෝකෙට උපද්දන දොස්තර කෙනෙකුට තරම් සිහිබුද්ධියක් මර්ඩර් එක ගහන එකාට තියෙන්න ඕනෙ"

“අ__ ට කෙළියා නේද තරුණ කැළ”

“සර්ලගේ ප්ලෑන් වලට වැඩ කොරන්න ගිහිල්ල තමයි අර සිp i යෙk අයියෙක් වෙලා ඉන්නෙ”

 

Film Father 4.jpg 1

 

පොඩ්ඩක් කල්පනා කරලා බලන්න... හදවතට ඉක්කා වැටිලා මොළේ හෙල්ලෙන ලෙවල් එකට මේ දෙබස් ලියලා තියනවා.

ඔව්.. මේ ෆිල්ම් එක පට්ට දේශපාලනිකයි. දේශපාලන බල කාමයෙන් උමතු වෙලා ඉන්න මයිකල්, ධම්මික වගේ අයගේ ඔඩොක්කුවේ ඉඳලා කිරි බීලා හැදෙන ඥානෙ අයියලා වගේ නීතියට වඩා අත පය දිග විසකුරු සර්පයෝ, යුක්තියේ දෙවඟනව දූෂණය කරන විදිහ ගැන ෆාදර් ෆිල්ම් එකේ කියනවා මිත්‍රයා.

“පොලිසියේ මිදුලෙ තණකොළ නෑ”

ෆාදර් ෆිල්ම් එකේ පොලිස් ස්ථානාධිපතිවරයා කියන විදිහට පොලිසියේ මිදුලේ තණකොළ ගස් එක දෙක එනකොටම ඒවා ගලවලා දානවා. විසිකැත්තෙන් කපන්න වෙන තරමට ලොකු වෙන්න දෙන්නෙ නෑ. ඒත් ඒවට වැවෙන්න ඉඩ දුන්නොත් මහා සමාජ පිළිලයක් වෙලා මුළු සමාජයම වල්වදිනවා.

පුංචි වල් පැලයක් පළවෙනි වරද කරද්දිම ගලවලා දාන්නෙ නැතුව ඒ වල් ගස්වලට වතුර පෝර දාලා හැදෙන්න දුන්නොත්, ඒවා ලොකුවට වැවිලා, මහා දැවැන්ත වනාන්තර වෙලා, නීතිය අතට අරගෙන සමාජයයේ උඩුදුවන පිළිකාවක් වෙන හැටි ෆාදර් ෆිල්ම් එකේ තියනවා.

තමන්ගේ ගැන්සියේ කෙනෙක්ම තමන්ගේ ගැන්සිය පාවලා දෙන්න නියමිත සිද්ධියකට කලින්, ඒ පාවාදීම ගැන ඉඟියක් දෙන, එක ඇසක් නොපෙනෙන පුද්ගලයෙක් එක්ක ගොඩනැගෙන උපහාසාත්මක දෙබසක් පවා මේ ෆිල්ම් එකේ හරිම සීරුවට අතුරලා තියනවා.

මේ ෆාදර් ස්ක්‍රිප්ට් එක හොඳ සිහිබුද්ධියකින් ලියලා, ලුණු ඇඹුල් සියඹලා ගොරකා දාලා අඹරලා අරන් තියෙන්නෙ චාමර කොඩිතුවක්කු, Wimal Ketipearachchi, Chamal Akalanka ඇතුළු තරුණ කැළ.

මිත්‍රයා, අයිසෙක් නිව්ටන්ට පවා මේ ෆිල්ම් එක බය නැතුව පෙන්නන්න අපිට පුළුවන්. ගුරුත්වාකර්ෂණයට අභියෝග කරන කිසිම අභව්‍ය ෆයිට් එකක් මේ ෆිල්ම් එකේ නෑ. ඒ වගේම නිව්ටන්ගේ 3 වෙනි නියමය තමයි "සෑම ක්‍රියාවකටම සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් තිබේ" කියන නියමය. ඒ නියමය භෞතික ලෝකයට වගේම, සමාජ හා මනෝ විද්‍යාවන්ටත් අදාළයි කියලා ෆාදර් ෆිල්ම් එක බැලුවම අයිසෙක් නිව්ටන්ටත් තේරෙයි.

 

f image gg

 

තමන් තව කෙනෙක්ට කරන පහරදීමකට අදාළව ප්‍රති ප්‍රහාරයක් කුමන හෝ අවස්ථාවක කුමන හෝ ක්‍රමයකින් එල්ලවෙනවා කියන එක ෆාදර් ෆිල්ම් එකෙන් මුළු සමාජයටම මතක් කරලා දෙනවා.

කතා සංකල්පය ගැන කියනවනම් ෆාදර් කියන්නෙ ගහෙන්ම බාපු සුපිරි ලෝකල් බඩු මිත්‍රයා!! මේක පුනරුද ලක්ෂණත් එක්ක ඇඩ්‍රිනලින් අවුස්සන, අපේ බොක්කට වදින අපේම කතාවක්.

පාතාලයන්ට hඋ ජ්J යන ගේම් ගහපු, දෙවියන් එක්ක ඩීල් එකක් දාගෙන අවස්ථා ගණනාවකදී මරණය කල්දාගත්ත, තවමත් ජීවතුන් අතර ඉන්න චරිතයක් ගැන තමයි මේකෙ කියන්නෙ. ඉතිං ෆාදර් කියන්නෙ සින්දු 5යි - ෆයිට් 16යි - මරණ 8යි තියන සට පට සත්තපඩි වර්ගයේ වැඩක්!

 

father review 3

 

අඩු දක්ෂතා ඇති නළු නිළියන් වෙනුවට, අති දක්ෂ නළු නිළියන්ට ආකර්ෂණය වෙන තැනට දැන් රසිකාගාරයේ මනස හැදීගෙන යනවා. නළුවට හරියන චරිතයක් හදනවා වෙනුවට, චරිතයට හරියන නළුවෙක්ව තෝරගන්න වැඩේ ෆාදර් ෆිල්ම් එකේ අති සාර්ථකයි. ඩෙස්මන් ගේ පවුලේ සාමාජිකයින් තෝරාගනිද්දි මුහුණුවර පවා සමපාත කරගෙන අති විශිෂ්ට විදිහට ඒ තේරීම් කරලා තියනවා.

සරාගී, සුන්දර, කඩවසම් නළු නිළියෝ වෙනුවට, රංගනයේ රියල් ටැලන්ට් තියන රියල් බුලට් රොත්තක් ෆාදර් ෆිල්ම් එකේ ඉන්නවා. ඒ නිසා මේ චරිත සහ සිද්ධි දිහා පට්ට පෙරේතකමින් කැත නැතුව බලාගෙන ඉන්න අපිට පුළුවන්. තවත් විදිහකට කියනවා නම්, නළුවාව විඳිනවා වෙනුවට ඒ නළුවා දක්ෂ ලෙස කරන ‘චරිතය’ විඳින්න ෆාදර් ෆිල්ම් එකෙන් අපිට අවස්ථාවක් ලැබිලා තියනවා. පහුගිය මාස 14 තුළ සිංහල සිනමාවේ අති සාර්ථකත්වයේ ප්‍රධානතම සාධකයක් විදිහටත් මේ ‘නිවැරදි නළුනිළිවරණය’ කියන සාධකය හඳුන්වන්න පුළුවන් මිත්‍රයා.

 

530860604 122148768482755324 6937376445937913079 n

 

Poojana Dandeniya; ප්‍රධාන චරිතයක් කරපු පළවෙනි වතාවෙදිම මේ තරම් ස්කෝ කරන්න පුළුවන් කියන්නෙ ඌ පට්ට සුපිරි පොරක්. පූජනගෙ මූණෙ තියන ස්වභාවික කැපුම් පාර පවා මූණේ එක පැත්තකට වෙලා රහසේ රඟපානවා කියලා තමයි මට හිතුනෙ. පූජන ඒ තරම් වැඩ්ඩා!

Jagath Manuwarna; මේ නළුවා ආයු ෆිල්ම් එකේ රඟපානවා, ඒත් ෆාදර් එකේ ‘රඟනවා’. එහෙම රඟන්න ලේසි පහසු නළුවෙක්ට බෑ. විශේෂයෙන්ම මයිකල් මහත්තයත් ඉන්න එකේ ඥානෙගෙ චරිතෙ රඟපාලා බෑ... රඟන්නම වෙනවා! එළාර නිසා දුටුගැමුණු වීරයෙක් වුනා වගේ පූජනට වීරයෙක් වෙන්න ජගත් මනුවර්ණ දීපු ඒ අස්ථි කොර වෙන රැඟිල්ල ulta pro max!

 

f iamge 2

 

සිනමාශාලාවට ගිනි තියන සහ තමන්ගෙ වාඩියේ සිගරැට් එකක් බොනගමන් කල්පනා කරන අවස්ථා දෙකේදි කැමරාව ජගා ගේ ඔළුව වටේ කැරකිලා යන විදිහ වගේ ගොඩක් අවස්ථාවලදී ජගාගේ හොඳම කෑලි ටික නියමෙටම කැමරාවෙන් අල්ලගෙන තියනවා.

 

 

Vishwajith මහත්තයෝ; මේ වගේ ක්‍රියාදාම, වේගවත්, ගැඹුරු වැඩක කැමරාකරණය ෆේල් වුනා නම් ඉතිං අනිත් මොන දේ සුපිරියටම තිබුනත් වැඩක් නෑ. කැමරාකරණයේ ගැම්ම ෆිල්ම් එක බලද්දි අපිට හොඳටම දැනෙනවා මිත්‍රයා.

අම්මෝ Chinthaka Jayakody මහත්තයෝ; වාද බයිලා සොමිය නම් ගහේ බඩු!! චින්තක කරපු වාලම්පුරි සහ ෆාදර් මියුසික් දෙකම පිස්සු පීකුදු මහත්තයෝ. ඛේමදාස මාස්ටර්ගේ ෆොටෝ එකට මල් පහන් පූජා කරන කවුරු හරි මේ ලෝකෙ ඉන්නවා නම්.., මාස්ටර්ගේ ෆොටෝ එකේ දකුණු පැත්තෙ පොඩියට චින්තකගේ ෆොටෝ එක තිබ්බට පව් නෑ.

Dhanuka Bimal Jayakodi මහත්තයෝ; බිමල් මේ ෆාදර් ෆිල්ම් එක ඇතුළෙ තමන්ට ලැබුන හැම රූප රාමුවකින්ම, හැම සිගරැට් උගුරකින්ම ගැම්මට ගේමක් ගැහුවා. ධර්ම යුද්ධය 2 සහ Room number 106 කියන්නෙත් ඉතිං 2026ට ජය-කොඩි දාන්න පුළුවන් වැඩ!!

Thilina De Silva ගේ අමුතුම කැපෑසිටි එකක් මම ෆාදර් ඇතුළෙ දැක්කා. ඒ වගේම සේවියර් කණිෂ්ක, Akalanka Prabashwara, Chandani Seneviratne, Chanaka Bandara, සරත් කොතලාවල, Suraj Mapa, Sanath Wimalasiri, Suneth Chithrananda, පසන් රණවීර, අංජන ප්‍රේමරත්න, කෝරලගේ සමන්, Manoja Fernando, Jenat Anthony කියන සුපිරි බුලට් සෙට් එක චමින්ද ජයසූරියගේ අති දක්ෂ යක්ෂ අධ්‍යක්ෂණය යටතේ දීපු කෑලි ටික නම් ටොපේ ටොප්.

Chaminda Jayasuriyaගේ අධ්‍යක්ෂණයේ ගැම්මට හොඳම උදාහරණය තමයි, අනුෂ්කිව (අනූ) දොඹෙන් රඟපාවපු විදිහ. ඊට අමතරව හිටපු අනිත් නළු නිළියොත් කතාවේ හැඟීම් මතුකරන්න තමන්ගේ දායකත්වය ගාණට දීලා තියනවා.

Dimuthu Kalinga ගේ ෆාදර් ටයිට්ල් ඩිසයින් එකත් බර අවියක්. Priyantha Kodippili ලියපු ‘විනිශ්චය අවි-නිශ්චිත’ කියන ෆාදර් තේමා පාඨය තවත් සුපිරි බර අවියක්. ඩෝං!

“යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය”

 

217650699 4757575867605043 4807348825720843340 n 1

සටහන - ලක්මිණ රණසිංහ

මාධ්‍ය හා නිර්මාණ විශ්ලේෂක

(creative group head publicis srilanka)

(මෙම සටහන Lakmina Ranasinghe ෆේස්බුක් පිටුව ඇසුරිනි.

kemadasa

Back to top
Go to bottom