ජනප්රිය යෞවන නිළි ශලනි තාරකාමේ දිනවල සමාජ වෙබ් අඩවිවල විශාල කතාබහකටලක්වතිබෙනවා.
ඒ ඇය මුස්ලිම් ආගම වැළඳගත්තා යැයි පැවසෙන පුවතත් සමඟයි.
කෙසේ නමුත් ඒ පිළිබඳ ඇය තම ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබෙනවා.
‘මේ දිනවල බුකියේ ශෙයා වෙමින් පවතින සික්කා ටීම් ටෙලි නාටයයේ මාගේ මුස්ලිම් තරුණියකට නිරූපණය කරන චරිතයේ පින්තූර කිහිපයක් යොදා ගනිමින් මා බුදුදහම අතැර ඉස්ලාම් ආගම වැලදගෙන ඇති බව මඩ ප්රචාරයක් ඇත.
දුටුවන්ටත් හැදුවන්ටත් දැනගැනීම පිනිස මෙය ජාතික රූපවාහිනියේ විකාශය වූ සික්කා ටීම් ටෙලි නිර්මාණයේ රූපරාමු පෙලක් බවත් කිසිම ආගමක් සම්බන්ධව මා අමනාපයක් නැති බවත් මා බෞධයෙකු නොව උපන් දා සිටම කතෝලිකයෙකු බවත් ප්රථම වතාවට බුකියේ දැනුම් දෙමි.
එමෙන්ම තමන් අදහන ආගම හරියාකරව අදහන කිසිවෙකු තවත් කෙනෙකුට අපහාස නොකරන බවත් කිසිම ධර්මයක එවන් ක්රියා දෙවියන් විසින් අනුමත නොකරන බවත් මෙම පොස්ට් වල නිර්මාණකරුවන්ට ආදරයෙන් දැනුම් දෙමි’