ජඩ මාධ්‍ය කරණයට එරෙහිව කලාකරුවන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් මාධ්‍ය ආයතනවලට ගොස් ලිපියක් බාරදුන්නේ කලකට පෙරය. එහිදී අවම සදාචාරයවත් මාධ්‍ය බාවිතයේදී ආරක්ෂා කරන්නැයි එම ලිපිය මගින් ඉල්ලා තිබුනි.
පෞද්ගලික මාධ්‍ය ආයතන එම හිමිකරුවන්ගේ දේශපාලන සහ ආර්ථික අවශ්‍යතාවන් මත මෙහෙයවන අතර බල්ලො මරා හෝ මුදල් සෙවීමේ පටු විනාශකාරී මා(ර්)කටින් සිස්ටම් එකක සියලුම නාලිකා කටයුතු කරමින් සිටිති. මේ වනවිට ලංකාවේ මාධ්‍ය සාමුහික සංස්කෘතික ඝාතකයන් බවට පත්ව සිටිති.
මේ නිසාම අද වනවිට ස්වර්ණවාහිනියේ සේවක සේවිකාවන් තම රැුකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් පිහිටුවාගෙන ඇති වෘත්තීය සමිතියක් හේතුවෙන් එම වෘත්තීය සමිතියට දායකවූ 15 දෙනෙකුට අධික පිරිසකගේ රාජකාරියට වාර්ථා කිරීමට බාධා පමුණුවා ඇත. එලෙස බාධා පමුණුවා ඇත්තේ පලානාධිකාරිය විසිනි.
ලංකාවේ සියළුම පෞද්ගලික මාධ්‍ය ආයතන තුළ රැකියා කරන්නාවූ බොහෝ දෙනෙකුගේ රැකියාවල ආයුෂ රැදී ඇත්තේ පාලනාධිකාරියේ උවමනාවන් මතය. මේ සියළු දෙනාගේ වෘත්තීය ජීවිත ඇත්තේ අවධානමකය.
තේ දළු නෙලන වෘත්තිකයින් වෙනුවෙන් මේ රටේ බොහෝ ජනතාවක් පෙනී සිටින්නේ එය අරගල කර දිනාගන්නට සිදුව ඇති නිසාය. හාම්පුතුන්ගේ ලාභයෙන් සොච්චමක් ඉල්ලා ඔවුන්ට එසේ හුදකලාව සටන් කිරීමට නොහැකි නිසාය. රටේ ජනතාවට ඒ කම්කරු ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ රුදාවක් සහ වගකීමක් ඇති නිසාය.
මාධ්‍ය ආයතනවල රැකියා කරමින් හාම්පුතුන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාව වෙනුවට හාම්පුතුන් තෝරාගෙන කටයුතුකරන කළ බොහෝ මාධ්‍යවේදීන් ගේ හැසිරීම් පසුගිය කාලයේ සිදුවූයේ කෙසේද යන්න මේ රටේ ප්රජාතන්ත්රවාදය අගය කරන ජනතාවට අමතක වන්නට හේතුවක් නැත.
ප්රශ්නය දැන් ගේ දොරකඩට පැමිණ තිබේ. ලංකාවේ සියළුම පෞද්ගලික නාලිකාවල වැඩ කරනා සියළුම වෘත්තිකයන් මේ මොහොතේදී ස්වර්ණවාහිනිය තුළ පැන නැගී ඇති තත්ත්වය තුළින් තමන්ගේ වගකීම සහ කාර්්‍යභාරයන් පිළිබඳව නිශ්චිත සාකච්ජාවක් ඇති කරගත යුතුය.
සහෝදර වෘත්තිකයින් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. රූපවාහිනී වෘත්තීය වේදීන් සහ රූපවාහිනී මාධ්‍යට අදාලව පිහිටුවාගෙන ඇති සංගම් සහ සංවිධාන මේ මොහොතේ එක්ව ස්වර්ණවාහිනී සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට ඉදිරිපත්විය යුතුය.
වෘත්තීය සමිති පිහිටුවීම නීතියෙන් වරදක් නොවේ. තම අයිතිවාසිකම් දිනාගැනිම හෝ ලබාගැනීම වෙනුවෙන් වෘත්තියින් සංවිධානගතවීම පාලකයින්, ප්‍රාග්ධන හිමියන්, කොටස් කරුවන්, මුදල් ආයෝජකයින් කිසිවිටක අනුමත නොකලද, තර්ජන කිරීම්, රාජකාරීකටයුතු වලින් පන්නා දැමුවද තම අයිතිවාසිකම් වෙනුවෙන් මේ පිරිස් ක්‍රියා කළ යුතුය.
අරගලය ඇරඹිය යුතුය. ප්‍රාග්ධන හිමියන් ගේ වංචා, දූෂණ, අත්නෝමතික කම්, පෞද්ගලික සුඛ විහරණ... ජනතාවගේ අයිතිවාසිකම්, මුදල් වංචාකොට ආයතන පවත්වාගෙනයාම් ...මේවාට විරුද්ධ නොවී ගොට්ට අල්ලා සිටින සියළුම වෘත්තීකයින් වෘත්තීය ගරුත්වය සහ වෘත්තීය අයිතීන් වෙනුවෙන් මේ මොහොතේ සිට හෝ පෙණී සිටිය යුතුය.
පෞද්ගලික මාධ්‍ය ආයතන සහ රාජ්‍ය මාධ්‍ය වෙත කලාකරුවන් සහ සිවිල් සංවිධාන ගොස් සදාචාරාත්මක මාධ්‍ය බාවිතයක් ඉල්ලා සිටි මොහොතේ හිනාවුන, හූ කියන ලද, බේ්රකින් නිව්ස් ගසමින් නිව්ස් හදාගත් වෘත්තීකයින් ඒ මොහොතේ පෙනී සිටියේ, ක්‍රියා කරනු ලැබුවේ පාලකයින්ගේ ප්‍රාග්ධන හිමියන්ගේ අවශ්‍යතාව මතය.එම කලාකරුවන් සිවිල් සංවිධාන පෙනී සිටියේ මේ රටේ සුවහසක් ජනතාව වෙනුවෙනි.
ස්වර්ණවාහිනිය තුළ වැඩ කරන කිසිවකු ETI හි මුදල් තැන්පත් කරුවන් අඩා වැලපෙද්දී, දෙස් දොවාල් තියමින් තමන් උපයන ලද මුදල් එහි අයිතිකරුවන් වංචා කරද්දී, ජනතාවගේ පැත්තේ නොසිට පාලකයින්ගේ පැත්තේ සිටින විට නොතේරුන බොහෝ දේ මේ වනවිට මේ මාධ්‍ය වෘත්තීකයින්ට පසක් වී ඇතුවාට සැකයක් නැත.
දැන් ඉතින් ස්වර්ණවාහිනියේ සේවකයින් පිරිසට සිදුවූ අසාධාරණය ගැන කතා කරමු. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නට අපි අනෙකුත් පෞද්ගලික මාධ්‍ය සගයින්ට ද එන්න කියමු. හැමවිටම ජනතාව සමග සිටින්න ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න. එවිට ජනතාව ඔබ සමග සිටිනු නොඅනු මානය.
මේ වනවිට වැඩ තහනමට ලක්වී ඇති වෘත්තීකයින්
-පවිතා්ර හපුතන්ත්‍රී-