බොලිවුඩයේ රන්වීර් සිං සහ දීපිකා පදුකෝන් තරු යුවළගේ විවාහය 14 දින පැවත්වුනා .
මේ දෙදෙනා විවාහ උත්සවය සිද්ධවුනේ ඉතාලියේvilla del balbiane කියන අති සුඛෝපභෝගී හෝටලයේදී .
වැවක් මැද පිහිටි මෙය දැඩි ආරක්ෂා සහිත තැනක් බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
දීපිකා ට පද්මාවත් නිසා මරණ තර්ජන තිබුනා. ඒ නිසාත් ඇයගේ විවාහ උත්සවය සුවිශේෂී ආරක්ෂාවක් සහිතවයි සැළසුම් කර තිබුනේ .ආරාධිතයින් වෙනුවෙන් විශේෂ අත් පළඳනාවක් ලබාදීලා තිබුනා.ඒ ආරක්ෂක නිලධාරීන්ට ඔවුන් හඳුනාගැනීමේ පහසුව වෙනුවෙන්නලු.
රන්වීර් - දීපිකා ඔවුන්ගේ විවාහය සඳහා මෙවැනි තැනක් තෝරාගත්තේ ගොසිප් මාධ්‍යවේදීන්ගෙන් දුරස්ව නිදහසේ විවාහ උත්සවය පවත්වන්න අවශ්‍ය නිසාලු .
ඒත් කොයිතරම් ආරක්ෂාවක් සපයලා තිබුනත් එසැණින් ජායරූප පිටවීම වසන් කරන්න බැරිවෙන බවට මේ ජායාරූප කිහිපය සාක්ෂියක්.
https://mirrorarts.lk/gossip/4318-deepika-ranveer-wedding#sigProId3fc49b2b29