කසුන් චන්ද්‍රනාත් පතිරණ මුහුනුපොතේ මිතුරෙක් උවත් අපි කිසිම දිනෙක හමුවී නැත,විටින් විට මුහුමු පොතට නිර්මාණශීලි අදහස් එකතුකරන ඔහු විසින් චිත්‍රපටයක් නිර්මාණයකර ඇතිබවද දැනගත්තේද මුහුණු පොතිනි.එහි සදහන් කර තිබුනේද මෙච්චරකල් අනෙක් චිත්‍රපට වලටට බැන බැන හිටපු අපි දැන් චිත්‍ර පටයක් හදල බැනුම් අහන්න ලෑස්තිවෙන වෙලාව කියලයි. එනිසාම මේ චිත්‍රපටය බලන්නට තරංගනී සිනමා ශාලාවට ගිය පසු දක්නට ලැබුනේ විශාල පෝලිමකි . හදයාගේ පිහිටෙන් මට ලැබි ඇති සම්බන්දකම නිසා තරංගනී ශාලාවට රිංග ගැනීමට හැකිඋවත් ඒවනවිට එක හිස් අසුනක්වත් නොතිබුණු අතර බොහෝදෙනා බිමද ඉගෙන සිටින අයුරු දක්නට ලැබිණි.අවසානයේ මගේ මිතුරා බැල්කනියේ පිටුපස තිබෙන කුඩා ඉඩක පුටුවක් තබා දුන් නිසා මට චිත්‍රපටය නැරබීමට අවසථාව හිමිවිය.
'නයිට් රයිඩර්' චිත්‍රපටයේ නමයි
ශ්‍රී ලංකික සිනමාව තුල ත්‍රාසය (Thriller ) මුසුකොටගත් චිත්‍රපට නිර්මාණය වන්නේ ඉතාමත් අඩු වශයෙනි . 'නයිට් රයිඩර් වචනයේ පරිසමප්ත් අර්ථයෙන්ම Thriller වර්ගයේ චිත්‍රපටයකි. මුළු චිත්‍රපටයම දිවයන්නේ දේශපාලන පාතාලය විසින් ලුහුබදින මාධ්‍ය වේදිනියක් සහ ටැක්සි රියදුරෙකු වටාය.thriller චිත්‍රපටයක තිබිය යුතු නොනවතින උද්වේගකර බව දිගටම පවත්වාගෙන යාම මෙහි ඇති විශේෂත්වයයි මෙතෙක් ශ්‍රී ලංකාව තුල නිර්මාණය වූ thriller චිත්‍රපට වල මා දුටු දුර්වල ලක්ෂනය තමයි අතර මැද ඇදෙන සුළු සිදුවීම් නිසා උද්වේගකර බව (ත්‍රාසය)ගිලිහීයාම (උදා , චන්ද්‍රන් රත්නම්ගේ 'ජනේලය', චින්තන ධර්මදාසගේ 'ඇවිලෙන සුළුයි' ) එසේ නොවී කසුන්ගේ 'නයිට් රයිඩර්' චිත්‍රපටය සාර්ථක ලෙස එය ජයගෙන තිබෙන අයුරු කෙසේද යත් බොහො අවස්ථාවල මට van damme රගපාපු 'Hard Target' චිත්‍රපටය මතකයට නැගුණි .මෙහි එන අති ධාවනකාරී සිදුවීම් විවිධ කැමරා කෝණවලින් රුපගතකර ඇති අයුරු සහ ඉතාමත් දුෂ්කර කාර්යක් වන වේගවත්බව ස්වභාවික ලෙස රුපගතකිරීම පසක් කරදෙන්නේ නවක සිනමා කරුවෙකු තුල කලාතුරකින් දැකිය හැකි දක්ෂතාවයකි.
මෙහි චරිත සඳහා නළු නිලියන් තොරා ගෙන ඇති අයුරුද පැසසිය යුතු කරුණකි.නව පරපුරේ කුශලතාවය අතින් ඉහලම සිටින කලන ගුණසේකර විශිෂ්ට රංගනයක් මුළු චිත්‍රපටය පුරාම ඉදිරිපත් කරන අතර යුරේනි මෙන්ම ඉතා සුළු චරිතවලට පන පොවන නළු නළු නිලියන් පවා විශිෂ්ඨ රංගනයක යෙදෙන අයුරු දැකිය හැකිය. ඒ අතරින් මෑතක සිට දක්ෂ රගපෑම් කීපයක්ම ඉදිරිපත් කල ආනන්ද කුමාර ඉතා කුඩා කාල පරාසයක විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කරයි. කුමක් දෝ හේතුවකට පාතාල නායකයකගේ චරිතය සඳහා ප්‍රවීණ රංගධර මහේන්ද්‍ර පෙරේරා තෝරාගෙන තිබීම නිසා චිත්‍ර පටයේ තිබෙන නැවුම් බව ගිලිහුන ගතියක් මාහට දැනුනේ විවිධ චරිත වලින් ඔහු නිතර දැක තිබීම නිසා විය හැක.කෙසේ නමුත් අවසන් වශයෙන් කිව යුත්තේ කසුන්, වැඩේ අති විශිෂ්ටයි. කියාය
ප. ලි .චිත්‍රපටය පසු විපරමේදී විදර්ශන ප්‍රකාශ කලේ චිත්‍රපටය තුල කතා කරන රුපවාහිනී චැනල් එකක රියලිටි වැඩසටහනක් මෙන්ම දෙරණ මම චිත්‍රපට උළෙලද ගරිල්ලා මර්කටින් වැඩක් බවය . එයට පිළිතුරු දුන් කසුන් පැවසුවේ ඒ බව දැනගෙනම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලැබෙන නිසා මෙයට සහභාගී වූ බවයි . ඇත්ත වශයෙන්ම එය ගරිල්ලා මාර්කටින් වැඩක් . එහි සිටි සන්විධායකයින් හැසිරුනේද ගරිල්ලා ක්රමයටය. ආරාධනා පත් අරගෙන් පැමිණසිටි අය පවා අසුන් වලින් ඉවත්කර ශාලාවෙන් එලියට දමන අයුරු දැකගත හැකිවිය .
සටහන: අනුර දයාරත්න