මෙවර ස්වර්ණ පුස්තක නිර්දේශ නාමාවලිය දුටු මට හිතේ කිසියම් කණස්සල්ලක් ඉපදුණේ නිර්දේශ වූ කෘතීන්ට වඩා අගනා බවක් දුටු කෘතියක් ඒ නාමාවලියේ නොදුටු නිසාය.
ඒ තරු රසීගේ දේශදෝහියාගේ නිර්මල හෘදය නම් වූ නවකතාවයි. කෘතියක් තේරීමට හේතුපාඨ ඇතත් නොතේරීමට ඇති හේතුපාඨ විමසීමද නිෂ්ඵල අතර මගේ මුවට මද සිනහවක් නැගුනේ කාලයක් අතුරුදහන්ව සිට යළි මතු වී පැමිණි දර්ශනා විජේතිලකද නිර්දේශයන් අතර සිටින නිසාය.
තරු රසී ට දර්ශනාට පුළුවන් බොහෝ දේ නොහැකිය. නික්ම නොයන්නෙමි නමැති දර්ශනාගේ කෘතිය කියවන්නකුට නිර්දේශය පතුලේ ඇති බොහෝ හේතු සාධක සොයා ගත හැකි වනු ඇත.
සම්මාන මල ඉලව් ගැන ලිවීමට අකමැති නමුදු මේ ගැන කුඩා සටහනක් තැබුවේ සාහිත්‍ය යනු එක් නිශ්චිත ආගමකට හෝ තෝරා බෙදා ගත් පන්තියකට කිසිදා අයත් නොවන බව හගවන්නටමය. නැතිනම් අතීත කාමය නිසා නොවේය.
සාරා