lan englan tam

රොමෑන්ටික් සිනමාවේ ඩොපමීන් test එක!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Lakmina Ranasinge-

ක්ලැරන්ස් සහ ශීලා මහා රෑ සීතලේ වෑන් එකේ වහලෙ වාඩි වෙලා ගස් අතරින් හඳ දිහා බලාගෙන කරන රොමෑන්ටික් සංවාදය සහ ඊට පස්සෙ වහින සිද්ධියට සම කරන්න පුළුවන් රොමෑන්ටික් සීන් එකක් මම මෑතකදි සිංහල සිනමාවෙ දැකලා නෑ මිත්‍රවරුනි.

485153340 122129897594698665 8267312739273288587 n 2 

දමිත් සහ නිහාරි මාරම රොමෑන්ටික් මූඩ් එකකින් ඒ සීන් එක ප්ලේ කරන නිසා ultra pro max ඩොපමීන් සාගරේක අපි ගිලෙනවා.‍ එතෙන්දි ඒ දෙන්නගෙ කෙමෙස්ට්‍රි එක පේන ෆ්‍රන්ට් ශොට් තුන හතරකුත් තිබ්බනම් තවත් සුපිරි!

“ලාංකේය පශ්චාත් යටත්විජිත සමාජය, ප්‍රොතෙස්තන්ත බුද්ධාගමත්, වික්ටෝරියානු ආචාර්ය ධාර්මිකත්වයත් සමාජ සංස්ථිතියේ අඩිතාලම ලෙස පැවති මොහොතක...” වගේ හක්ක පූට්ටු වෙලා සුසුම්නාව ඉස්මොරොත්තාවට එන වචන, අර්ථ සහ අපභ්‍රංශ ක්ලැරන්ස් Rhythm of the Guitar ෆිල්ම් එකේ නෑ. මේ ෆිල්ම් එක; සත්‍ය චරිතයක ආදරණීය බව ඇසුරෙන් හැදුන, ඉතා සරල, ටිකක් ෆැන්ටසි පැත්තට බර මියුසිකල් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක; ක්ලැරන්ස් ගේ මියුසික්, මෙලඩි සහ පදමාලා වගේම හරිම සරලයි, සුගමයි, ලස්සනයි, ආදරණීයයි, හැඟීම්බරයි සහ සර්වකාලීනයි.

වෙන ෆිල්ම්ස්වලදි වෙන්නෙ ඒ ෆිල්ම් එක වෙනුවෙන් අලුතෙන් සින්දු හදන එක. සමහර වෙලාවට ඒ අලුත් සින්දු හිට් වෙන්නෙ නෑ. ඒත් මේ ෆිල්ම් එකට අරගෙන තියෙන්නෙ ක්ලැරන්ස් ගේ අතිශය ජනප්‍රිය සින්දු නිසා මේ සින්දුවලට ප්‍රේක්ෂකයින් අකමැති වෙයි කියන අවධානම කොහෙත්ම නෑ.

ඉතිං ක්ලැරන්ස් ෆිල්ම් එක මේ තරම් ජනප්‍රිය වෙන්න බලපාපු ප්‍රධානතම සාධකය හෙවත් ‘X’ Factor එක තමයි මේ සින්දු. ෆිල්ම් එක පුරාවටම ඒ මියුසික් සහ සින්දු එක්ක මික්ස් වුන විෂුවල්ස් අපිව ආදරයෙන් තුරුල් කරගෙන ඉන්න නිසා ෆිල්ම් එකේ සමහර තැන්වල තියන අඩුපාඩු, හිස්තැන් පවා ආදරණීය විදිහට වැහිලා යනවා.

 

 

මේ ෆිල්ම් එක මේ තරම් ජනප්‍රිය වෙන්න හේතු වුන ‘අරුම පුදුම මැජික් වට්ටෝරුව’ මොකද්ද කියලා බලන්න මම රසායනාගාර පරීක්ෂණයක්, ඒ කියන්නෙ lab test එකක් කළා. දැන් යමු lab test එකට…

ක්ලැරන්ස්ගේ ලස්සන සින්දු සහ ඒවා ඇතුලෙ තියන ලස්සන කතා ඇහෙද්දි අපේ මොළේ ‘ඩොපමීන්, සෙරටොනින්, ඔක්සිටෝසීන්, ඇන්ඩෝෆින්ස්’ සට පට ගාලා උත්තේජනය වෙනවා. අපි කැමති ආදරණීය සින්දු ඇහෙද්දි අපේ මොළයේ මේ ක්‍රියාවලිය වෙනවා කියලා CSF (Cerebro spinal fluid analysis) පරීක්ෂණවලින් පවා ඔප්පු වෙලා තියනවා. ඩොපමීන් රසායනිකය මූලික කරගත්ත මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට රොමෑන්ටික් බව, සරාගී බව, සතුට, තෘප්තිමත් බව, සන්සුන් බව, විශ්වසනීයත්වය, ආශ්චර්ය, නිදහස් බව, සාමකාමී බව, එකිනෙකා අතර බැඳීම් වගේ ලස්සන හැඟීම් මොළය ඇතුලෙ ඇතිවෙනවා.

ක්ලැරන්ස්ගේ මේ ලස්සන මියුසික්; අපේ 'හයිපොතැලමස්, පිටිටියුරි සහ අධිවෘක්ක' ග්‍රන්ථිවලට බලපාලා ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මානසික පීඩනයට හේතුවෙන මොළයේ රසායනිකයක් වන ‘කොටිසෝල්’ නිපදවීම අඩු කරනවා. ඉතිං මේ ෆිල්ම් එක, අපේ මනස ෆුල් රිලැක්ස් කරලා අපිව ෆැන්ටසි ලෝකෙකට අරගෙන යන මියුසික් තෙරපි එකක් මිත්‍රවරුනි. මොකක් හරි සිද්ධියක් නිසා අධික මානසික පීඩනයෙන් (PTSD: Post-traumatic stress disorder) ඉන්න අයගෙ මනස රිලැක්ස් කරන්නත් මේ වගේ මියුසික් තෙරපිවලට පුළුවන්.

දෙබස්වලට වඩා, සින්දුවක් ඇහෙද්දි අපේ මොළේ තියන ‘ඇමිග්ඩෙලා සහ හයිපොතැලමස්’ කියන කොටස් සක්‍රීය වෙලා අපේ අතීත මතක අවුස්සනවා. ක්ලැරන්ස්ගේ සින්දුවල තියෙන්නෙ ලස්සන කතන්දර. ඒ කතන්දරත් එක්ක අපේ පෞද්ගලික අතීත මතකත් මික්ස් වෙන නිසා ෆිල්ම් එකේ look & feel එක උපරිමයෙන් අපිට දැනෙනවා මිත්‍රවරුනි.

 

Clarence web 27

 

ආකර්ෂණීය කඩවසම් පෙනුමක් තියන Damith සහ සිනමාවට ගැළපෙන වීඩියෝජෙනික් ෆීචස් පිරුන නිහාරි හරිම ලස්සනට සහ දක්ෂ විදිහට මේ ෆැන්ටසි ෆිල්ම් එකේ කතාවට පණ දෙනවා. මේ ෆිල්ම් එකේ තියන දමිත් සහ නිහාරිගෙ දෙතොල් සිපගැනීමේ දර්ශන 100%ක් තාත්වික නැති වුනත්, ෆැන්ටසි mood එකකින් බැලුවොත් ඒ සිපගැනීම්වල අමුතුම රොමෑන්ටික් look & feel එකක් තියනවා.

La la land සහ Titanic ෆිල්ම්ස් සිංහලෙන් කළොත් ඒකට වඩාත් සුදුසු නිහාරි සහ දමිත් නේද කියලා ක්ලැරන්ස් බලද්දි මට හිතුනා. ඒත් රෝස්ගෙ චරිතෙ ඒ විදිහටම කරන්න නිහාරි කැමති වෙයිද දන්නෙ නෑ.

“දිග ඇක්ට් එකක් ඇතුලෙ එකකට එකක් වෙනස් හැඟීම්වල තියන විවිධ පරාස, ළඟ ළඟ චේන්ජ් කරන්න පුළුවන් විදිහේ මූලික හැකියාවක් නිහාරිට තියනවා” කියලා මේ ෆිල්ම් එකේදි මම දැක්කා. ඒ හැකියාව තවත් develop කරගත්තට පස්සෙ නිහාරිගෙ ඇක්ටින් හිතාගන්න බැරි තරම් ලෙවල් එකකට යයි.

දමිත්ගෙ රංගනයේ expressions සහ reaction දෙන්න ඕන සමහර තැන්වල දමිත්ගෙ මූණෙ blank space තිබුනා. ඒ වගේ සමහර තැන්වලදි දමිත්ගෙ ෆ්‍රේම් එකේ හිටපු Sarangaගේ දක්ෂ active රංගනය නිසා දමිත් බේරුනා. Saranga තමන්ගෙ act එකෙන් මාරම විදිහට මේ ෆිල්ම් එක ලස්සනට ඉස්සරහට අරගෙන යනවා.

ඉතිහාසය පුරා කඩවසම් සහ සුන්දර නළු නිළියන්ට ආපු පොදු පෞද්ගලික ප්‍රශ්නෙ මැනේජ් කරගෙන පරිස්සමෙන් ගමන ගියොත්, සිංහල සිනමාවේ පෙරළියක් කරන next icons දෙක වෙන්න නිහාරිට සහ දමිත්ට පුළුවන්.

සාරංග සහ දිනක්ෂිගෙ තරු ගුණයත් මේ ෆිල්ම් එකට ධනාත්මකව බලපාලා තියනවා. ෆිල්ම් එක රිලීස් වෙන්නත් කලින් ඉඳලම Dinakshie ට එල්ල වුන මඩ ප්‍රහාරවලට එයා තමන්ගේ රංගනයෙන් හොඳ උත්තරයක් දීලා තියනවා. අම්මා ගැන සින්දුව කියද්දි ඇස්වලින් කඳුළු වැටෙන තැන Dinakshie ගෙ ආංගික විනය සහිත සංවේදී passive act එකට මම මාරම පෙරේතයි.

දුර්ලභ ෆොටෝජෙනික් මූණක් තියන Ishanka, නපුරු බව සහ සුදු-කළු මිශ්‍ර හැඟීම් sharp විදිහට පෙන්නන්න පුළුවන් දක්ෂ නිළියක් කියලා මේ ෆිල්ම් එකෙන් ඔප්පු කළා. ෆර්නි, ශ්‍රීමාල්, චමිලා තමන්ගේ රංගන රාජකාරිය අකුරටම කළත් සමහර සෙසු චරිතවල රංගනයේ පොඩි පොඩි අඩුපාඩු තිබුනා.

Makeup artist හදලා දුන්න මූණුවල තියන glamour එක හොඳට මතු වෙන විදිහට කැමරා අධ්‍යක්ෂවරයා අඳුර සහ ආලෝකය හසුරවලා තියනවා. ගොඩක් කැමරා අධ්‍යක්ෂවරුන්ගේ හිත්වල තියන සමහර සිහින රූපරාමු මේ ෆිල්ම් එකේ යථාර්ථයක් වෙලා තියනවා.

කොස්ටියුම්වල (Lasantha) ෆැන්ටසි glamour එක කොච්චරද කියනවනම් මේකෙ කොස්ටියුම් පවා රඟපානවා කියලා මට හිතුනා. ආර්ට් (මංජුල අයගම), කැමරා (Ruwan Costa) සහ කොස්ටියුම් ඩිපාට්මන්ට් එකතු වෙලා ලොකේෂන් චීට් කරපුවා ඇතුළු එකිනෙකාගේ අඩුපාඩු වහගෙන, ultra pro max glamour එකක් මතුවෙන විදිහට සහයෝගයෙන් වැඩේ කරලා තියනවා. නිශ්චිත බජට් එකක් ඇතුලෙ මේ ලෙවල් එකෙන් ගේමක් ගැහුවා කියන්නෙ සුපිරි වැඩක් මිත්‍රවරුනි.

ඇහැට අමාරු 60/70 දශකයක් වෙනුවට, ඇහැට සනීප ‘modern 60/70 දශකයක්’ වර්ණ සංයෝජනයෙන් (Yashoda Dhanupama) මවලා තියන නිසා මේ ෆිල්ම් එකේ glamour එක තවත් වැඩි වෙලා තියනවා. මේ වර්ණ සංයෝජනය නිසා අපේ ඇස්වල තියන ආලෝකයට සහ වර්ණවලට සංවේදී ‘කේතු සෛල’ මිලියන 12කින් විතර ලස්සන ආවේග මොළයට යනවා. ඒ වර්ණ ආවේග සහ අර මියුසික් එකතු වෙලා අපේ මොළය ඇතුලේ මාර ආතල්බරිත සොමියක් ඇතිවෙනවා කියලා lab test එකෙන් ඔප්පු වුනා මිත්‍රවරුනි.

 

Clarence rhythm of the guitar review 2 w large

 

Elvis, Bohemian Rhapsody, Titanic, La la land ෆිල්ම්ස්වලට කිට්ටු කරන්න ක්ලැරන්ස් ෆිල්ම් එකට බෑ. ඒත් ක්ලැරන්ස් ෆිල්ම් එකේ look & feel එක නිසා කලින් කියපු ෆිල්ම්ස් මට මතක් වුනා. ක්ලැරන්ස් ෆිල්ම් එකේ ‘අරුම පුදුම මැජික් වට්ටෝරුව’ හරියටම හරි කියන්න ඒ මතක් වීමම ප්‍රමාණවත් මිත්‍රවරුනි.

 

මේ review එක ගැන අදහස් බෙදාගත්ත පහත නම් සඳහන් අයට ස්තූතියි

- ඡායාරූප ශිල්පිනී, Fashion Designer and Stylist Raffealla Fernando

- චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය Senesh Dissanaike Bandara

- මෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු පරීක්ෂා කළ, ගම්පොළ මූලික රෝහලේ ලේ බැංකු ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය Pandula Basnayake

- සිනමා සහ වෙළෙද දැන්වීම් කැමරා අධ්‍යක්ෂ Rangana Sb

- ගී පද රචක Manuranga Wijesekara

 

217650699 4757575867605043 4807348825720843340 n 1

 

සටහන - ලක්මිණ රණසිංහ

(මෙම සටහන "Lakmina Ranasinghe" ෆේස්බුක් පිටුව ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom