ජෙනී ලී කියන්නෙ ඇමෙරිකා එක්සත් ජනපදයේ මෝස්තර නිරූපිකාවක්. ඒත් පස්සෙ 2009 වෙද්දි එයා ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ කාමුක නිළියන්ගෙන් එක්කෙනෙක්. එයා රගපෑවෙ අසභ්‍ය කෙටි චිත්‍රපටිවල. ජෙනී ලී ඇගේ මනබදින සිරුර වික්ක ලක්ෂ ගණන් මුදල්වලට එක්සත් ජනපදයේ අසභ්‍ය චිත්‍රපටි හදන සුප්‍රසිද්ධ Hustler සහ Penthouse ආයතනවලට. ඇය විවිධ මිනිස්සුත් එක්ක විවිධ ඉරියවිවලින් ලිංගික ක්‍රියාකාරකම් සදහා පෙනී හිටිය. ඒ මීට අවුරුදු 10 ට ඉස්සෙල්ල. ජෙනී ලී තමයි ඒ දවස්වල එක්සත් ජනපදයේ ජනප්‍රියම pone star.
ගිය සතියෙ එක්සත් ජනපදයේ වාර්තා වැඩසටහනක් කරමින් හිටිය ඕලන්ද රූපවාහිනියක් විසින්. රොස් කෙම්ප්ගේ එක්ස්ට්‍රීම් වර්ල්ඩ් කතා මාලාවේ කොටසක් ලෙස ඔවුනට අවශ්‍ය වුනා නිවාස අහිමි මිනිසුන්ගෙ වාර්තා වැඩසටහනක්. ඒකට එයාල හොයනව ලාස්වෙගාස්වල අමාරුවෙන්ම ජීවත්වෙන නිවාස අහිමි මිනිස්සුන්ව. එයාල තෝරගන්නව එක්සත් ජනපදයේ ලාස් වෙගාස්වල මළපහ පිටකරන මීටර් 300 ක් දිගැති උමං මාර්ගය. මේ මළපහ පිටවෙන උමං මාර්ගයේ පවා මිනිස්සු ජීවත්වෙනව.මේකේ ජීවත්වෙන්නෙ එක්සත් ජනපදයෙ නිවාස අහිමි පවුල්වල මිනිස්සු. එයාල අධික ලෙස මත්පැන් පානය කරන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුන පිරිස්. මේ රූපවාහිනී කණ්ඩායම ඒ එකිනෙකා අතර සම්මුඛ සාකච්ඡාවන් කරන අතරෙ දකිනව මේ සුප්‍රකට නිළිය ජෙනී ලීව. ඇයත් දැන් ජීවත්වෙන්නෙ මීයෙක් වගේ මේ අපවිත්‍ර උමං මාර්ගයේ.
නමුත් අපි ඇය ගැන මේකේ සටහන් කරන්නෙ ඇය ලක්ෂ ගණන් මුදල් උපයල ඇයි මේ තත්වෙට පත්වුනේ කියන එක ගැන නිසා නෙමෙයි. මේ තත්වෙට වැටිලත් ඇය කොන්ද කෙලින් තියාගෙන හිටගෙන ඉන්න නිසයි. තමන් කරගත්තු දේට තමන්ට වෙච්ච දේට හොටු පෙර පෙර අඩන්නෙ නැතිව ඇය රූපවාහිනිය ඉදිරියේ කතා කරන දේ නිසයි.
ඒ වගේම ඇය මේ අඳුරු හා ජරා භූගත ජාලය තුළ දරිද්‍රතාවයෙන් ජීවත් වුනත් ඇයට තවමත් ඉන්නව ඇගේ අන්තර්ජාල කාමුක නාලිකාවේ ග්‍රාහකයින් 45,000 ක්. එයා කිසි දවසක තමන් ඉන්න මේ තත්වෙන් ගොඩ ගන්න කියල එක පණිවිඩයක් සටහන් කරල නෑ. ඒ වගේම ඇය තවමත් කාමුක තරු ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවිවල ඉහළින්ම ලැයිස්තු ගත කරල තියෙන චරිතයක්.
ඇය රූපවාහිනියට මෙහෙම කියනව.
‘‘ මම ඉස්සර හරි උණුසුම් ඒක අතීතයට අයිති දෙයක්. නමුත් දැන් මට එහෙම බෑ එහෙම නෑ. ඒ වුනාට මම තවම හිනාවෙනව. ඒ වගේම ඔබලා හිතන තරම් මෙතැන ජීවිතය අපහසු නෑ. මම සතුටෙන් ඉන්නෙ. මට අවශ්‍ය හැම දෙයක්ම මෙතන තියෙනවා.”
‘‘ඔබට මේ අපවිත්‍ර උමගෙන් එලියෙ ජීවත්වෙන්න ලැබුනොත්” රූපවාහිනී මාධ්‍ය ශිල්පියා අහනවා.
‘‘ඇයි මොකටද මම හිතනව මගේ සැබෑම මිතුරො ඉන්නෙ මෙතන කියල. ඒ වගේම ඔබ දන්නවද ලිඛිත නොවු නීතියක් තියෙනව මෙහේ. අපි නොපෙනා තාක් කල් යහපත්ය.”
කෙතරම් කණගාටුදායක ද! ඇගේ හද කම්පා කරවන තත්වයෙන් මිදී නව අනාගතයක් සොයා ගැනීමට ඇයට හැකි වේ යැයි අපි ප්‍රාර්ථනා කරමුයි කියල රුපවාහිනී ශිල්පිය දර්ශනය නිමා කරනවා.
සටහන : උපාලි ජයසිංහ