-Malintha Vithanage-
ලංකාවේ මිනිස්සු ගංවතුරවලින්, නායයැමිවලින් පීඩාවට පත්වෙලා රජයට දරාගන්න බැරි විදියට බිලියන ගාණක අලාබහානියක් වෙලා දැන් ටිකෙන් ටික සාමාන්‍ය තත්ත්වයට පත්වෙිගෙන යන මොහොතක් අපුරු චිත්‍රපටයක් බලන්න තෝරා ගත්තා. ඒ "Rebuilding" කියන හොලිවුඩ් චිත‍්‍රපටය.
Drama ශානරයේ වැඩක් විදියට හරිම ලස්සනට කතාව ගලාගෙන යන චිත‍්‍රපටයක්. චිත‍්‍රපටයේ අපිට හමුවෙන කථානායකයා වන ඩස්ටි (Dusty) කියන්නේ ඉතාමත් සරල ජීවිතයක් ගත කරන කව්බෝයි කෙනෙක්. තවත් සරලව කියනවා නම් ඔහු ගොපල්ලෙක්.

දරුණු ලැව්ගින්නක් නිසා තමන් සතු එකම වස්තුව වෙච්ච විශාල ගොවිපළ විනාශයට පත් වෙනවා. ඩස්ටි නැතිවුන දේවල් ගැන කණස්සල්ලට පත්වෙව් ඉන්නේ නැතිව ඔහු යම් උත්සාහයක් ගන්නවා නැවත ගොවිපොළ ගොඩනඟන්න. හැබැයි ඔහුට කිසිමකෙනෙක් මුදල් පැත්තෙන් උදව් කරන්නේ නැහැ. ඒ නිසාම තමන්ගේ බිරිඳ සහ පුංචි දුවත් එක්ක නැවත ජිවිතය ගොඩනඟාගන්න ගන්න උත්සාහය තමයි චිත‍්‍රපටයේ නිරූපණය වෙන්නේ.
"Rebuilding" චිත්‍රපටයේ ඩස්ටිගේ චරිතයට පණ පොවන නළු ජොෂ් ඕ'කොනර් (Josh O'Connor)
චිත්‍රපටයේ ඩස්ට් කියන චරිතයට පණ පොවන්නේ නළු ජොෂ් ඕ'කොනර් (Josh O'Connor) විසිනි. 2025 කියන්නේ ජොෂ්ගේ ස්වර්ණමය වසර. ජොෂ් ප්‍රධාන චරිතයෙන් හැඩ කරපු "The Mastermind" සහ "Wake Up Dead Man" කියන චිත‍්‍රපට දෙකම අති සාර්ථක වුණා. අපේ ජීවිතවලට ගොඩක් වෙලාවට නිදහස, සතුට නැති කරලා දුක, පසුතැවිල්ල, කණස්සල්ලට හේතුවෙන ආන්තරාදායක තත්ත්වයකට මුහුණපාන්න සිද්ධවෙන එක සාමාන්‍ය දෙයක්.

තමන්ට සිද්ධ වුණ කරදරය, විපත ගැන තවදුරටත් සිතමින් ඉන්නවට වඩා අලුත් ජිවිතයක් පටන් ගන්න යම්කිසි පන්නරයක් අවශ්‍යයි. ඒකට තනියෙන් බැහැ. මිනිස්සු ප්‍රමාණයක් අවශ්‍යයි. මානව සම්බන්ධතාවල වැදගත්කම ඉස්මතුවෙන්නේ මෙන්න මේ තැන්වලදි. මානව සම්බන්ධතා වැඩක් නැහැ කියලා තනියෙන් ගමනක් යන්න හදන හැම අවස්ථාවකදිම මිනිස්සුන්ට පාඩම් උගන්නන්නේ ස්වභාවධර්මයමයි.
සමහර දවස් තියෙනවා අත්හැරලම දාන්න හිතෙන. ඒත් කවමදාවත් ඔබ එහෙම නොකරන එක නිර්භීත වැඩක්. ඩස්ට් අවසානයේ කරන්නේ අන්න ඒ විදියේ නිර්භීත වැඩක්. ''Rebuilding" චිත‍්‍රපටය හොඳම චිත‍්‍රපටයක්. 2025 වසරට අදාළව බලපු ජීවිතයට වැදගත් චිත‍්‍රපටයක්.

සටහන - මලින්ත විතානගේ
(මෙම සටහන 'Malintha Vithanage' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)











