වැරදි ආහාර රටා සහ අප විසින් ආහාර ලෙස ගනු ලබන අහිතකර විස කාරක හේතුවෙන් බෝනොවන රෝග රාශියක් සමාජයේ හිස ඔසවා ඇති අතර මේ මගින් වාර්ෂිකව මිය යන ජනයා ඇති විශාල අගයක් ගනී.
මේ වන විට කෘෂිකාර්මික වකුගඩු රෝගයෙන් පමණක් ලක්ෂයක පමණ පිරිසක් පීඩා විඳින අතර ඉන් විසිඅටදහසක් (28000) දෙනා මියයගාස් ඇත.
එසේම සෑම වසරකදීම පිළිකා රෝගීන් විසිපන්දහසක් (25000) දෙනා ජීවිතක්ෂයට පත්වන අතර පහළොස්දහසක් (15000) දෙනා අලුතෙන් රෝහල් වල ලියාපදිංචි වෙති.
අනෙකුත් බෝනොවන රෝග සේ ගැනෙන දියවැඩියාව, හර්දයාබාධ, අධි රුධිර පීඩනය ගබ්සා මළ දරු උපත්, ගැස්ට්රයිටිස් වැනි රෝගවලින්ද තවත් සැලකියයුතු පිරිසක් පීඩාවිඳි. නැතහොත් මරණයට පත් වෙයි.
තිරසාර කෘෂිකාර්මික වැඩපිළිවෙලක් රටතුළ ක්රියාත්මක කිරීමේ ජාතික වැඩසටහන වන ‘ධාර්මික ගොවිතැනක්, නීරෝගී ජනතාවක්, වස විස නැති රටක්’ මැයෙන් ක්රියාවට නැගෙන මෙම පාරිසරික ගොවිතැන් සංකල්පයෙන් කෘෂිකර්මාන්තය ඔස්සේ නිරෝගී ජනතාවක් බිහිකිරීම අපේක්ෂා කරයි.
එළඹෙන ජනවාරි මස පළමුවැනිදා නිවසේ ඉදෙන කිරිබත වස විස නැති සහලෙන් පිස එළඹෙන 2017 වසර ශ්රී ලංකාව "වස විස නැති රටක්" බවට පත්කර ගැනීමට ශ්රී ලංකික පුරවැසින් ලෙස අප කටයුතු කරමු.