ඔබ දන්නවද ලෝකයේ බොහෝ රටවල මේ වනවිට බෝ නොවන රෝග සීඝ්රයෙන් ව්‍යප්ත වෙමින් ඇති බව. එලෙස සිදුවන්නේ අපගේ ආහාර රටා නිසා මෙන්ම පරිසර, මානසික ගැටළු හේතුවෙන්. බොහෝ අයට වාර්තාගත ලෙස සිරුරේ සීනි ප්‍රමාණය,කොලොස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම නිසා හෘදයාබාධ, වකුගඩු ආශී‍්‍රත රෝග, ඇස් සම්බන්ධ රෝග මෙන්ම තවත් රෝග ගණනාවකට ගොඳුරු වෙලා තිබෙනවා.
ඔබගේ සරීර සෞඛ්‍ය රැකගැනීම යනු ඔබේ ජීවිතය පිලිබඳ ඔබ දක්වන ඇල්ම සහ ඔබේ ජීවිතය සමග බැදී ඇති අනෙක් ආදරණීයයන් සම්බන්ධව ඔබට ඇති උවමනාව යන්න අර්ථ ගැන්වෙනවා.
මේ නිසා මිරර් ආර්ට්ස් කාර්්‍ය බහුල ඔබේ ජීවිතයට රසවත්, ගුණවත් මෙන්ම විවේකී මොහොතක වගේම කාර්්‍ය බහුල ජීවිතයෙදිත් සකස් කරගත හැකි රසවත් පෝෂ්‍යදායි ආහාර වර්ග හඳුන්වාදෙන්න තීරණය කළා.
මේ එහි පළමු උත්සාහය."කෝලි ෆ්ලවර් කඩල සලාදය" ඔබත් මේ සළාදය සකස්කරගන්න. මෙය හරිම පහසුයි. අවශ්‍ය වන්නේ මේ සඳහා ඔබේ මානසික උවමනාව පමණයි. ආහාර සැකසීමත් කලාවක් . මේ කලාවට ඔබ වඩාත් ඇලුම් කරණු නියතයි.
කෝලි ෆ්ලවර් කඩල සලාදය
අවශ්‍ය දුව්‍ය-
කපාගන්නා ලද කෝලිෆ්ලවර් මල් කෝප්ප 01
කඩල කෝප්ප 2
කපාගන්නා ලද කැරට් කෝප්ප 01ක් හෝ 1 1/2
ප්ලේන් යෝගට් කෝප්ප 1/2
දෙහි යුෂ තේ හැඳිි 2
කළු ගම්මිරිස් කුඩු තේ හැඳි 01
ඉගුරු සිහින්ව ලියා ගත් තේ හැඳි 01
සාළාද කොළ අහුරක් (කපන ලද)
කෝත්තමල්ලි කොළ හෝ පාස්ලි කොළ කපාගන්නා ලද කෝප්ප 01
ලොකු ළුණු කෝප්ප 1/2ක් (පිළිවෙලට කපාගන්න)
කුඩුකරගන්නා ලද තුනපහ තේ හැඳි 02
ලුණු රසගන්වා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට
තෙල් - මේ සඳහා ඔබට ඔලිව් ඔයිල් බාවිතා කළ හැකියි
ඔබෙ හැකියාවක් තියෙනවනම් මේ ද්‍රව්‍යත් මේ සඳහා එක්කරගත හැකියි.
කොළපාට ඔලලිව් ගෙඩි
බැදගත් රටකජු
දැන් මේ සියල්ල ඔබ සතුයි නම් අපි බලමු හදාගන්නා ආකාරය-
සාදාගන්නා ක්‍රමය-
1.ප්‍රථමයෙන් කඩල පෙර සකසාගැනීමක් කළයුතු වෙනවා. ඔබ කඩල ඉතාම අඩු ප්‍රමාණයක් ලුණු මිශ්‍ර ජලයේ පැය 08ක් හෝ රාත්‍රියක් පුරා පෙගෙන්නට හරින්න.සලාදය සැකසීමට පෙර හොඳින් ජලය පෙරා ගන්න.
2.ඔබ තෝරාගත් තෙල් භාජනයකට දමා මද රස්නයෙන් රත්කරගන්න.
3. රත්වූ තෙල් භාජනයට කපාගත් කෝලිෆ්ලවර් ,කඩල සහ කැරට් එකතු කරන්න.
4.මදවේලාවක් තෙල් වල යන්තමින් බැදෙන්න අරින්න
5.ඉන්පසු ලුණු සහ තුනපහ මිශ්‍ර කරන්න.(ලුණු ඔබට අවශ්‍ය ප්‍රමාණයට යොදාගන්න)
6.සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. යොදාගත් එළවළු මොලොක් වන තුරු සහ කෝලි ෆ්ලවර් මද දුඹුරු පැහැ ගැන්වෙන තුරු තබාගන්න.
7.දෙහි යුුෂ, ඉගුරු, යෝගර්ට් සහ ගම්මිරිස් කුඩු බෝල් එකකට දමා මිශ්‍රණය කරන්න.
8.මිශ්‍ර කරගත් දෙහි යුුෂ, ඉගුරු, යෝගර්ට් සහ ගම්මිරිස් බෝල් එකට කෝලිෆ්ලවර් කඩල මිශ්‍රණය එකතු කර හොඳින් මිශ්‍රණය කරගන්න.
9.මෙම මිශ්‍රණය සඳහා ඔබ සූදානම් කරගත් කොත්තමල්ලි කොළ සලාද කොළ,බැදගත් රටකජු මෙන්ම ඔලිව් ගෙඩි ද එකතු කරගන්න.
අනතුරුව ඔබට පුළුවන් මෙය ඔබේ ආදරණීය අයට පිළිගන්වන්න. මේ සළාදය අතිශය පෝෂ්‍යදායි රසවත් සලාදයක් වනු නොඅනුමානයි.